කිසිම රටකට ලංකාවේ කඳවුරු බැඳීමට ඉඩක් නෑ
ඇමෙරිකාව පමණක් නොව ලෝකයේ වෙනත් කිසිම රටකට ලංකාව තුළ කඳවුරු බැඳීමට ඉඩ නොතබන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.
එසේම ඇමෙරිකා එක්සත් ජනපදයේ යුද හමුදාවට මෙරට තුළට පැමිණීමට හෝ මෙරට තුල කඳවුරු බැඳීමට හැකි වන පරිදි ගිවිසුමකට එළැඹි ඇති බවට ඒකාබද්ධ විපක්ෂය හා ඇතැම් පිරිස් රජයට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
මේ පිළිබඳව තමා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළ බවත් තම රජය ඇමෙරිකා එක්සත් ජනපදය සමග ගිවිසුමක් අත්සන් කර නොමැති බවත් එවැනි ගිවිසුමක් අත්සන් කිරීමට කිසිසේත්ම සූදානම් නොමැති බවත් රුවන් විජයවර්ධන මහතා පවසයි.
විශේෂයෙන් ජාතික ආරක්ෂාවට බලපෑමක් ඇතිවන අවාසිදායක ගිවිසුම් අත්සන් කිරිම රජය කිසිසේත්ම සූදානම් නොමැති බවත් කිසියම් ගිවිසුමක් අත්සන් කරන්නේ නම් එයආරක්ෂක ආමත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආරක්ෂක ලේකමස් විසින් සිදුකරන බවත් ඔහු පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව සමග මෙවැනි ගිවිසුමකට ඇමෙරිකා එක්සත් ජනපදය එළැඹි නොමැති බවට ශ්‍රි ලංකාවේ ඇමෙරිකානු තානාපතියද ප්‍රකශ කර ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

popular news
-
කෝලිත Thursday, 04 July 2019 05:23 PM
හම්බන්තොටත් විකුනුවෙ නෑ නේද....මහ බැoකුවේ මොකවත් වෙලත් නෑ නේද. බදුයුදීන් බබෙක් නේද....පරිබාහරන් මහත්තයෙක් නේද... මහින්දත් හොරෙක් නේද.....හා නැත්ද.....?
Reply : 0 0
Champa Thursday, 04 July 2019 05:28 PM
ඇයි නැත්තේ ඇමරිකන් තානාපතිනි කියන විදිහට වැඩේ හරි. අනික ACSA අත්සන් කළා ඒ හින්ද ලංකාව ඒ ගිවිසුම අනුව වැඩ කරන්න බැඳිලා ඉන්නවා කියල දයාසිරි කිව්වා. හැබැයි දයාසිරිට වැරදිච්ච තැනක් තියෙනවා. රටේ ඊළඟ නායකයා බැඳිලා නැහැ වහල් ආණ්ඩුව අත්සන් කරපු ACSA ගිවිසුම අනුව වැඩ කරන්න. එහෙම කොහොමද කියල දැන්ම කියන්නේ නැහැ. රටේ වාසනාවට ඊළඟ ජනාධිපති වෙන්නේ ගෝඨාභය නෙමෙයි. එහෙම නොවුන නම්, ඔය SOFA අලුත්ම නම VFA එක අද අත්සන් නොකරත් එදාට අත්සන් කරන්නේ ගෝඨාභය. ගෝඨාභය අත්සන් කරපු ACSA එක අද සාධාරණීය කරනවා වගේ, විමලුයි ගම්මන්පිලයි එදාට ගෝඨාභය අත්සන් කරපු SOFA/VFA එකත් සාධාරණීය කරයි. මේ තමයි ලංකාවේ දේශපාලනය. හොඳ අනගතයක් තිබ්බ තරුණ දේශපාලකයෝ දෙන්නක් අනිවාරතේ කිසි ප්‍රතිපත්තියක් නැති මිනිහෙක් අනාගත ජනාධිපති කරන්න හදනවා. ඒ මදිවට ඇමරිකන් ගිවිසුම් වලට එරෙහි වෙන්න ඕනේ වෙලාවේ වහබ් අන්තවාදයක් පස්සේ දුවනවා ගෝඨාභයට චන්ද අරන් දෙන්න. වැඩක් වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ ඒ ගොල්ලන්ට ඕනේ දේ නෙමෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

