රටතුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ බස්රථතුළ විශාල ප්‍රමාණයේ ගමන්මලු රැගෙන යෑම,ඒවා රාක්ක මත තැබීම සහ බස්රථ තුළගමන් මලු තබා බැස යෑමෙන් වළකින ලෙස සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
පවතින ආරක්ෂණ තත්ත්ව මත බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දැඩි ආරක්ෂණ නීති පනවා ඇති බව බණ්ඩාරනායක ගුවන්තොටුපළ කළමණාකාරීත්වය සඳහන් කරයි.
Read Moreබුර්කාව සම්බන්ධයෙන් කිසිදු නීතියක් පනවා නොමැති බවත් එය පැළඳ සිටීම හෝ නොසීටීම එම කාන්තාවන්ගේ රැචිකත්වය මතසිදුකරන බවත් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමයේ තරුණ කටයුතු ලේකම් අර්කම් නුරාමිත් මවුලවිතුමා පැවැසීය.
Read Moreපාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව දිවයිනේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීන් 10000ක් ආරක්ෂාව සඳහා යොදවා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreපාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව පුද්ගලයන් 253කට ආසන්න අගයක පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඊයේ වනවිට ප්‍රකාශ වූයේ මෙයින් මිය ගිය සංඛ්‍යාව පුද්ගලයන් 359ක් බවයි.
Read Moreප්‍රවෘත්ති වාර්තා කිරිමේදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කළ ප්‍රවෘත්ති පමණක් පිළිගන්නා ලෙස රජය මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreනුවරඑළිය, හාවාඑළිය මහින්ද මාවතේ ඇලක තිබියදී ඩෙටනේටර් 198ක් අද (25) සොයා ගත්බව නුවරඑළිය පොලීසිය පවසයි.
Read Moreමෙම ලොරි රථයද පොලීසිය විසින් අත්අඩංගුවට ගැනිම සඳහා සොයමින් සිටි වාහනයකි.
Read Moreගංජා ප්‍රවාහනය කිරිම හා පලායාම යන චෝදනා සම්බන්ධව බන්ධනාගාරගතව සිටින රංගන ශිල්පි රයන් වැන්රෝයන් මහතා අද (25) තෙවන වරටත් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදි ලබන මැයි 2 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය .
Read Moreමුස්ලිම් ජනතාව සිකුරාදා දිනයේදී සිදුකරන සාමාන්‍ය දේව මෙහෙය අවලංගු කරන ලෙස ඉල්ලිමක් කර තිබේ.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් කිහිප දෙනෙකු ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට හැකිවූ බවත් එයට සම්බන්ධ සැකකරුවන් පොලිස් භාරයට ගැනීමට හැකිවූ බවත් ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
Read Moreශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් 2019 මැයි 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ වීසා ඔන් ඇරයිවල් (Visa on arrival) පහසුකම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
Read Moreආරක්ෂක ලේකම් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමුකර ඇති බව වාර්තාවෙයි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරවලට සම්බන්ධ සැකකරුවන් හා සැකකාරියන් හඳුනා ගැනීම සඳහා පොලීසිය ජනතාවගේ සහාය ඉල්ලා සිටියි.
Read Moreපාසල් දරුවන් ඇතුළු පාසල් ප්‍රජාවගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත විශේෂ චක්‍ර ලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පියවර ගෙන ඇත.
Read Moreපොලිස් ඇඳිරිනීතිය යලි ක්‍රියාත්මක කිරීමට පොලීසිය විසින් පියවර ගෙන තිබේ ඒ අනුව
Read Moreවව්නියාව තාණ්ඩිකුලම් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක අපද්‍රව්‍ය බැහැර කෙරෙන වලකට වැටී නගරසභා සේවකයින් සිවු දෙනෙකු අද (25) දහවල් මිය ගොස් ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.
Read Moreකොළඹ හා මඩකලපුවට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් ජාතිය අමතමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (23දා) සඳහන් කළේ පැය 24ක් තුළ ආරක්ෂක අංශයන්හි ඉහළ පුටුවල වෙනසක් කිරීමට බලාපොරොත්තු වන බවයි.
Read Moreරට හමුවේ මතුව ඇති ත්‍රස්ත අභියෝගය ජය ගැනීමට මෙරට සියලූ ආරක්ෂක අංශ නව ජවයකින් ශක්තිමත් විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.
Read Moreකල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත්, තේලිය ප්‍රදේශයේ තව්හිදී ජමාත් මුස්ලිම් පල්ලියක් ආශ්‍රිත ගම්මානයක අද(25දා) කරන ලද මෙහෙයුමක දී, සැක කටයුතු කාන්තාවක ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකු, අත් අඩංගුවට ගත් බව කල්පිටිය පොලීසිය පවසයි.
Read Moreදේශීය නිෂ්පාදනය කළ බවට සැකකෙරෙන අත්බෝම්බ හා සමාන පුපුරණ ද්‍රව්‍ය 21ක් හා කඩු හයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreපොළොන්නරුවේ තව්හීත් ජමාත් සංවිධානයට අයත් මුස්ලිම් පල්ලි තුන සහ ලංකාව තුල පිහිටි එම සංවිධානයට අයත් පල්ලි වහාම තහනම් කරන ලෙස ඉල්ලා පොළොන්නරුවේ පිහිටි මුස්ලිම් පල්ලි විසි නවයේ (29) මව්ලාවිවරු සහ එම පල්ලිවල ලේකම් සභාපතිවරු අද (25) දින පොළොන්නරුව මුලස්ථාන පොලීසියට ගොස් පොළොන්නරුව පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ පි ධමිමික විරසේකර වෙත සංදේශයක් ලබා දෙමින් ඉල්ලා සිටියේය.
Read Moreමීගමුවේ රඳවා සිටි පාකිස්තාන ජාතිකයන් 570 ක් පස්යාලේ මුස්ලිම් පල්ලියක් වෙතට ආරක්ෂක හේතුන් මත යෝමුකිරිමට රජය ගත් තීරණයකට විරෝධය දක්වමින් එම ප්‍රදේශයේ ජනතාව විරෝධතාවක් ආරම්භ කර තිබේ.
Read Moreපොලිස්පති හා ආරක්‍ෂක ලේකම් ඉල්ලා අස්වුණා
Read More2016 දී අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අතින් අපනයන සම්මාන ලැබීමට මොහොමඩ් ඊබ්‍රාහීම් පැමිණ තිබුණේ සිය පුතා ඉන්ෂාෆ් ඊබ්‍රාහීම් සමගය.
Read Moreපාස්කු ඉරිදා දිනය වූ ඉකුත් 21 වනදා කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තොනි දේවස්ථානය , මීගමුව කටවපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානය හා මඩකළපුවේ සීමන් දේවස්ථානයේ සහ තවත් ස්ථාන තුනක බෝම්බ පිරවීම් සිදුවූ දිනයේ බදුල්ල ශාන්ත මරියා දේවස්ථානය හෝ ශාන්ත මාර්ක් දේවස්ථානය තුළද බෝම්බ පිපිරවීමේ සැලසුමක් තිබි ඇතැයි සැකකරන බවට සැක පහළ වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය .
Read Moreජාතික තව්හීත් ජමාත් සංවිධානය විසින් මුස්ලිම් පල්ලි ඉල්ක්ක කර ගත් ප්‍රහාර එල්ල කිරිමේ සූදානම් ඇතැයි පොලීසිය විසින් තොරතුරු අණාවරණය කරගෙන තිබේ.
Read More1999 දී කාර්ගිල් අර්බූදය හමුවේ ඉන්දියාව කළ අයුරින් ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දුන් වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා ජාතික ආරක්ෂක සභාවට කැඳවන්න.
Read Moreකොලොන්නාව ඛනිජතෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ ඇතිවූ කලහාකාරී සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.
Read Moreබලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් කිරිමැටිතැන්න ප්‍රදේශයේ සැක කටයුතු නිවසක් පරික්ෂා කිරිමේදි එහි තිබි පාර්ලිමේන්තුවට ඇතුළු විමේ අවසර පත්‍ර හයක්,ජිව උණ්ඩ දෙකක් ,කැබි රථයක්, පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ දළ සැලැස්මක්, ජංගම දුරකතන තුනක්, සිමි කාඩිපත් දහතුනක්,ටැබ් පරිගණකයක් ,බැංකු කාඩ්පත් විශාල ප්‍රමාණයක් සමඟ මුස්ලිම් තරුණයකු ඊයේ (24) දා පස්වරුවේදි අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලීසිය පවසයි.
Read More