කටුනායකට පැමිණි ගුවන් යානා මත්තලට
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවට අද (08දා) අලුයම කාලයේ පැවති දැඩි සුළං සහ අධික වැසි සහිත අයහපත් කාළගුණික තත්ත්වය නිසා, ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබුණි.
පළමු ගුවන් යානය වූයේ අලුයම 2.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරණ ගුවන් යානයයි. මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත අලුයම 3.15 ට ගොඩ බස්වා තිබුණි.
යානය යළිත් අලුයම 4.53 ට මත්තල ගුවන් තොටුපළෙන් පිටත්ව , අලුයම 5.39 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩබැස්සවීය. අලුයම 2.50 ට සාජා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි එයා අරාබියා ගුවන් සේවයේ ජී.- 9503 දරන ගුවන් යානයයි.
එම ගුවන් යානය අලුයම 3.38 ට මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බස්සවා තිබුණි. අලුයම 4.34 ට මත්තල ගුවන් තොටුපළෙන් පිටත් වූ එම ගුවන් යානය අලුයම 5.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට කටයුතු කර තිබුණි.
මෙම ගුවන් යානා දෙකම ඒ.- 320 - 200 වර්ගයේ ගුවන් යානා දෙකකි.
මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ අවට කාළගුණික තත්වය මදක් යහපත් වී ඇති අතර ගුවන් යානා මෙහෙයුම් කටයුතු බධාවකින් තොරව සාමාන්‍ය පරිදි සිදු කරමින් පවතී.
ටී.කේ.ජී. කපිල/රාහුල් සමන්ත

popular news
-
කමලසිරි Thursday, 08 August 2019 04:24 PM
දැන් තමය් හැමෝටම මත්තල ගැන ආඩම්බර හිතෙන්නේ. හැමදාම ජනතාව රවටන්න බහ කියන්නේ ඕක නිසා තමය්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

