සජිත්ට සහාය දැක්වීමට වසන්ත සේනානායකගෙන් කොන්දේසි
ඉදිරි ජනපතිවරණයේදී තම සහාය නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීම වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සජිත් ප්‍රේමදාස මහතාගෙන් යම් කරුණු කිහිපයක් පිළිබඳව ඔහුගේ ස්ථාවරත්වය පිළිබඳව විමසීමක් කර තිබේ.
එම කරුණු සම්බන්ධයෙන් තමන්ට පැහැදිලි පිළිතුරක් නොලැබෙන්නේ නම් ජනපතිවරණ ව්‍යාපාරයට සහාය නොදක්වන බවත් ඔහු පවසයි.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකධුරයෙන් තමන් ඉල්ලා අස්වන බවත් එසේම කෙටි කාලීනව දේශපාලනයෙන් ඉවත්වන බවත් ඔහු සජිත් ප්‍රේමදාස මහතාට යොමුකළ ලිපියේ දැක්වෙයි.
ඔහු සඳහන් කළ කරුණු වන්නේ
01 එළැඹෙන මහ මැතිවරණයේ අග්‍රමාත්‍ය අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතාද?
02 රවී කරුණනායක මහතාට යම් හෙයකින් නැවතත් පාර්ලිමේන්තුව පත්වුවහොත් ඔහුට කැබිනට් අමැතිධුරයක් ලබා දෙන්නේද?
03 රිෂාඩ් බද්යුදීන් මහතාට කැබිනට් අමාත්‍යධුරයක් හිමිවන්නේද?
04 රවුෆ් හකීම් මහතා තවදුරටත් ජනපතිවරණ මෙහෙයුම් වේදිකාවේ ප්රමුඛ කාර්යයක් ඉටු කරන්නේද?
යන්නයි.
එසේම මැතිවරණ වේදිකාවල අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කළ ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් බිම් මට්ටමේ පක්ෂ ක්‍රියාකාරීන්ගේ මෙන්ම තමාගේද කනගාටුවක් ඇති බව ඔහු සිය ලිපියෙන් පවසයි.
එසේම මේ වෙනුවෙන් කොළඹදී මාධ්‍ය හමුවක්ද පැවැති අතර එහිදීද ඔහු සිය ස්ථාවරත්වය පැහැදිලි කළේය.



popular news
-
rocky Wednesday, 23 October 2019 06:28 PM
මහත්තයෝ, ඔබ නොම්මර එකේ වවුල් නාම්බෙක් බව පහු ගය කාලේ ගහපු කස්තිරම් වලින් මුළු රටටම පෙනුන.විලි ලජ්ජනතුව තව කොන්දේසි දාන්නත් එනවනේ!
Reply : 0 6
Rattharan Saturday, 26 October 2019 04:03 PM
දේශපාලන ගණිකාවෝ ..........
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

