චන්දිමාල් මූලික ටෙස්ට් සංචිතයට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් මූලික 22කුගෙන් යුත් සංචිතයක් නම් කර තිබේ.
දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මෙම 22නාගේ සංචිතයට හිටපු නායක දිනේෂ් චන්දිමාල්ද ඇතුළත්ව තිබේ.
එසේම නිරෝෂන් දික්වැල්ල, ඔෂධ ප්‍රනාන්දු, අකිල ධනංජය, ධනුෂ්ක ගුණතිලකද නම් කර තිබේ.
මෙම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය ලැබී තිබේ. මෙම 22 නාගෙන් අවසන් 15 දෙනා තෝරා ගැනීමට නියමිතය.
ශ්‍රී ලංකා සංචිතය - දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ පෙරේරා, ඔෂධ ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, ශෙහාන් ජයසූරිය, චාමික කරුණාරත්න, ඩිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

