saravita-anim2

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

Latest News - timelapse 10652 hours ago

LATEST

මේ වසරේදී හෙරොයින් කිලෝ 1029 අත්අඩංගුවට

calendar_today 2019 ජුනි 27 - 11:21 remove_red_eye - 137  

මේ වසරේ ගතවූ මාස 7කට ආසන්න කාලයේදී හෙරොයින් කිලෝ 1029ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

තව සති කිහිපයක් තුළ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් ඒකාබද්ධ විපක්ෂයත් පොදුජන පෙරමුණත් එක්ව අලුත් සන්ධානයක් ගොඩනගන බවද එහිදී ජනාධිපති අපේක්ෂකත්වය එක් පක්ෂයකටද අනෙක් පක්ෂයට අගමැති අපේක්ෂකත්වයද ලැබිය යුතු යැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සඳහන් කරයි.

Read More

පොදුජන පෙරමුණ මැතිවරණ කටයුතු ආරම්භ කළ බව එම පක්ෂය නිවේදනය කරයි. ඒ අනුව ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව කටයුතු කිරීමට දේශපාලන පක්ෂ ගණනාවක් මේ වනවිට සිය එකඟතාව පළ කර ඇති බවත් පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

මුල්ලේරියාව පොලිස් වසමේ ගල්හේන පාර ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්යය බලකායේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් අනුව බලපත්‍ර නොමැති සන්නිවේදන මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබේ.

Read More

පෙළපොත් මුද්‍රණයේදී අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඡායාරූපය හා ප්‍රකාශය ඇතුළත් කිරීම නිසා රුපියල් කෝටි දහසයක මුදලක් අමතරව වැය වී තිබෙන බවට සිදුකරන ප්‍රකාශ ප්‍රතික්‍ෂේප කරන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.

Read More

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ ඉඩ කඩ ඇත්තේ 11000ක පිරිසකට වුවත් බන්ධනාගාර තුළ රඳවා ඇති සංඛ්‍යාව 24000ක් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

Read More

රොන් මඩ ඉවත් කිරීම හා සෝදා හැරීම මගින් බේරේ වැව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය රුපියල් මිලියන 800ක ආයෝජනයක් සහිතව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

මැතිවරණ ඉලක්ක කර ගනිමින් රටේ ජන කොටස් අතර නොසන්සුන්තාවයන් ඇතිවන වෛරී ප්‍රකාශයන් ඇතැම් දේශපාලනඥයන් විසින් සිදු කළ ද රටේ සෑම පුරවැසියෙකුගේම ගරුත්වය සහ ආරක්ෂාව තහවුරු කෙරෙන වැඩපිළිවෙළ රාජ්‍ය නායකයා ලෙස තමා ක්‍රියාත්මක කර තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.

Read More

එක්සත් ජාතික පක්‍ෂයේ රටට එරෙහි ක‍්‍රියා පිළිවෙත නිර්භයව පෙන්වා දුන් අස්ගිරි මහනාහිමියන්ට මේ විදියට පොලිස් පැමිණිලි ඉදිරිපත් කෙරෙන කොට මංගල සමරවීරලා කාදිනල්තුමන්ට එරෙහිව වතිකානුවට පැමිණිලි ඉදිරිපත් කරනවා.

Read More

ජාතික කිරි මණ්ඩලය හෙවත් මිල්කෝ මැයි මස අලෙවිය මිලියන 900 ඉක්මවා ඇති බවත්, තවදුරටත් දෛනික යෝගට් නිෂ්පාදන තීව්‍ර කරන ලෙස කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

Read More

මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට අද (26දා) දිනය දක්වා දුම්රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 212 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව දුම්රිය ආරක්‍ෂක අංශය පවසයි.

Read More

විවිධ චෝදනා සහ විරෝධතා එල්ල කරමින් තමා වැරදිකරුවෙකු ලෙස සමාජයට පෙන්වීමට කුමන ආකාරයේ උත්සාහයන් ක්‍රියාත්මක වුවද රට වෙනුවෙන් කළයුතු කාර්යයන් කිසිසේත් අතපසු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

සංවර්ධනයේ ලොකුම බාධාව උග්‍ර වාහන තදබදය බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

Read More

එසේම මිය ගිය පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් මිලියනයක් සහ තුවාල ලැබූ පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක උපරිමයකට යටත්ව වන්දි මුදලක් ගෙවීමට ද, හානියට පත් දේපළ සඳහා වන්දි මුදල් ගෙවීමටත් රජය කටයුතු කරමින් සිටියි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරය ලැබුණ දින සිට බොහෝ ගැටලුවලට මුහුණදීමට සිදුව තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

Read More

රගර් ක්‍රීඩක මොහොමඞ් තාජුඞීන් ඝාතනයේ තොරතුරු සැඟවු බවට චෝදනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහි නඩුව අද (27) කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ කැඳවනු ලබන හෙයින් එම අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් අනුර සේනානායක මහතාට සිතාසි නිකුත් කරනු ලැබ ඇත.

Read More

ජපානයේ නව රැකියා අවස්ථා සම්බන්ධයෙන් ඒ ඒ විෂයට අදාළව සුදුසුකම් හා පටිපාටිය ඉදිරියේ දි දැනුම් දෙන තුරු කිසිදු තැරැව්කාරයෙකුට හෝ ආයතන වලට හසුනොවී කටයුතු කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

Read More

කියුබාවට දැඩි හානි ගෙන දෙමින් මේ වසරේ ජනවාරි මස ඇතිවූ සුළි කුණාටුව හේතුවෙන් හානියට පත්ව ඇති හවානාහි රෙග්ලා ආශ්‍රිත ගම්මානයක් ප්‍රතිසංස්කරණය සඳහා ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් 50000ක (රුපියල් ලක්ෂ 89ක් පමණ) පරිත්‍යාගයක් කිරීමට නියමිතව තිබේ.

Read More

තම පදනම වසරකට අසරණ ජනතාව ලක්ෂ පහකට පමණ තම කුසගින්න නිවා ගැනීමට උපකාර කර ඇති බවත් එහිදී ජාතිය හෝ ආගම පිළිබඳව නොසැලකූ බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Read More

ඡන්ද කාලෙට විතරක් ජනතාව ගැන හිතලා, අඬලා වැඩක් නැති බව විදුලිබල ,බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තුවට දාන්න යන ඉඩම් පනතෙන් රටේ ඉඩම් පුද්ගලික අංශයේ ඕනම කෙනෙකුට ගන්න පුළුවන්.

Read More

ජනපතිවරණය කල් දැමීමට ඉඩ ලබානොදෙන බවත් ජනපතිවරණය ජයගත හැකි අපේක්ෂකයෙක් තෝරා ගන්නා බවත් හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

කලමැටිය ධීවර වරායේ අද අලුයම ඇතිවූ ගින්න පිළිබඳව සොයා බැලිමට තමන්ගේ නියමය පරිදි විශේෂ විමර්ශනයක් ආරම්භ කර බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කර ඇති පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාක්ෂි දීම ලුතිනන් ජනරාල් මහේ්ෂ් සේනානායක මහතා ආරම්භ කළේය.

Read More

උඩුනුවර ප්‍රාදේශිය මහ ලේකම්කාර්යාලයේ සේවිකාවන් දෙදෙනෙක් රජයේ චක්‍රෙලේඛන වලට විරුද්ධව කටයුතු කිරීමට එරෙහිව එම ලේකම් කාර්‍යාලයේ සියලුම නිලධාරින් අද (26දා) සේවය සඳහා සාමාන්‍ය ඇඳුමින් සැරසී රාජකාරි සඳහා පැමිණ සිටියේය.

Read More

මුලතිව් පුදුමාතලන් ප්‍රදේශයේ නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලිමකදි දුර්ලභ වූ මෝර වරල් කිලෝ 854 ග්‍රෑම් 300ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරන බව ප්‍රවාහන බලධාරීන් සඳහන් කළත් ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් සතියකට වරක් පැය 24ක වැඩ වර්ජනයක් සිදුකරන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු කර තිබෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

පාස්කු ඉරිදා සිදු වුන ඛේදවාචකයේ දුක් කඳුලු වේදනාව අපිට දැණුනද රට කරවන බලධාරින්ට නොදැනෙන බවත් මාස දෙකක කාලයක් ගතවීත් මෙම ඛේදවාචකයට වගකිය යුතු පිරිස් හඳුනා ගැනිමට හෝ දඬුවම් ලබා දීමට නොහැකිවිම රටේම අවාසනාවක් බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය.

Read More

පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ ඉදිකළ මාදුළුවාවේ සෝභිත නාහිමි පිළිරුව සහිත අනුස්මරණ ස්මාරකය ඊයේ (25දා) විවෘත කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.