පොහොට්ටු හා අත සන්ධානයේ නම එළිදක්වයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව සකස් කරන සන්ධානයේ නම ‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ‘ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන සඳහන් කරයි.
ලාංඡනය හා ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ මේ දිනවල දිනපතා සාකච්ඡා කරමින් තිබෙන බවත්, ඉදිරි සතියක කාලය තුළ බොහෝ තීන්දු තීරණ ගත හැකි බවත් එම සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
දෙපාර්ශ්වයම එකතු වී එක් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම පක්ෂ දෙකේම බලාපොරොත්තුව බවත්, එම බලාපොරොත්තුව මුල්කර ගනිමින් සාකච්ඡා සාර්ථකව පැවැත්වෙමින් තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.

popular news
-
batangala Thursday, 04 July 2019 05:30 PM
ශ්‍රීලංකා පොදුජන ,සමසමාජ පිවිතුරු ජාතික නිදහස් මෙකී නොකී අච්චාරු පක්ෂය කියල දැම්මනම් .මාරයි
Reply : 0 0
Kumar Thursday, 04 July 2019 10:06 PM
ඔය පක්ෂ එකතු වෙන්නේ ලංකාවේ මහජනයාගේ ජිවිත නංවන්න කියල හිතන්න එපා. ඒගොල්ලන්ට ඕන වෙලා තිබෙන්නේ දැන් පහත වැටී තිබෙන තමන්ගෙ අදායම් තත්වය යතාතත්වය පත්කරගන්නයි.
Reply : 0 1
sanhindiya Sunday, 07 July 2019 05:49 PM
අලින් අල වෙලා තිබෙන්නේ දැන් තමන්ගෙ අදායම් තත්වය යතාතත්වය පත්කරගන්නයි. ඔය අතේ මැද අලි පැටියෙක් ගහල එකේ උඩ චන්ද්‍රික මැතිනියගේ, සිරිසේන උන්නැහේගේ ඔලුව,මුහුණ ගැහුවා නම් අත පිරිසිදුය, පොහොට්ටුව පියකරුය සන්දානයට සත්‍ය එකතුවනු ඇත
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

