පාස්තු ඉරිදා ප්‍රහාරය වලක්වා ගැනිමට කටයුතු නොකිරිම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව වහාම අපරාධ විමර්ශනයක් ආරම්භ කරන ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට නියම කළේය.
අපි බලයට පත්වුණාම අනිවාර්යෙන්ම ස්ථාවර ආණ්ඩුවක් ගොඩ නගන්න බැරි මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා යැයි පා.ම ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
Read Moreවිදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි සිට මෙරටට රැගෙන ආ ශ්රීි ලාංකික ගුවන් මගීන් සිවු දෙනෙකු අද (24) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .
Read Moreශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය අනුව වඳ භාවයට පත්කිරීමේ දඬුවම් ලැබිය හැකි වරදක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.
Read Moreනිවසකට බෝම්බ ගසා රුපියල් ලක්ෂ 30ට අධික දේපළ අනර්ථයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත සිටින අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු සැකකරුවන් අටදෙනා ඇප මත මුදා හරින්නැයි නීතිඥයින් කල ඉල්ලීමක් සලකා බැලූ තඹුත්තේගම මහේස්ත්‍රාත් කේ.ඒ රමිලා නදීෂානි මහත්මිය සියලු සැකකරුවන් ලබන ජූලි මස 8 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අද (24) නියෝග කළාය.
Read Moreලංකා විදුලි බල මණ්ඩලය රුපියල් කෝටි 10000ක පමණ පාඩුවක සිටින බව විදුලි බල අමාත්‍ය රවී කරුණායක මහතා පවසයි.
Read Moreමේ සමෘද්ධිය දෙන්නේ ඡන්දේ ගන්න නෙමෙයි, එදා දේශපාලන අතකොලු බවට පත් නොවුණු නිසා සමෘද්ධිය නොලැබුණු මිනිසුන් වෙනුවෙන් බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කරයි.
Read Moreකෙසේ වෙතත් 19 (ව්‍යවස්ථා සංශෝධනයේ) හානිය එතුමට තේරුණ එක ගැන ස්තූතිවන්න වෙන්න ඕන. දැනුත් පරක්කු වැඩියි.
Read Moreමිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් නිල්වලා ගඟේ ජලය ශ්‍රීඝ්‍රයෙන් දුෂණය විමට පටන්ගෙන ඇති බව රුහුණු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච් .බි අශාන්ති මහත්මිය පවසයි .
Read Moreජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් තමන් අනිවාර්ය නිවාඩු යැවීම නීතිවිරෝධී බව සඳහන් කරමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජුලි මස 31 දා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24දා) තීන්දු කළේය.
Read Moreඉන්දුනීසියා මුහුදේ ඇතිවූ භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි තත්ත්වයක් ඇතිවීමේ බලපෑමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.
Read Moreජනතාවට සමෘද්ධි ආධාර ලබා දුන්නා කියලා ඔවුන්ගේ දුප්පත්භාවය නැති කරන්න සාර්ථක විසදුමක් වෙන්නේ නැහැ.
Read More’මේක සික්ස් පැක් (Six Pack) ගැන දෙයක් නෙමෙයි. මේක දක්ෂතාවය පිළිබඳව දෙයක්. ලසිත් මාලිංග තමන්ගේ දක්ෂතාව පෙන්වූවා.’
Read Moreනැගෙනහිර පළාතට අයත් මඩකලපුව දිස්ත්‍රික්කය තුළ පිහිටි විශාලම ස්තූපය හා එය පාදක කර ගනිමින් ගොඩනැගුණු ආරාම සංකීර්ණය කිසියම් පිරිසක් ඩෝසර් කර ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreකොළඹ සිට මඩකපුව බලා ධාවනය වන මගී දුම්රියට අද (24දා) අලුයම ගල්ඔය සුසාන භූමිය අසළ දී දුම්රිය මාර්ගය හරහා ගමන් කරම්න් සිටි ඇතින්නක්ට ගැටී මරණයට පත්ව ඇති අතර තවත් අලි පැටවෙක් බරපතල ලෙස තුවාල ලබා තිබේ.
Read Moreමෙවර ජනාධිපතිවරණයේදී වතුකරයේ ද්‍රවිඩ ජනතාවගේ සහාය හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ උරුමකරුවෙක් ඉල්ලනු ලබන්නේනම් ඔහුට ලබා දෙන බව විශේෂ ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් මහතා පැවැසීය.
Read Moreහොරණ නගරයේ මාර්ගවල ක්‍රියාත්මක තනි දිශාවට රථවාහන ධාවනය කිරීමේ නීතිය ඉවත් කරන මෙන් ඉල්ලා හොරණ ව්‍යාපාරික සංගමය සහ හොරණ නගරවාසීන් එක්ව විරෝධතාවක් අද (23) ආරම්භ කර ඇත.
Read Moreයාපනය නගර මධ්‍යයේ ව්‍යාපාරිකයෙකු විසින් අතුරු මාර්ගයක් අවහිර වන අයුරින් ගොඩනැගිල්ලක් ඉදිකර ඇතැයි කියමින් එයට විරෝධය පා වෙළඳසැල් හිමියන් ඇතුළු පිරිසක් ඊයේ (22) දින විරෝධතාවයක නිරත වූහ.
Read Moreබදුල්ල ෆාතිමා කාන්තා විද්‍යාලයේ අධීක්ෂණ රාජකාරි සඳහා පැමිණ ඇති අධ්‍යාපන නිලධාරීන් පිරිසක් එම විදුහලේ විදුහල්පතිනියගේ කාර්යාල කාමරයේ තිබූ පෞද්ගලික හා අභ්‍යන්තර ලිපිගොනු කීපයක් අනවසරයෙන් රැගෙන ගොස් ඇති බවට එම පාසලේ විදුහල්පතිනිය විසින් පළාතේ අධ්‍යාපන බලධාරීන් වෙතද පිටපත් සහිතව ඌව පළාත් ආණ්ඩුකාරවරයා වෙත ලිඛිතව පැමිණිලි කොට තිබේ.
Read Moreලෝක උරුම සීගිරි පව්ව ආසන්නයේ සිට කිලෝමීටර් එකහමාරක් පමණ දුරින් සීගිරිය අභය භූමියේ අක්කර දහයක පමණ පුරා විහිදී ඇති ඓතිහාසික නටඹුන් සහිත භූමියක් මේ දිනවල නිදන් හොරුන්ගේ ග්‍රහණයට නතුව විනාශ වෙමින් පවතී.
Read Moreඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂ පාට නොසලකා ඉන්දීය සම්භවයක් ඇති වතු කම්කරු ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් ලබාදීමට ගිවිස ගන්නා අපෙක්ෂකයෙකුට සහාය දැක්වීම සඳහා දමිළ ප්‍රගතිශිලි සන්ධානය සාකච්ඡා කරමින් සිටින බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී , දමිළ ප්‍රගතිශිලි සන්ධානයේ උපසභාපති සහ කඳුරට ජනතා පෙරමුණේ දේශපාලන අංශයේ නායක ඒ. අරවින්ද කුමාර් මහතා පවසයි.
Read Moreනිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යහපත් පාලනයක් ඉදිරියේ දී රට තුළ ඇති කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 සහ 19 වන සංශෝධනයන් අහෝසි විය යුතු බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැවසීය.
Read More2005 සිට 2019 දක්වා වැඩිම ආණ්ඩුවේ ආයෝජන සිදුවෙලා තිබෙන්නේ හම්බන්තොටට බවත් ඒත් හම්බන්තොට දරුවෝ මන්ද පෝෂණයෙන් මිය යන බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
Read Moreරටේ ප්‍රධාන වාහකයා බවට මාධ්‍ය පත්ව ඇති බවත් ප්‍රවෘත්තිය කියවිමට පෙර මාධ්‍ය ආයතනය කියවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පැවසිය.
Read Moreප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රාණි විජේබණ්ඩාර මහත්මිය අද (23) අභාවප්‍රාප්ත වී ඇත.
Read Moreඅද දින (23) පෙරවරුවේ ශ්‍රී දළඳා මාළිගාව වෙත ගිය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැද ආශිර්වාද ලබා ගත්තේය.
Read Moreමොරගහහේන ගෝනපොළ නාගහගොඩවත්ත පාර අසළ පාලු ඉඩමක දමාගොස් තිබූ කල් ඉකුත් වූ ඖෂධ තොගයක් සොයාගත් බව මොරගහහේන පොලීසිය පවසයි.
Read Moreනීතිවිරෝධී ලෙස සකසන ලද ව්‍යාජ ඛනිජ වැලි බලපත් 7ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (22) රාත්‍රීයේ වැල්ලවාය නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකණ්ඩායම් රැස්වීමේදි මහින්ද මහත්තයාගේ එහා පැත්තෙන් වාඩිවෙලා ඉන්නේ කවුද නිමල් සිරිපාල ද සිල්වා මහත්තයා ඉස්සර ඉන්නේ කවුද ඩිලාන් පෙරේරා මහත්තයා . දැන් මේ කුමාර වෙල්ගම ටිකක් පිටුපස්සෙන් ඉන්නේ .ඉස්සරහ හිටපු කුමාර වෙල්ගම මහත්තයා දැන් ඉන්නේ පිටුපස්සේ. මේක තමයි ඇත්ත යනුවෙන් පා.ම කුමාර වෙල්ගම මහතා පැවසීය.
Read Moreඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය මහත්තයාද කවුද ඉදිරිපත් කරන්නේ කියන එක එයාලගේ වැඩක්, හැබැයි අවසාන වෙන කොට ගෝඨාභය මහත්තයටත් අපේක්ෂකත්වය දෙන්නේ නෑ යැයි කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා පැවැසීය.
Read More