මාර්තු 12 පොරොන්දුවක් ගැනීමට යයි
ඡන්ද ව්‍යාපාරයේ නිරතවන සෑම අපේක්ෂකයෙකුගෙන්ම පරිසරය සුරක්ෂිත කරගනිමින් හා රාජ්‍ය දේපොළ අවභාවිතා නොකිරීම, වෛරී ප්‍රකාශ සිදුනොකරන බවට සහ ප්රචණ්ඩත්වය ඇතිනොකරන බවට පොරොන්දු ලබාගන්නා බව ‘මාර්තු 12’ ව්‍යාපාරය සඳහන් කරයි.
මැතිවරණ අපේක්ෂකයන් එකම වේදිකාවට ගෙන ඒමේ වැඩසටහන ඔක්තොම්බර් 05දා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බවත්, එදින සෑම අපේක්ෂකයෙකුටම ජනතාවගේ ප්‍රශ්න හා රට තුළ ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ප්‍රශ්න 06ක් ලබාදෙන බවත් එම ව්‍යාපාරයේ සාමාජික ‘පැෆරල්’ සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රොශාන් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
එම ප්‍රශ්නවලට අපේක්ෂකයන් පිළිතුරු ලබාදිය යුතු බවත්, මීට අමතරව මෙම පොරොන්දු පත්‍රය ලබාදෙන බවත් අද (22දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

popular news
-
Champa Monday, 23 September 2019 01:45 AM
NGO වලින් හසුරුවන එක එක ව්‍යාපාර වලට ඕනේ විදිහට පොරොන්දු දෙන්න ජනාධිපති අපේක්ෂකයෝ බැඳිලා නැහැ. ඔවුන් බැඳිලා ඉන්නේ ජනතාවට වග කියන්න විතරයි. ජනාධිපති අපේක්ෂකයෝ එන්න ඕනේ රූපවාහිනිය ඉදිරියට. ඇවිල්ල රටේ ප්‍රශ්න වලට තමන්ට තියෙන උත්තර ජනතාවට පැහැදිලි කරන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

