saravita-anim2

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 10511 hours ago

LATEST

බැඳුම්කරයේ සල්ලි රනිල්ගෙන් ගන්නවා - AKD

calendar_today 2019 සැප් 23 - 10:56 remove_red_eye - 1190  

බැදුම්කර ගනුදෙනුවෙන් රටට සිදුවූ පාඩුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංම මහතාගෙන් අය කර ගන්නා බව ජාතික ජනබල වේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

දිවයිනට බලපා ඇති වැසි සහිත තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කළුතර, නාගොඩ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන දැරියක් හා ඇයගේ මව පැහැරගෙන මුදල් ලබා ගැනීමට සැලසුම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

වතු කම්කරු ජනතාවට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ අරමුණෙන් වතු රෝහල් අදියර කීපයක් යටතේ මධ්‍යම රජය යටතට ගැනීමට සෞඛ්‍ය සහ මානව සුබසාධනය, සමාජ සවිබල ගැන්වීම පිලිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව ඇත.

Read More

එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති ධුර අපේක්‍ෂකත්වය එම පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිවීමේ වැඩි වාසිඇතැයි අද පුවත්පතට වාර්තා වේ.

Read More

තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ගත් තීරණය වෙනස් කළ බවට කථානායක කරු ජයසූරිය මහතා භික්ෂූන් වහන්සේලා පිරිසක් හමුවේ ඊයේ (23දා) පවසා ඇතැයි වාර්තා වේ.

Read More

ඡන්ද ව්‍යාපාරයේ නිරතවන සෑම අපේක්ෂකයෙකුගෙන්ම පරිසරය සුරක්ෂිත කරගනිමින් හා රාජ්‍ය දේපොළ අවභාවිතා නොකිරීම, වෛරී ප්‍රකාශ සිදුනොකරන බවට සහ ප්‍රචණ්ඩත්වය ඇතිනොකරන බවට පොරොන්දු ලබාගන්නා බව ‘මාර්තු 12’ ව්‍යාපාරය සඳහන් කරයි.

Read More

අපි හදිස්සි වෙන්න ඕන නෑ. කලබල වෙන්න ඕන නෑ. අපි කියන දර්ශනය, පක්ෂයේ අනන්‍යතාව, පක්ෂයේ දර්ශනය සියලු දෙනාගේම ගෞරවය ආරක්ෂාවන ප්‍රතිරූපය ආරක්ෂා වන වැඩපිළිවෙළකට අපි යන්නේ.

Read More

එක්සත් ජාතික පක්‍ෂයේ අර්බුදය විසඳා ගැනීමට නම්, ප්‍රථමයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය ජනතා ඉල්ලීමට අනුව කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය

Read More

මට රටේ ජනතාව වරම ලබා දුන් දිනක මා රටේ අන්තවාදයත්, ත්‍රාස්තවාදයත් විනාශ කරනවා. ජාති බේදයට, ආගම් බේදයට මා ළඟ ඉඩක් නැහැ. මගේ කාලවකවානුව තුළ බුදුපිළිම විනාශ කරන්නට බැහැ.

Read More

ඇල්පිටිය, ප්‍රාදේශීය සභාව වෙනුවෙන් තැපැල් ඡන්ද විමසීම් මේ මස 27 වැනිදා සිදුකෙරෙන බවත්, එදිනම සියලුම තැපැල් ඡන්දදායකයන් ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍යේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන් අපවත්වීමෙන් අනතුරුව උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමට මුලතිව් අධිකරණයෙන් සුදුසු නියෝගයක් ලබාදෙන තෙක් අවසන් කටයුතු සිදු නොකළ යුතු බවට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (22දා) නියෝගයක් ලැබී ඇති බව මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ දායක සභාවේ ලේකම් මානිල් කරුණාරත්න පවසනවා.

Read More

ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද ඉල්ලුම්පත් භාර ගැනීමේ අවසන් දිනය සැප්තැම්බර් 30දා. තැපැල් ඡන්දයට ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබන්නන් තමන් ලියාපදිංචි මැතිවරණ කොට්ඨාසයේ තේරිම් භාර නිලධාරී වෙත තමන්ගේ සහතික කිරීමේ නිලධාරියා මගින් එවන ලෙස දැනුම් දෙනවා.

Read More

ඇහැලියගොඩදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ බව කියන පුද්ගලයන් දෙදෙනෙකු අත්අංඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි.

Read More

19 වෙනිදා උදේ අටයි දාසයට ජනාධිපතිතුමා මට දුරකථන ඇමතුමක් දුන්නා. 20 වන සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීමට කැබිනට් රැස්වීමක් කැඳවන්නද කියා එතුමා මගෙන් විමසුවා.

Read More

නොවැම්බර් මස 16 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මේවනවිට අපේක්ෂකයින් හය දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ. ඉන් තිදෙනෙකු දේශපාලන පක්ෂ වශයෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙන අතර තිදෙනෙකු ස්වාධීන කණ්ඩායම් වශයෙන් ඇප මුදල් තැන්පත් කර ඇත.

Read More

සමාජ මාධ්‍ය ජාල වල සංසරණය වන නිශ්ශංක සේනාධිපති මහතා විසින් සමාජ මාධ්‍ය ජාලයට මුදා හළ දුරකතන සංවාදය ඔහු සමඟ තමා පැවැත්වු එකක් බව සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා හමුවේ පිළිගෙන ඇතැයි වාර්තා වේ.

Read More

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සිදු කළ ප්‍රකාශය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරිය නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.

Read More

ඉදිරි දින කිහිපයේදී විශේෂයෙන්ම සැප්තැම්බර් 22 දා සිට 24 දා දක්වා වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ දේහය ගුරුකන්ද විහාරයට රැගෙන ඒමෙන් වළකින ලෙසට ගුරුකන්ද විහාර භූමියේ පිහිටි නීරාවිපුල්ලයාර් කෝවිලේ භාරකාර පිරිසක් කළ ඉල්ලීම මුලතිව් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

විනය පරීක්‍ෂණයේදී මෙම දුරකථන සංවාදය සම්බන්ධයෙන් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය විසින් කළ පිළිගැනීම් හා එයට අනුශාංගික වු වෙනත් කරුණුද සැළකිල්ලට ගන්නා ලෙස නීතීපතිවරයා රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කිරීමට අදහස් කරන බවද නිශාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් පැවසුවාය.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ ඉමදූව දෙල්ලව සහ හියාරේ ප්‍රදේශයන්ට අද (22දා) අළුයම් කාලයේ ඇදැහැලුණ අධික වර්ෂාවත් සමග මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා එම මාර්ගයන්හි ගමනාගමනය ඇණහිට තිබේ.

Read More

අධික වැසි තත්ත්වය ‌හේතුවෙන් නිල්වලා ගග පිටාර මට්ටමට ආසන්න බැවින් පහත් බිම්වල ජනතාව අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

අභියාචනාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගලක කොමිසමක් මෙසේ පත්කර තිබේ.

Read More

එළැඹෙන ජනපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත්වන අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තෝරා ගැනීමට ජාතික හෙළ උරුමය විරුද්ධ බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අනුරුද්ධ ප්‍රදීප් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳ පසුගියදා කැඳ වු හදිසි විශේෂ කැබිනට් රැස්වීම තම අවශ්‍යතාවයට අනුව කැඳවූ බවට අගමැතිවරයා කර ඇති ප‍්‍රකාශය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ එය ඉතා වැරදි ප‍්‍රකාශයක් බවත් එම කැබිනට් රැස්වීම් පැවැත්වීමට කටයුතු කෙරුණේ අග‍්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම අනුව බවත් ය.

Read More

තමා හා ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අතර පැවැති දුරකතන සංවාදයේ මුලු සංවාදයම නිදහස් කිරිමට කටයුතු කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සඳහන් කරයි.

Read More

දුම්රිය වෘත්තීය සමිති විසින් ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කර තිබේ.

Read More

ඔවුන් සඳහන් කරන්නේ නෙලුම් කුලුන ව්‍යාපෘතිය ආරම්භ කිරීම වෙනුවෙන් ගෙවූ ඩොලර් 15,644,980 මුදල චීන එක්සිම් බැංකුවේ ඇති CEIEC සමාගමේ ගිණුම වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ගෙවූ බවයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.