බොදුබලේ සමුළුව නැවැත්වීමට උලමා සංවිධානය කටයුතු කරන බවට චෝදනාවක්
ෙඑළැඹෙන 7 දා මහනුවරදී පැවැත්වීමට නියමිත "දැයට එකම රොදකට" ජාතික සංවිධාන රාශියක් එක්ව පැවැත්වීමට නියමිත සමුළුව නැවැත්වීමට උසාවි නියෝගයක් ලබා ගැනීමට ජමෙයිතුල් උලමා හා ඔවුන් හා සම්බන්ධ සංවිධාන රාශියක් හා යම් දේශපාලන නායකයින් කිහිප දෙනෙකු විසින් බොරු ප්‍රචාර කරමින් පොලීසිය නොමග යවමින් කටයුතු කරන බව බොදුබල සේනා සංවිධානය පවසයි.
එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් යොමුකරමින් මේ බව සඳහන් කරයි. එහි පිටපත් ජනපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට යොමුකර තිබේ.
මෙහිදී බොදු බල සේනා නායක හා මහ ලේකම් වන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව බොරු චෝදනා නගමින් කටයුතු කරන බවත් ඔහු නිකුත් කළ ලිපියේ දැක්වෙයි.
බොදු බල සේනා සංවිධානයට කිසිදු සම්බන්ධතාවයක් නොමැති සිද්ධි හේතු ලෙස ඉදිරිපත්කරමින් මෙම සමුළුව තහනම් කිරීමට වහාබ්වාදයට සම්බන්ධ පිරිස් කටයුතු කරමින් සිටින බවත් එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

