saravita-anim2

2026 මැයි මස 07 වන බ්‍රහස්පතින්දා

2026 මැයි මස 07 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10427 hours ago

LATEST

ආණ්ඩුවෙන් උත්සව සමයට සහන මල්ලක්

calendar_today 2019 ඔක් 21 - 15:45 remove_red_eye - 1014  

වියළි මිරිස් බද්ද රුපියල් 20කින්, ආනයනික මාළු බද්ද රුපියල් 75කින් අඩු කෙරේ. කුකුළු මස් හා බිත්තර ආනයනයට අනුමැතිය. රජයේ වී ගබඩා වල ඇති වී තොග සහල් බවට පත්කර සම්බා කිලෝවක් රුපියල් 85කට හා නාඩු කිලෝවක් රුපියල් 80කට අලෙවියට.

එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන පන්දු 100 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ සුපිරි විස්සයි20 ක්‍රීඩක ලසිත් මාලිංග අලෙවි වී නොමැත.

Read More

දෙමළ ජාතික සන්ධානයේ කිසිදු කොන්දේසියකට යටත් වීමට තමන් සූදානම් නැතැයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.

Read More

ජනාධිපතිවරණයට නාමයෝජනා භාර දුන් දිනයේ සිට ඊයේ (20දා) දක්වා මැතිවරණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 1134ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලඥයින් වන විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසට ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව කියවීමට හෝ තේරුම් ගැනීමට නොහැකි බවත් ඒ හරහා ශ්‍රී ලංකාවේ භාෂා ප්‍රතිපත්තිය තීරණය කිරීමට කටයුතු කරන බවත් ඔහු පෙන්වා දෙයි.

Read More

ශ්‍රී ලංකාවේ ජනපතිවරණය ඉන්දියාවේ සමීප අවධානයට යොමුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

කලාඔයේ ජල මට්ටම ශීඝ්‍ර ලෙස ඉහළ යාමත් සමග වනාතවිල්ලුව එළුවන්කුලම විල්පත්තුව පිවිසුමේ පිහිටි නාවික හමුදා අණු ඛණ්ඩය හා වනජීවි කාර්යාල නිලධාරීන් තාවකාලිකව ඉවත් කර ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය පවසයි .

Read More

මුලතිව් පුදුකුඩිඉරිප්පු සුගන්දිරපුරම් ප්‍රදේශයේ පිහිටි ඉඩමක මිනිස් ඇටසැකිලි වලට සමාන අස්ථි කොටස් කිහිපයක් ඊයේ (20) සවස පොළවෙන් මතුවී තිබූ බවට ප්‍රදේශවාසීන් පවසති.

Read More

ඒ අනුව එළැඹෙන 8 දා ඥානසාර හිමියන් හා අනෙක් තිදෙනාට අධිකරණයේ පෙනී සිටින ලෙස සඳහන් කළේය.

Read More

එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙමළ ජනතා පෙරමුණ නොහොත් ටී.එම්.කේ. පක්ෂය සමඟ තනිව සාකච්ජා කිරිමට එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තම පක්ෂයට සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව දෙමළ ජනතා පෙරමුණේ නායක උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පවසයි.

Read More

පවතින වර්ෂාව හා අවට ජල පෝෂක ප්‍රදේශවලින් එක්වන අමතර ජලධාරාව හේතුවෙන් අද (21) දින උදෑසන 7.45පමණ වනවිට තබ්බෝව ජලාශයේ වාන්දොරටු 8ක් විවෘත කළ බව පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ මුල් ගෙදර බවත් ශ්‍රීලනිපය හැදුවේ බණ්ඩාරනායක මහත්මයත් ඩී ඒ රාජපක්ෂ මහත්මයත් එකට එකතු වෙලා එජාපයෙන් ඉවත් වෙලා ඇවිත් යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

තාරණ්‍යය බල ගැන්වීම සහ ඔවුන්ගේ වරප‍්‍රසාද දිනා දීම වෙනුවෙන් තම පාලන කාලය තුළ විශේෂ වැඩකොටසක් ඉටු කළ බවදා ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඊයේ (20දා) පස්වරුවේ කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවති ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතින්ගේ සංවිධානයේ තෙවැනි සමුළුව අමතමිනිි.

Read More

පොලිස් නිලධාරීන්ට හා ආබාධිත පොලිස් නිලධාරීන්ට ඇති වී තිබෙන වැටුප් හා දීමනා ගැටලු විසඳන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොලිස් ඥාති සංසදය අද (21දා) කොටුව දුම්රියපොල ඉදිරිපිටදී නිහඬ සත්‍යග්‍රහයක නිරත විය.

Read More

මම කොහොම හරි කරලා ආණ්ඩුවේ අරමුදල් හරි උපයෝගී කරගෙන ආදරණීය වතු කම්කරු ජනතාවට අඩුම ගාණේ දවසක දීමනාව 1500/- කරන්නට අපි ඇප වෙනවා, කැපවෙනවා.

Read More

කටුනායක ගුවන් තොටුපොළට ගොඩ බෑමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකක් ගුවන් තොටුපොළ අවට පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මත්තල ගුවන් තොටුපොළට ගොඩ බෑමට කටයුතු කර තිබේ.

Read More

කොමිෂමෙන් කියනවානම් ඔබතුමාට විරුද්ධව සාක්ෂි නෑ කියලා. පාර්ලිමේන්තුවේ කියනවානම් විරුද්ධව කරුණු නෑ කියලා තව මොනවද කරන්න තියෙන්නේ.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තුන් දින නිල සංචාරයක් සඳහා අද (21දා) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ජපානය බලා පිටත්ව ගියේය.

Read More

වර්ෂ 2020දී ශ්‍රී ලංකාව තුළ ඛනිජ කලාප ගැසට් කර අදාල කලාපවල ජනාවාස ඉදිකිරීම වැළැක්වීම සඳහා පියවර ගැනීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය තීරණය කර තිබේ.

Read More

ජාතික ජනබලවේගයේ ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශය මේ මස 26 වැනිදා කොළඹදී එළිදක්වන බව එම බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික ආචාර්ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේය.

Read More

නිදහස් පක්ෂේ ගත්තෙ වැරදි තීරණයක්. මම මෛත්‍රිපාල සිරිසෙන මත්තයාට එක වාචිකවත් ලිඛිතවත් කිව්වා. පොහොට්ටුවට යෑමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදුණා.

Read More

ශ්‍රී ලංකාවේ තෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෙසින් විවෘත කළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ උතුරු පළාතට බලපෑ වැසි සහිත තත්ත්වය හේතුවෙන් මඩ වඟුරක් බවට පත්ව තිබේ.

Read More

ඇති වී තිබෙන සමාජය පීඩනයේ, සමාජ ඛේදවාචකයේ වැඩිපුරම වින්දිතයන් වී ඇත්තේ කාන්තාවන් බවත් වසරකට ශ්‍රී ලංකාවේ ගබ්සාවන් 240000ක් සිදුවන බවත් ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

Read More

වත්මන් ආණ්ඩුවේ දූෂණ විමර්ශන පිළිබඳව ජනාධිපති කොමිෂම් වාර්තාවේදී සජිත් ප්‍රේමදාස මහතා මහජන මුදල් රුපියල් කෝටි 65ක් (රු. 641,870,136ක්) අවභාවිත කර ඇති බවට නිගමනය කර ඇති බවත් එම වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙසත් ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

Read More

මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධන බලකායක් මම නිර්මාණය කරනවා. ජනාධිපති කාර්ය සාධක බළකාය තුළින් මේ රටේ හැම ගොවිජන කේන්ද්‍රයකම ජනාධිපති ලේකම් කාර්යාලයේ ජාතික සංවර්ධන ඒකකයක් ස්ථාපනය කරනවා.

Read More

උසස්පෙළ සමත් සියලුම දරුවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථා ලබාදීමට සැලසුම් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ භාණ්ඩාගාරික ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර තිබේ.

Read More

ඇය මිය යනවිට 17 වැනි වියෙහි පසුවිය. මෙලනිගේ දේහය මේ වනවිට කිරිඳිවැල ඇයගේ නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා (23 දා) කිරිඳිවැල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාව හා පාකිස්තානය සමග පැවැත්වෙන විස්සයි20 තරගාවලියේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ උපදේශකයෙක් ලෙස ඔස්ට්‍රේලියානු හිටපු පිතිකරු මයික් හසී පත්කර තිබේ.

Read More

ජනාධිපතිවරණ මැතිවරණ ‍ව්‍යාපාරය තුළ වෛරීසහගත ප්‍රකාශ ඉහළ යාමේ තත්ත්වයක් දක්නට ලැබෙන බව කැෆේ සංවිධානය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.