මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලබාදීම වෙනුවෙන් රුපියල් 400ක් අයකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
අයවැයට විරුද්ධව මුලින්ම ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තිරණය කළත් පසුව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තිරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.
Read Moreඅන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීම සඳහා පාර්ලිමේන්තුව වට රවුම ආසන්නයේදි පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
Read Moreආරෝහක යන්ත්‍ර (Elevators) හා විදුලි සෝපාන යන්ත්‍ර (Escalators) සඳහා විද්‍යුත් ආරක්‍ෂාව පිළිබඳ සහතික ලබා ගැනීමට අවශ්‍යතාව ඇතිකිරීම සඳහා කැබිනට් මණ්ඩල අවධානය යොමුව තිබේ.
Read Moreඅයවැය මගින් 2019 වර්ෂය සඳහා ජනාධිපතිවරයා වෙනුවෙන් මුදල් වෙන්කරන ලද ජනාධිපති වැය ශිර්ෂය ඡන්ද විමසීමකින් තොරව සම්මත කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි ජනාධිපති වැය ශිර්ෂය ඡන්ද විමසීමකින් තොරව අද (13දා) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
Read Moreකොළඔ කොටුවේ සිට ධාවනය වන දුම්රිය ගමනාගමනයන් අද දින(13) ප්‍රමාද වි ධාවනය වේ.
Read Moreධිවර වරායන් ආශ්‍රිතව ශීතාගාර සහ අයිස් නිෂ්පාදන කර්මාන්ත ශාලා පහසුකම් කඩිනමින් සැලසීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය .
Read Moreරාජ්‍ය ආයතන පරිශ්‍ර තුළ බුලත්විට, දුම්කොළ සහ පුවක් ආශ්‍රිත නිෂ්පාදනය, භාවිතය හා විකිණීම තහනම් කිරිම සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුමැතිය හිමි වී ඇත.
Read Moreඅන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහිල් බණ්ඩාර සිසුවා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු වට රවුමේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
Read Moreජනාධිපති අපේක්ෂකයෙකු ලෙස නම් කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඉදිරිපත් වීම අනෙකුත් නායකයන්ටද ආදර්ශයක් වන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreදුම්රිය දෙපාර්තමේන්තුව තුළ සේවය කරන ආදේශක, තාවකාලික, අනියම් සේවකයන් ස්ථිර සේවයට ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලා අද (13දා) දුම්රිය මූලස්ථානය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණි.
Read Moreමේ තමයි ජනතාවගේ පොදු අදහස වෙන්නේ. මේ අයවැය ඡන්ද අයවැයක් නෙමෙයි සංවේදී අයවැයක්. ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න, අයවැය යෝජනා වහාම ක්‍රියාත්මක කරන්නයි ඕනේ.
Read Moreඅගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන් ඉවත් කරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමට අදාළ දේශපාලන කුමන්ත්‍රණය ක්‍රියාත්මක කළේ ජනපති ලේකම් කාර්යාලයේ සිට බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
Read Moreඅපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද දිනයේදි (13) ප්‍රකාශයක් සටහන් කරගැනිමට කැඳවා තිබු හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් පැය 6ක පමණ ප්‍රශ්න කිරිමකින් පසු ඒ මහතා එම පරිශ්‍රයෙන් පිටව ගොස් තිබෙනවා.
Read Moreමෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් හිමිකර ගැනිමට තුන් ඉරියව් ක්‍රීඩක ප්‍රියමාල් පෙරේරා සමත්විය.
Read Moreමේ වනවිට පෞද්ගලික වෙළදුන් විසින් කුණු කොල්ලයට ගොවියාගේ වි අස්වනු මිලදි ගන්නා බවත් වහාම රජය මැදිහත්වි එය නතරකර වී කිලෝවක මිල රුපියල් පනහ දක්වා වැඩිකරන ලෙසත් බලකරමින් අද (13) උදේ ගොවින් පිරිසක් එප්පාවල නගරයේදි තලාව , කැකිරාව මාර්ගය වසා දමා උද්ඝෝෂණයක නියැලුණහ.
Read Moreමාතර , පඹුරන ප්‍රදේශයේ කාර් රථයක් දුමිරියේ ගැටිමෙන් අද (13) උදෑසන පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව මාතර පොලීසිය පවසයි .
Read Moreබොරැල්ල රථවාහන ස්ථානාධිපතිට මරු කැඳවමින් බම්බලපිටියේදි සිදුවූ අනතුර රටටම කැළලක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
Read Moreසංවිධානාත්මක අපරාධකරුවෙක් බව කියන වෙල්ලඹගේ චමිල රංගන පෙරේරා නොහොත් පැගිරිවත්තේ සුද්දා අත්අඩංගුවට ගැනීමට මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය සමත්වී තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් සම්බාධක පැනවීමේ අවධානමක් තිබුණ බව හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
Read Moreස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ඒක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 40 වැනි සැසිවාරය නියෝජනය කිරිම සඳහා ශ්‍රි ලංකා රජය නියෝජය කරමින් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ජීනීවා නුවර බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.
Read Moreවර්ජනයෙන් පාසල් කටයුතු අඩාල වූ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි
Read Moreගුරු විදුහල්පති ගැටළු විසදන ලෙස ඉල්ලා අද (13දා) දින සිදුකළ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අති සාර්ථික වූ බව ගුරුවිදුහල්පති වෘත්තීය සංගම් සඳහන් කරති.
Read Moreප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය භාර ගන්නා විට වාඩිවීමට පුටුවක් මේසයක්වත් නොතිබූ බවත් 36,000කින් යුතු කාර්ය මණ්ඩලයක් සිටින කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයකට වඩා වැඩි සේවාවක් මේ වනවිට ද සිදුකර ඇති බවත්ඉදිරියේදී රටපුරා අපනයන ගම්මාන 5,000ක් ඇති කිරිමට කටයුතු කරන බව ප්‍රාථමික කර්මාන්ත හා සමාජ බලගැන්විම් අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.
Read Moreආනයනික කිරිපිටි සඳහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
Read Moreඅයවැය කාරක සභා විවාදයට එක්වූ හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබඳව දැඩි විවේචනයක් පාර්ලිමේන්තුවේදී සිදු කළේය.
Read Moreකාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ වයඔ, අනුරාධපුර,මන්නාරම,වවුනියාව සහ ගම්පහ යන ප්‍රදේශයන්හිදි හෙට දිනයේදි උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇති වන බවයි.
Read Moreලෝක උරුම නකල්ස් රක්ෂිත භුමියේ වනගහනය නොමැති හිස් භූමිවල නැවත පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්ව ක්‍රියාත්මක කරයි.
Read Moreඅල්ලස් කොමිසම විසින් අවසන් කර ඇති විමර්ශන කිහිපයකට අදාළව නඩු ගොනු කිරිමට දේශපාලන හස්තයක් ඉඩ ලබා දී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
Read Moreකෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගිවීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (13දා) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.
Read More