ඇලිට් සමාගමෙන් නිවේදනයක්
කොළඹ නෙලුම් කුලුන ඉදිකිරීමේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් චීනයේ ඇලිට් සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී සඳහන් කළේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී ශ්‍රී ලංකාව ඇලිට් සමාගමට රුපියල් බිලියන 2ක අත්තිකාරම් මුදලක් ගෙවූ බවත් එය ගෙවූ ඇලිට් සමාගම හෝ එම රුපියල් බිලියන 2ට සිදුවූ දෙයක් නොමැති බව ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් ඇලිට් සමාගම මුලින් සඳහන් කළ ලිපිනයේ නොවන වෙනත් ලිපිනයක සිට මේ වන විට ව්‍යාපාර කටයුතු කටයුතු සිදුකරන බව තහවුරු වී තිබේ.
පළවූ මාධය වාර්තා සම්බන්ධයෙන් ඇලිට් සමාගමද නිවේදනයක් නිකුුත් කර තිබේ.
ඔවුන් සඳහන් කරන්නේ නෙලුම් කුලුන ව්‍යාපෘතිය ආරම්භ කිරීම වෙනුවෙන් ගෙවූ ඩොලර් 15,644,980 මුදල චීන එක්සිම් බැංකුවේ ඇති CEIEC සමාගමේ ගිණුම වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ගෙවූ බවයි.
නෙලුම් කුලුන විවෘත කිරීම ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින මිත්‍රත්වයේ සංඛේතයක් බවද ඔවුන් සඳහන් කරයි.
චීන රජයට අයත් ඇලිට් සමාගම මේ වන විටර රටවල් 40ක පමණ තම මෙහෙයුම් කරන බවත් ඔවුන් සඳහන් කරය.
ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් සමාගම තවදුරටත් සහාය දැක්වීමට සූදානම් බවද වැඩිදුරටත් පවසයි.

popular news
-
චමින්ද Sunday, 22 September 2019 05:57 PM
නෙළුම් කුළුන විවෘත කරමින් ජනපති කිව්වේ ඇලිට් සමාගම ලෝකයේ කොහේවත් නැහැකියලයි.ජනාධිපති එලෙස කිව්වේ එරට හිටපු හෝ සිටින තානාපතිගේ උපදෙස් මතයි.මෙවැනි තානාපතිලා රටට සේවයක් කරයිද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

