අර්ජුන ගොනුකළ අපහාස නඩු විභාග කරයි
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති නායකයින් තිදෙනකුට එරෙහිව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කොළඹ දිසා අධිකරණයේ පැවැරූ අපහාස නඩු තුනක් විභාග කිරීමට කොළඹ දිසා අධිකරණය අද (24දා) තීන්දු කළේය.
ඒ එම අපහාස නඩු අද කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති නායකයින් වූ ජාතික සේවක සංගමයේ සභාපති උදේනි කළුතන්ත්‍රි, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ, සුහද සේවක සංගමයේ සභාපති ලාල් බංගමුව යන අයට විරුද්ධව එම අපහාස නඩු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් පවරා තිබිණ.
එක් අයෙකුගෙන් රුපියල් මිලියන 500 බැගින් වන්දි ඉල්ලමින් අමාත්‍යවරයා මෙම නඩු ගොනුකර තිබේ. නඩුව නැවතත් එළැඹෙන ඔක්තෝබර් මස 9 දා විභාගයට ගැනීමට නියමිතය.

popular news
-
kapila Monday, 24 June 2019 11:12 PM
දේශපාලුවෝ හැම එකාම වන්දි ඉල්ලලා එන්තරවාසි යැව්වට මෙතෙක් කල් එක නඩුවයි අපි දැක්කේ. එකියන්නේ අර්ජුන මහත්තය විතරයි සැබෑ පුද්ගලයා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

