අපිරිසිදු හෝටලය නිසා හිමිකරු සිපිරිගෙට
බලපිටිය අපිරිසුදු හෝටලයක් පවත්වාගෙන ගිය එහි හිමිකරු බලපිටිය මහේස්ත්‍රාත් සම්පත් එස් ගමගේ මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු අගෝස්තු දොළොස් වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය .
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ කරන්දෙණිය මහා ඒදණ්ඩ ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක් පවත්වාගෙන ගිය වීරයියා අරුමුගම් නැමැත්තෙකි .
ඔහුගේ හෝටලය තුළ අපිරිසුදු බඳුන් තබා ගැනීම උයනගෙට සමීපව වැසිකිළිය තිබීම හෝටල් පරිශ්‍රයේ තැන තැන අපිරිසිදුව පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් මීට පෙරද චෝදනා එල්ල වී තිබූ අයෙකි.
ඔහුගේ එම පෙර වැරදි සමග පසුගියද12 දා ඔහුගේ ශිතකරණය තුළ පිසින ලද ආහාර ද්‍රව්‍ය සමඟ අමුවෙන් සකස් කරන ලද ආහාර ද්‍රව්‍ය ද තැන්පත් කොට තිබීම නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලදී .
කරන්දෙණිය දිස්ත්‍රික් වෛද්‍ය T.පුනිත් මහතාගේ උපදෙස් පිට මහජන සෞඛ්‍ය පරීක්ෂක L.L. චින්තක මධුරංග මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
