saravita-anim2

2025 අගෝස්තු මස 10 වන ඉරිදා

2025 අගෝස්තු මස 10 වන ඉරිදා

Latest News - timelapse 10224 hours ago

LATEST

රාජ්‍ය සේවක තිරුබදු වාහන බලපත්‍රයේ බාධා ඉවත් කරනවා - මංගල

calendar_today 2019 මාර් 12 - 22:34 remove_red_eye - 1419  

රාජ්‍ය සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට හිමි තිරු බදු වාහන බලපත්‍රයට රජය එක්කළ බාධා ක්‍රමයෙන් ඉවත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පවසයි.

මන්නාරම වැලිපර හතර ප්‍රදේශයේ මුහුදු තීරයේ උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (11) දින සිදු කල සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී බීඩි කොළ කිලෝ 751 ග්‍රෑම් 94ක ප්‍රමාණයක් සොයාගෙන ඇත.

Read More

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය කොළඹ නගර සභාව ඉදිරිපිටදී පැවැත්වෙන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා පැවසීය.

Read More

ආණ්ඩුවේ වැරදි ක්‍රියා කලාපය නිසා රටේ සියලු ප්‍රශ්න විසඳන්න ඉදිරිපත් වෙන්නේ ඇමෙරිකාව හෝ යුරෝපයේ රටවල් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

මේ වසරේදී ‌‌කොතරම් මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇත්දැයි යන්න හැකියාවක් පවතීනම් හෙළි කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මහ බැංකු අධිපතිට අභියෝගයක් එල්ල කළේය.

Read More

යුද සමයේදී මෙරට සිදු වූවා යැයි කියවෙන යුද අපරාධ සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සලය විසින් මෙරට ජාත්‍යන්තර පරික්ෂණයක් කළ යුතු බවත් දෙමුහුන් අධිකරණ ක්‍රියාවලිය තුළින් යුද අපරාධකරුවන්ට දඬුවම් ලබාදිය යුතු බවට පවසමින් අද (12) යාපනය විශ්වවිද්‍යාල සිසුහු විරෝධතා පාගමනක නිරත වූහ.

Read More

ඉන්ධන මිල සූත්‍රය අනුව අද (12දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් ඉදිරිපත් කළ යෝජනාවලියට ශ්‍රී ලංකාව සමඅනුග්‍රහය දක්වා ඇති බව ජගත් දේශප්‍රේමී සංසදය නියෝජනය කරමින් ජනීවා නුවරට ගොස් තිබෙන මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

Read More

මත්ද්‍රව්‍ය ව්‍යාප්තියෙන් තොර, පාතාල කල්ලිවල නීතිවිරෝධී බලයට යට නොවන අනාගතයක් සහ විනයානුකූල, සංවර්ධිත රාජ්‍යයක් ගොඩනැගිය හැකි ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපති කරවීම ජනතා අභිලාෂය වී ඇති බවත් ඒ ජනතා අභිලාෂයට පයින් ගසන්නන් ජාතියේ සතුරන් මිස වෙන කවුරුන්දැයි ජානිපෙ නායක විමල් වීරවංශ මහතා ප්‍රශ්න කර සිටියි.

Read More

අයවැය දෙවැනි වර කියැවිමට අදාළ ඡන්ද විමසිම වැඩි ඡන්ද 43 සම්මත විය.

Read More

සේනා දළඹු හානිය පැවැතියත් මේ වසරේදී වාර්තා ගත බඩ ඉරිඟු අස්වැන්නක් ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

Read More

වීරකැටිය මැදමුලන ඞී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කළේයැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ විභාග කිරීම වළකාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් පවරා ඇති නඩුව ලබන 26 වැනිදා සළකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

Read More

ලන්දේසි වත්මන් නෙදර්ලන්තය පාලන කාලය තුළදී ඔවුන් ශ්‍රී ලංකාවෙන් සොරකම් වස්තූන් යළිත් ශ්‍රී ලංකාව වෙත ලබාදිමට වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව නෙදර්ලන්ත මාධ්‍ය වාර්තා කරයි.

Read More

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කිරිල්ලවලදි පදික මාරුවක ගමන් කළ කාන්තාවක් රිය අනතුරකට ලක්කර ජීවිතක්ෂයට පත්කිරීම හේතුවෙන් ප්‍රසිද්ධ කලා ශිල්පියෙක් වන ජනනාත් රංගන වරකාගොඩ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත තිබේ.

Read More

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කල තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වන ලද බවට පාර්ලිමෙන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව ලබන අප්‍රේල් මස 24 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතාට අද (12) නියම කළේය.

Read More

වැටුප් විෂමතා ගැටලුවලට විසඳුම් ලබා දීමට සියලු කටයුතු සූදානම් කර ඇති මොහොතක එය තම වෘත්තීය සංගම්වල ජයක් ලෙස පෙන්වා ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් නොමඟ යැවීමේ උත්සාහයක සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

Read More

වැටුප් ගැටලු හා තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් අද (12දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව නවතා දැමූ බව දුම්රිය එංජින් රියදුරු සංගංමය සඳහන් කරයි.

Read More

ඔස්ට්‍රේලියානු ඒකාබද්ධ කාර්ය බළකාය සිය ඉන්දු පැසිෆික් අභ්‍යාසය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව බලා ගමන් අරඹා තිබේ.

Read More

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් වූ ඒකාබද්ධ යෝජනාවට සහාය දැක්විමෙන් ශ්‍රී ලංකාවට ඉවත්විය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

Read More

විදුලි බලාගාර ආශ්‍රිතව ජලාශයන්ගේ ජල මට්ටම දිනෙන් දිනෙම අඩු වේගෙන යනවා. ඒ නිසා අපි තාපබලාගාර යොදා ගනිමින් තමයි කටයුතු කරන්නේ. ඒ නිසා අරපරිස්සමෙන් විදුලිය පාවිච්චි කරන්න කියලා මම අපේ ලක්ෂ 65ක් පමණ වූ විදුලි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

මාස 5 කාලයක් සඳහා ජනපති වැය ශීර්ෂයට රුපියල් බිලියන 13.56ක් මෙවර අයවැයෙන් වෙන් කිරීම ගැටලු සහගත කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.

Read More

කොග්ගල ප්‍රදේශයේ හෝටලයක කාමරයක නවාතැන්ගෙන සිටි ජර්මන් ජාතිකයෙක් හෝටලය තුළ මියගොස් සිටියදී ඊයේ (11) පස්වරුවේ සොයාගත් බැව් හබරාදුව පොලීසිය පවසයි.

Read More

එංගලන්තය, කැනඩාව, ජර්මනිය, මොන්ටෙනෙග්‍රෝ, උතුරු මැසඩෝනියාව හා උතුරු අයර්ලන්තය යන රටවල් ඒකාබද්ධව මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

Read More

කළුතර උතුර පොලිස් වසමේ 2.25 වන දින සංචාරක හෝටලයක් තුළදි අලෙවි කිරිමට රැගෙන විත් තිබු රු.ලක්ෂ 65ක් වටිනා මැණික් ගල් 3ක් කොල්ලකෑම සම්බන්ධයෙන් කළුතර දිසා අපරාධ නිලධාරීන් විසින් සිදු කර විමර්ශනයේදි සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට හැකි වි තිබේ.

Read More

2019 අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරිමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරු තීරණය කර තිබේ.

Read More

උඩරට වතුකරයට මාස කීපයක සිට පවතින අධික වියළි කාලගුණික තත්ත්වය නිසා ජල උල්පත්, ජලාශ, ගංගා, වැව් හා දියඇලිවල ජලය අඩුවීමේ අවධානමක් මතුව ඇතැයි උඩරට පරිසර සංගම් නියෝජිතයෝ පවසති.

Read More
OIC 56කට මාරු
12 03 2019 12:21:00
0 456

පොලිස් ස්ථානාධිපතිවරුන් 56ක් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් සිදුකිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

Read More

වත්මන් ආණ්ඩුව රට ගැටලුවකට පත් කර ඇති බව සඳහන් කරමින් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා වත්මන් ආණ්ඩුව යටතේ ආර්ථිකයට සිදුවූ ගැටුල 23ක් ඉදිරිපත් කළේය.

Read More

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට හා හිටපු කැබිනට් මණ්ඩලයට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට පැමිණිලි පාර්ශ්වය අද කටයුතු කළේය.

Read More

ශ්‍රී ලංකාවේ සංවර්ධනය අඩාල කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව බව අමාත්‍ය රවී කරුණායක මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.