මවක් හා දැරියක් පැහැර ගැනීමට සැලසුම්කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
කළුතර, නාගොඩ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන දැරියක් හා ඇයගේ මව පැහැරගෙන මුදල් ලබා ගැනීමට සැලසුම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
දොඩංගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අවුරුදු 40ක් හා අවුරුදු 25ක් වන සැකකරුවන් දෙදෙනෙකු මෙසේ ඊයේ (22දා) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සන්තකයේ තිබී පොලිස් නිල ඇඳුම් කොටස්, වායු රයිෆලයක්, වෙඩි බෙහෙත්, කඩුවක්, මන්නා පිහියක් සොයාගෙන තිබේ.
සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව පැය 48ක රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය පවසයි.
දැරියගේ පියා කලුතර නාගොඩ රෝහලේ වෛද්‍යවරයෙක් බවත් මීට වසර දෙකකට පමණ පෙර එම ජාත්‍යන්තර පාසලේ පැවැති ත්‍යාග හා සහතික පත්‍ර විශාල ප්‍රමාණයක් ලබා ගැනීම හේතුවෙන් ඇතිවූ වෛරයක ප්රථිඵලයක් මත මෙම පැහැර ගැනීම සැලසුම් කර තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
