ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ඉන්දීය සංචාරයට විරුද්ධව නවදිල්ලි නුවර විරෝධතාවක් සංවිධානය කළ ඉන්දියාවේ තමිල්නාඩුවේ එම්.ඩී.එම්. කේ. පක්ෂයේ නායක වයිකෝ ඉන්දීය පොලීසිය විසින් පොලිස් භාරයට ගෙන තිබේ.
අද පෙරවරුවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර එයට සම්බන්ධව සිටි තවත් පිරිසක්ද පොලීස් භාරයට ගෙන තිබේ.
ඉන්දීය පාර්ලිමේන්තු පාරේ පොලීසිය විසින් මෙම රඳවා ගැනීම සිදුකර තිබේ.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ සිය ඉන්දීය නිල සංචාරය ආරම්භ කරමින් නව දිල්ලිනුවර බලා පිටත්ව ගියේය.