saravita-anim2

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා

Latest News - timelapse 10154 hours ago

LATEST

ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්වෙයි

calendar_today 2019 ජුලි 02 - 11:39 remove_red_eye - 1942  

2018 වසරේ ජුලි 01 දා ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 3840ක් බවත් 2019 වසරේ ජුලි 01 දා වන විට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4060ක් බවත් ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවේ දැක්වෙයි.

රාජ්‍ය මුදල් අපහරණය නතර කර හම්බන්තොට දිස්ත්‍රික් නව මහ රෝහල පිරිසිදුව නවීන පහසුකම්වලින් යුත් රෝහලක් ලෙස ජනතාවට දායාද කිරීමට යහපාලන රජයට හැකියාව ලැබුණ බව සෞඛ්‍ය , පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

Read More

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (02දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා තිබූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර රෝගී වී නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් වී ඇති බව වාර්තා වෙයි.

Read More

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමක් සළකා බැලීම සඳහා පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

Read More

රට තුළ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමට ප‍්‍රතිකාර මෙන්ම නිවාරණ අංශ ද ශක්තිමත් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි.

Read More

ඔහුට අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසද දන්වා තිබේ.

Read More

සංහිඳියාව පලුදු කරන ලද, සමාජ මතභේදයට තුඩුදිය හැකි කරුණු පෙළපොත්වල ඇතුළත් කර තිබේදැයි සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පත්කරන ලද විශේෂ කමිටුව විසින් ප්‍රධාන ආගම් 05ක පෙළපොත් අධ්‍යයනය කරන බව අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ජයන්ත වික්‍රමනායක මහතා පැවසීය.

Read More

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් වහාම සැකකරුවන් වශයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියම කර තිබේ.

Read More

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සිය පන්දුවාර 50 අවසන කඩුළු 6 කට ලකුණු 338 ක් රැස් කළ අතර අවිශ්ක ප්‍රනාන්දු එහිදී ලකුණු 104 ක් රැස් කළේය

Read More

උතුරු කොළඹ අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් පරිගණක ලබාදීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණනායක මහතා තීරණය කර තිබේ.

Read More

පොළොන්නරුව නව නගරයේ පිහිටි ඉඩමකට බලපත්‍රයක් සකස් කර දෙන බව පවසා කාන්තාවකගෙන් රුපියල් තිස්දහසක් අල්ලස් මුදලක් ලබා ගත් අනුරාධපුර පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලයේ ඉඩම් නිලධාරියෙකු අද (1) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්දසිරි මහතා පැවසීය.

Read More

විදුලිබල අමාත්‍යාංශ ලේකම්වරයා ලබාදුන් ලිඛිත පොරොන්දුවකට අනුව, විදුලිබල මණ්ඩලය වෙත ඉන්ධන ලබා නොදීමේ ක්‍රියාමාර්ගය තාවකාලිකව නවතා දැමූ බව ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති සඳහන් කරයි.

Read More

ජාතික ගීයත් පෙළපොතෙන් අයින් කරන්න තීරණය කරලයි තිබුණේ. එහෙත් අවසානයේ දී හිටපු ප්‍රකාශන අධ්‍යාපන කොමසාරිස්තුමිය විසින් කළ කරුණු කාරණා පැහැදිලි කරමින් කළ ඉල්ලීමක් නිසා ජාතික ගීය තවදුරටත් පෙළ ඉතිරි වෙලා තියෙනවා.

Read More

ජීවිත අවදානම නොතකා තමා මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළට නායකත්වය ලබා දෙන්නේ ජාතිය සහ මතු පරපුර වෙනුවෙන් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ශ්‍රී මහා බෝධිය අසළ දින 365ම ක්‍රියාත්මක දන්සල අද (01දා) නැවතත් ආරම්භ කර තිබේ.

Read More

රටේ සියලු ජන කොටස් අතර විශ්වාසය, සහයෝගය සහ අන්‍යෝන්‍ය අවබෝධය ගොඩනැංවීමට අවශ්‍ය ප්‍රධාන සාධකය භාෂා දැනුම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

කළුතර මහ රෝහලේ වෛද්‍යවරන්ට මැර පිරිසක් පහරදී දින හතක කාලයක් ගතවී තිබුණද පොලීසිය මෙතෙක් කිසිදු විමර්ශනයක් හෝ සිදුකර නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් රටවල් කිහිපයක තානාපතිවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.

Read More

ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගම වෙතට රජය මගින් පවරා දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සුත්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සදහා අනුමැතිය ලබා දීමට අල්ලස් ඉල්ලු බවට චෝදනා ලැබ සිටින ජනාධිපතිවරයාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානීයා සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයාට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සිතාසි නිකුත් කළේය.

Read More

කුඩු ජාවාරමටවත්, කුඩු බොන එකටවත් මරණ දඬුවම විසඳුම කියලා කවුරු හරි හිතනවා නම් මම හිතන්නේ නෑ ඒක විසඳුමක් කියලා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ මතයත් පෞද්ගලිකවම මමත් මරණ දඬුවමට විරුද්ධ යැයි කෘෂිකර්ම පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග හා ධීවර ජලජ සම්පත් අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.

Read More

අකුරැස්ස නගරය ආසන්නයේ මූල්‍ය ආයතනයක ලක්ෂ 29ක පමණ මුදලක් පෞද්ගලික බැංකුවක තැන්පත් කිරිමට සූදානම් කර තිබියදී එම මුදල කොල්ල කා පළාගිය සැකකරුවන් දෙදෙනෙක් විනාඩි කිහිපයක් තුළ අත්අඩංගුවට ගැනීමට අකුරැස්ස පොලීසිය සමත්ව තිබේ.

Read More

රාජ්‍ය සේවකයන් සඳහා අතිරේක රුපියල් 2500ක මාසික දීමනා වැඩිවීම, විශ්‍රාමික රාජ්‍ය සේවකයන් ලක්ෂ 5කගේ පමණ විශ්‍රාම වැටුප් වැඩිවීම, විශේෂ අවශ්‍යතා ඇති අයගේ දීමනා හා වකුගඩු රෝගීන්ට ලබාදෙන දීමනා වැඩිවීම හා ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ දීමනා වැඩිවීම අද (01දා) සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

Read More

වසර හතරහමාරක් රට පාලනය කරපු මේ ආණ්ඩුව අද වන විට රට අස්ථාවර තත්ත්වයකට ඇද ගෙන ගිහින් ගිනස් වාර්තා පොතට එකතු වි ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

Read More

ඇමති ආැරක්ෂක කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයෙකු පහරදීමේ චෝදනා යටතේ අත්අඩංගුවට පවත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතාගේ පුත් ඉෂාන් චතුරංග එළැඹෙන 4 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

කල් ඉකුත් වූ චින්තනයෙන් පිරි දේශපාලනඥයන්, පාසල් සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහනට පහර ගසමින් සිය ළිංමැඩි මානසිකත්වය හා අඳ බාල බව ප්‍රදර්ශනය කිරීම ලැජ්ජා සහගත ක්‍රියාවක් බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

Read More

විවිධ ආයතනවලින් ලබාගත් තොරතුරු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දීමට හා පැමිණිල්ල ඉදිරිපත් කිරීමට රතන හිමියෝ අද (01දා) එම කොට්ඨාසය වෙත පැමිණ සිටියහ.

Read More

දිවයින පුරා පවතින වකුගඩු රෝගය හා පානීය ජල ගැටලුවට විසඳුමක් වශයෙන් මේ වනවිට නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ජලපිරිපහදු මධ්‍යස්ථාන 648ක් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබාදීමට කටයුතු කොට ඇති බවට ජනාධිපති ලේකම් කාර්යාලයේ වන්නි විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ චමින්ද වාසල මහතා පැවසීය.

Read More

තිසර පෙරේරාට මෙම තරගයේ අවස්ථාව ලැබී නොමැත. ළහිරු තිරිමාන්න නැවතත් කණ්ඩායමට පැමිණ තිබේ.

Read More

විදුලිබල මණ්ඩලයට තෙල් ලබා නොදෙන බවට ඛනිජ තෙල් සංස්ථාවෙන් මෙතෙක් දැනුවත් කිරීමක් සිදුකර නොමැති බව විදුලිබල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක සුලක්‍ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.

Read More

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළහොත් ජී.එස්.පී. ප්ලස් සහනය ලබා නොදෙන බව සඳහන් කරමින් යුරෝපා සංගමය තර්ජනය කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.