දකුණු ආරක්ෂාව ගැන යැවූ ලිපියට පරීක්ෂණයක් ඕනෑ - ආණ්ඩුකාර
දකුණු පළාතේ පාසල්වල ආරක්ෂාව තර කරන ලෙස දකුණු පළාතේ සියලු පාසල් වෙත යවන ලද නිවේදනය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා අද (23දා) බලධාරීන්ට නියෝග කළේය.
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්යක්ෂ (ජාතික පාසල් හා පාසල් කටයුතු) විසින් කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහුට ලැබුණු චක්‍රලේඛයක් පදනම් කර ගනිමින් නිකුත් කර තිබුණි. එම නිවේදනය ඔහු විසින් නිකුත් කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ 2019.10.04 දිනැති නිවේදනයකට අනුවය.
දකුණු පළාත තුළ කිසිදු පාසලක, ආයතනයක, ප්‍රදේශයක ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් මේවන විට වාර්තා වී නොමැති බව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා විසින් දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා වෙත අද (23) පෙරවරුවේ සහතික කර තිබුණි.
දකුණු පළාත තුළ යම් නොසන්සුන්තාවයක් විශේෂයෙන්ම මාතර ප්‍රදේශයේ උද්ගත වූ බවට වාර්තා වුවද, ඒ කිසිවක් නිසි පදනමකින් තොරව ඇති වී ඇති බවත් දකුණු පළාත තුළ සාමාන්‍ය ජන ජීවිතය කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා වූ අවශ්‍ය ආරක්ෂක තත්ත්වයන්වල කිසිදු අඩු ලුහුඬුකමක් නොමැති බවද ඔහු පැවැසීය.
හිනිඳුම රවීන්දු ශ්‍රී ලාල්

popular news
-
චමින්ද Wednesday, 23 October 2019 05:56 PM
මේ සඳහා ආණ්ඩුකාරවර ට කරන්න තිබුනේ උපදෙස්දීම නොව ආයතන සංග්‍රහය අනුව මූලිඛ විමර්ශනයක් කිරීමට කෙනෙකු හෝ කණ්ඩායමක් පත්කිරීමයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

