කොහොඹ ගහෙන් ආ පැණි ?
හිඟුරක්ගොඩ කිඹුලාව ප්රදේශයේ නිවසක පිහිටි කොහොඹ ගසකින් නොකඩවා දින කිහිපයක් විශාල ලෙස පැණි ගස මුදුණේ සිට පහළට ගලා බසින බව නිවාස හිමියන් සහ ප්රදේශවාසිහු පවසති.
කොහොඹ ගහ හිමි නිවසියන් පවසා සිටින්නේ මෙවැන්නකි,
කොහොඹ ගහෙන් මිට දින කිහිපයක සිට ගංඟාවක් මෙන් දියරක් ගලා බසිනවා අපි දැක්කා. පාන්දරට ඉන්න බෑ සුවඳ ගමපුරා. පස්සේ මොකක්ද කියලා හොයලා බලපුවාම තමයි දැක්කේ . අර කොහොඹ ගහෙන් එන දියරවල සුවඳ බව. පස්සේ අපි ගමේ අයට කිව්වාට පස්සේ ඒක බලන්න විශාල පිරිසක් දැන් එනවා. ඒවා මී පැණිවලටත් වඩා රසයි.
එම නිවස අවට අලුයම ප්රදේශය පුරා විශාල සුවඳක් පැතිර යැම නිසා සොයා බලද්දි කොහොඹ ගසෙන් නිකුත් වෙන දියර වල එම සුවඳ හමන බව දැන ගැනිමට ලැබි ඇත. මෙම දියරවල සුවඳ නිසා සොයා බැලිමේ දි එම දියරය මී පැණි මෙන් රසක් ඇති බව ගම්වාසිහු පවසති. මෙම පැණි බිම සදහා බඹරුන්, දෙඹරුන්, මී මැස්සන් සහ විවිධ වර්ගයේ කෘමි සතුන් විශාල ප්රමාණයක් කොහොඹ ගසේ සිටින අයුරු දක්නට ලැබේ.
ගම්වාසින් පවසා සිටින්නේ මෙවැනි දෙයක් විශේෂයෙන්ම අධික තිත්ත රසක් ඇති කොහොඹ ගසකින් මී පැණිවලටත් වඩා රසයකින් යුතු පැණි ලැබිම පුදුමයට කරුණක් බවයි. මෙය දැක බලා ගැනිම සදහා විශාල පිරිසක් එම නිවසට පැමිණෙමින් සිටින අයුරුද දක්නට ලැබේ.
හිඟුරක්ගොඩ - ඩබ්.ඒ .පියතිලක



popular news
-
Sanjeeva Thursday, 24 October 2019 05:44 AM
ඉන්දියාවේ නම් වදින්න දේවාලයකුත් හදල
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

