saravita-anim2

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

Latest News - timelapse 10660 hours ago

LATEST

රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති සතියක්

calendar_today 2019 ජුනි 25 - 15:55 remove_red_eye - 467  

රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ඵලදායීව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ සතියක් නම් කිරීමට රජය කටයුතු යොදා ඇත.

පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ අධ්‍යාපන අමාත්‍යාංශ වැඩපිළිවෙළට අද (25දා) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවේ මේ වන විට පොල් අතු හා මැටි වලින් සකස් කළ නිවාස ඇති බව තමා නොසිතන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

දැනට රැදවුම් නියෝග යටතේ රඳවා ගෙන ප්‍රශ්න කරන වෛද්‍ය ෂාෆි ෂිහාබ්දින් මහතා තමන් රඳවා ගැනිමෙන් තමන්ගේ මුලික අයිතිවාසිකම් උල්ංගනය වි ඇති බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික පෙත්සමක් ඉදිරිපත් කළේය.

Read More

සයිටම් සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දෙන ලෙස ඉල්ලමින් පවරා ඇති නඩුව සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් නොවු එම නඩුවේ වගඋත්තරකරුවන් වන වෛද්‍ය N .S .A සේනාරත්න මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් අභියාචනාධිකරණය වරෙන්තු නියම කළේය.

Read More

ප්‍රතිජීවක ඖෂධ පෙති 35ක් පානය කළ වෛද්‍යවරියක් අද 25 දා ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබේ .

Read More

කිලිනොච්චිය දුම්රිය ස්ථානය අසළදී අද (25දා) දහවල් යුද හමුදා ට්‍රක්රථයක් දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් සෙබලුන් 5 මිය ගොස් තවත් සෙබලුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි.

Read More

දඹුල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක නවාතැන්ගෙන ඊෂි කෑෂ් ක්‍රමයට මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරමක නිරත පුද්ගලයන් සිවුදෙනකු මත්කුඩු ද සමග සැකපිට අද (25) දින දඹුල්ල නගරයේ ස්ථාන හතරකදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අද එතුමට ආරාධනා කරන්නේ කජිගිස්තාන්, බලුගිස්තාන්, කසකස්තාන් වගේ රටවල්. මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙනාපු තැනටම අපේ රට ආපසු ගෙනාවා.

Read More

යාපනයේ නාවන්තුරේ ප්‍රදේශයේ පිහිටි මාතා කෝවිල ඇතුළු විශාල ඉඩම් ප්‍රදේශයක මුස්ලිම් වැසියන් පදිංචි කරවීමට පියවර ගෙන ඇතැයි කියමින් එයට විරෝධය පා දෙමළ වැසියන් පිරිසක් ඊයේ (24) දින විරෝධතාවයක නිරත වූහ.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව නිකුත් කර තිබූ සංචාරක මාර්ගෝපදේශ ලිහිල් කිරීමට එරට රාජ්‍ය දේපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

Read More

උතුරු පළාතේ මාර්ග බාධක රැසක් ස්ථානගත කිරීමට හේතු වී ඇත්තේ ප්‍රදේශයේ පවතින අරාජිකත්වය බවට උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.

Read More

ප්‍රකාශයක් ලබාදීම සඳහා අමාත්‍ය රවී කරුණානායක මහතාගේ දියනිව වන ඔනෙල්ලා කරුණානායක අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

Read More

මෛත්‍රීපාල සිරිසේන මහතා අද පොළොන්නරුවේ ජනතාව ශක්තිමත් කරන්න, ගොවියාගේ ආර්ථිකය, ජන ජීවිතය ශක්තිමත් කරන්න අවශ්‍ය සංවර්ධනය කරලා තියෙනවා. ඒ නිසා පොළොන්නරුවේ ජනතාව වාසනාවන්තයි යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ, විශේෂ බලකා පාඨමාලා අංක - 49 හැදෑරූ නිලධාරීන් 4 දෙනෙකු සහ සෙසු නිලයින් 315 දෙනෙකුගේ විසිරයාමේ උත්සවය ඉකුත් සෙනසුරාදා (22දා) උදෑසන මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ දී පැවැත්විණි.

Read More

මට තාම කැඳවිමක් ලැබිලා නෑ. කැඳවීමක් ලැබුණොත් අනිවාර්යයෙන්ම යනවා. ඒක මගේ යුතුකමක් හැටියට කරන්න අවශ්‍යයි.

Read More

ජනතාව අවධානයෙන් ඉන්න ඕන. මේ ප්‍රශ්නය මෙතනින් ඉවරයි කියලා හිතනවානම් ඒ හිතන මිනිහා නොම්මර එකේ මෝඩයෙක්

Read More

මේ මිනිස්සුන්ගේ ජිවිත නැති කරලා මොකක්ද ඔය හදන්න යන සුගතිපුරය. මිනී මරලා ස්වර්ග රාජ්‍යයට යන්න බෑ.නරකාදියෙත් ඉඩ නෑ ඒ වගේ අයට. ඔය වගේ ආගම් අදහලා වැඩක් තියෙනවද?

Read More

ආගමන විගමන නීති උල්ලංඝනය කළ 6,700ක් වගේ පිරිසක් ඉන්න බව වාර්තා වෙලා තිබෙනවා. මේ පිරිස පිටුවහල් කරන්න ඉන්න පිරිස නෙවෙයි. ඔවුන්ගේ වීසා කාලය සතියක් දෙකක් ඉක්මවූවන්.

Read More

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව සොයා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමේ විශේෂ කාරක සභා සභාව හමුවට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හෙට (26) දින කැඳවා සාක්ෂි විමසීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

පසුගිය වසරේදී ඉහළ දැමූ පොලිස් නිලධාරීන්ගේ සංයුක්ත දීමනාව ලබා ගැනීම සඳහා අධිකරණයේ නඩු පැවරීම අනුමත කරමින් පොලිස් නිලධාරීන් හැටපන්දහසක් ලිපි එවා තිබෙන බව පොලිස් ඥාති සංසදය සඳහන් කරයි.

Read More

රටට ඔබින, ජාතික මට්ටමෙන් නායකත්වයක් දෙන්න පුළුවන්, දේශපාලන පරිණතයෙක් තමයි එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More

කුලියාපිටිය ප්‍රාදේශිය සභාවේ බලය පිහිටුවීම සඳහා රිෂාඩ් බදියුදීන් මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා සම්බන්ධ කරගත්‘පොහොට්ටුව පක්ෂය’ ඒ මහතා වත්මන් ආණ්ඩුවේ ඇමතිකමක් දැරීම දේශද්‍රෝහි ක්‍රියාවකැයි පැවසීම තම වාසිය සඳහා කබරගොයා තලගොයා කර ගැනීමේ න්‍යාය අනුගමනය කිරීමක් බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

Read More

බලපිටිය අපිරිසුදු හෝටලයක් පවත්වාගෙන ගිය එහි හිමිකරු බලපිටිය මහේස්ත්‍රාත් සම්පත් එස් ගමගේ මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු අගෝස්තු දොළොස් වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය .

Read More

හැම කෙනාටම තම තමන්ගේ ආගමික ඇදහිලිවලට අනුව තම තමන් ජීවත්වන ප‍්‍රදේශවලට අනුව වෙන වෙනම ප‍්‍රධාන නීති පවත්වාගෙන ගියහොත් රටක් ඉදිරියට යන්නේ නෑ.

Read More

හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.එ.එම්. හිස්බුල්ලා මහතා ඉදි කර ඇති මඩකලපුව විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් සකස් කළ කමිටු වාර්තාව හෙට (25දා) පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Read More

හිටපු LTTE බුද්ධි සාමාජිකයින් තිදෙනා ඇතුළු පිරිසක් විසින් අත්අඩංගුවේ සිටි සෙබලුන් 26 දෙනා මුලතිව් විශ්වමඩු , වල්ලිපුනම් හි රහසිගත බුද්ධි කඳවුරකදී වෙඩිතබා ඝාතනය කොට සීනි සහ පෙට්‍රල් යොදා සිරුරු ගිනිතබා තිබූ බව ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයට දනුම් දුන්නේය.

Read More

එක් අයෙකුගෙන් රුපියල් මිලියන 500 බැගින් වන්දි ඉල්ලමින් අමාත්‍යවරයා මෙම නඩු ගොනුකර තිබේ.

Read More

ලංකාවේ දරුවන්ගෙන් මන්දපෝෂණය තුරන් කිරීම සහ ධාරණ ශක්තිය දැමීම සඳහා පෝෂණ ගුණයෙන් ඉහළ සහල් නිෂ්පාදනය කොට පාසැල්වල දරුවන්ට නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙළක් ලෝක ආහාර සංවිධානය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කොට ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරයා ජනතාවගේ අදහස් හරහා නොගනගන ජාතික ක්‍රීඩා ප්‍රතිත්තියක් වෙනුවෙන් අදහස් ලබාගැනීම මේන විට ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.