ජනපති පොදු සමාව යටතේ නිදහස් වූ අතිපූජ්‍ය ගලබොඩඅත්තෙ ඥානසාර හිමියෝ අද දිනයේදී දහවල් දානය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ නිවසට වැඩමවා තිබේ.
වැල්ලවාය, තණමල්විල මාර්ගයේ කුඩාඔය යුද හමුදා පුහුණු කඳවුර ආසන්නයේදි ත්‍රිරෝද රථ දෙකක් හා කැන්ටර් වර්ගයේ ලොරි රථයක් එකිනෙක ගැටිමෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි කුඩාඔය පොලීසිය පවසයි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සෙයා බැලීමට පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස නම් කර තිබේ.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 13 වෙනි දින චීනය බලා ගමන් කළ ගුවන් යානය අනතුරට ලක්වී ඇති බව සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රචාරය කළ විශ්වවිද්‍යාල සිසුවා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.
Read Moreබගවන්තලාව කොටියාගල වත්ත ප්‍රදේශයේ ඊයේ (23) දින බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමතුගම අධ්‍යාපන කලාපයේ අගලවත්ත 2 කොට්ඨාසයේ පාලින්දනුවර දික්හේන කනිටු විදුහලේ පුපුරුවා හැරීමට සකස් කල බෝම්බ 13ක් අද (24) දා අලුයම ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන බදුරලිය පොලීසියට භාර දී තිබේ.
Read Moreරක්නා ලංකා සමාගම ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධව පවතින පූර්ණ රාජ්‍ය සමාගමකි.
Read Moreදෙවන පාසැල් වාරයේ අධ්‍යයන කටයුතු ඉකුත් 13 දා ආරම්භ විමෙන් පසු මොණරාගල සෙවනගල සෝමාදේවි ප්‍රාථමික විදුහල්පතිවරයාගේ ජංගම දුරකථනයට තර්ජනාත්මක පණිවිඩයක් එවන ලද කාන්තාවක් ඊයේ (23) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව සෙවනගල පොලීසිය පවසයි.
Read Moreසහරාන් හසීම් නමැත්තා සමඟත් තවුහිද් ජමාත් සංවිධානය සමඟත් සමීප සබඳතා පවත්වමින් දිස්ත්‍රික්ක දෙකක අන්තවාදී දේශන සිදුකළ සංවර්ධන සහකාරවරයෙකු ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු හොරොව්පොතාන කිවුලේකඩ සහ කැබිතිගොල්ලෑව ඇල්ලැව යන ප්‍රදේශවලදි අද (24) උදෑසන අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලීසිය පවසයි.
Read Moreහෝමාගම ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රී කමල් චන්දන මහතාගේ මීගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසට අද (24) අලුයම කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි මීගොඩ පොලීසිය පවසයි.
Read Moreනාවලපිටිය බස් නැවතුම්පොළෙහි දුර ගමන් බස් රථ නැවතීම වෙනස් කිරීමට එරෙහිව ඊට විරෝධය පාමින් හැටන්- මහනුවර ලංගම හා පුද්ගලික බස් රථ අද (24) වර්ජනයක නියළිණි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ තේරීම් කාරක සභාවෙන් තමන් ඉවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.
Read Moreපූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මෑණියන් ඊයේ (23දා) රාත්‍රි උන්වහන්සේ සමඟ ජනාධිපති මෛතීපාල සිරිසේන මහතා හමුව තිබේ.
Read Moreපුත්තලම වාන්කුලම් වැවේ තිබු කඩු කිහිපයක් හා හිස් පතොරම් තොගයක් සමඟ තවත් ආයුධ කිහිපයක් යුධ හමුදාව හා නාවික හමුදාව එක්ව කල සෝදිසි මෙහෙයුමකදි ඊයේ ( 23) දහවල් සොයා ගත් බව පුත්තලම පොලීසිය පවසයි.
Read Moreකඩවත පොලිස් වසමේ ඉහළ බියන්විල පොලිස් වසමේ ප්‍රේමානන්ද මාවතේ සෝමවර්ධන විහාරය ඉදිරිපිටදි පිහියකින් ඇණ පුද්ගලයෙකු ඝාතනය කර ඇත.
Read Moreෙපාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරයට සැකපිට ශ්‍රී ලාංකිකයෙක් මියන්මාරයේදි අත්අඩංගුවට පත්ව තිබේ.
Read Moreහිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස පවතින කොළඹ විජේරාම මාර්ගය නවතත් වසා තබන ලෙස ඔහු ආරක්ෂක අංශවලට සඳහන් කර ඇතැයි කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.
Read Moreපූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනපති සමාව ලබාදීමට ගත් තීරණයට ද්‍රවිඩ ජාතික සන්ධානය විරෝධය දක්වා තිබේ.
Read Moreබදුරලිය, හැඬිගල්ල ප්‍රාථමික විදුහලක ගොඩනැගිල්ලක් අසළ තිබී අත් බෝම්බ 13 ක් සොයාගෙන ඇත.
Read Moreඉතින් දැන් අපේ කල්පනාව මෙතනින් ඉස්සරහට බණක් භාවනාවක් කරගෙන අපේ ශාසනික ජිවිතයට යන්න. ඒ ශාසනික ප්‍රතිපත්ති පිළිවෙත් ටික පුරාගෙන පාඩුවේ ඉන්න තමයි කල්පනාව.
Read Moreශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ නියෝජිත වතිකානයේ ප්‍රනාන්දු කාදිනල් ෆිනෝලි හිමිපාණන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (23) සවස කොළඹ, බෞද්ධාලෝක මාවතේ පිහිටි වතිකානු තානාපති නිල නිවසේ දී පැවැත්විණි.
Read Moreසරත් ෆොන්සේකා, රවි කරුණානායක, ජයම්පති වික්‍රමරත්න, ආශු මාරසිං, කාවින්ද ජයවර්ධන, රවුෆ් හකීම්, එම්.ඒ. සුමන්තිරන් යන මන්ත්‍රීවරුන් මෙලෙස පත්කළ බව කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.
Read Moreරිෂාඩ් බදියුදීන් ඇමතිවරයා ’සුද්ද කිරීමට’ තමන්ට උවමනා නොමැති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (23දා) පැවසීය.
Read Moreනාවික හමුදාව සහ මන්නාරම පොලීසිය එක්ව මන්නාරම් තාරාපුරම් ප්‍රදේශයේදි අද (23) සිදු කළ විශේෂ සෝදිසි කිරීමකදි වංලගු අවසරපත් නොමැතිව හක් බෙල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මන්නාරම් පොලීසිය පවසයි.
Read Moreත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ මාසික වැටුමට අමතරව ගෙවනු ලබන සලාක දීමනාව 2019 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශය නිවේදනයකින් පවසයි.
Read Moreමිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවු කලහකාරී සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ උපනායක මධුමාධව අරවින්ද මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
Read Moreපාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225ම ප්‍රතික්ෂේප කරමින් දේශපාලකයෙක් නොවන පුද්ගලයෙක් රටේ පාලකයා විය යුතුයි යනුවෙන් මත ප්‍රකාශ කරන්නේද දේශපාලන කොන්ත්‍රාතුවකට අනුව බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreපාසල්වල ආරක්ෂාව තහවුරු කරන බව පවසමින් දරුවන් පාසල් බෑග් ගෙන ඒම වැළැක්වීමට හෝ ඒ වෙනුවට ආදේශක ලෙස වෙනත් දෑ මිලදී ගන්නැයි බල කරමින් දරුවන් හා මවුපියන් අපහසුතාවයට පත්වන අන්දමේ සිදුවීම් කීහිපයක් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
Read Moreඅයි එස් සංවිධානය හා සබඳකම් ඇති වහාබ්වාදී ත්‍රස්තයින් 1000කට අධික පිරිසක් ද ත්‍රස්ත කඳවුරු 17ක්ද මේ රට තුළ තිබෙන බව ආරක්ෂක අංශ මගින් කළ විමර්ශනවලදී අනාවරණය වී තිබුණත් වත්මන් පාලකයන් වගකීම් විරහිත ප්‍රකාශ කරමින් එම තත්ත්වය පිළි නොගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාර වලින් පසු ගෙවී ගිය මාසයක කාලය නිකරුණේ ගෙවා දැමූ බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.
Read Moreඥානසාර හිමියන් නිදහස් කර තිබේ. උන්වහන්සේගේ ආරක්ෂාව හා රටේ පවතින ආරක්ෂක තත්ත්වය අනුව වෙනත් පිවිසුමකින් බන්ධනාගාරයෙන් පිටත්ව ගොස් තිබේ.
Read More