අයථා වත්කම් ඉපයීම ඇතුළු චෝදනා කීපයක් සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයාට එරෙහිව කාන්තාවන් දෙදෙනකු අද (26) කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය වෙත පැමිණිලි කළහ.
එක් කිරි පට්ටිය උපදේශකවරයෙකු ට දෛනිකව කිරි ලීටර් පන්දාහක ඉලක්කයක් සැපිරිය යුතු බවත් එසේ නොකර තම වැටුප සාධාරණයක් ඉටු නොකරන නිලධාරීන් වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.
Read More’’දර්ගා ටවුන් බ්‍රේකින් නිව්ස්’’ නමින් සාමාජිකයන් 100 අතර අන්තවාදයට පක්ෂපා වට්ස්ඇප් ජාලයක් මෙහෙයවූ ප්‍රධාන සැකකරු සමඟ තවත් පුද්ගලයන් දෙදෙනකු ඇතුළු සැකකාර මුස්ලිම් ජාතික වයස 23 හා 20 වයස්වල පසුවන තරුණයින් තිදෙනකු අලුත්ගම පොලිසිය ඊයේ (25දා) සවස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.
Read Moreපසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපෙක්ෂව මේ වසරේ අප්‍රේල් මාසයේදී කොළඹ වරායේ මෙහෙයුම් ධාරිතාව 9.1%ක් ලෙස වර්ධනයක් ලබාගෙන ඇති බව කොළඹ වරාය නිවේදනය කරයි.
Read Moreඉන්දීය මහ මැතිවරණයෙන් ජය ලබා නැවතත් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ලෙස තේරි පත්වූ නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්වීමට නියමිත බව ඉන්දියාවේ ද හින්දු පුවත් සේවය වාර්තා කරයි.
Read Moreතහනම් කළ ජාතික තව්හීද් ජමාත් සංවිධානය සමග සබඳතා පැවැත්වූ බවට හොරොව්පතානේදී සැකපිට අත්අඩංගුවට පත් සැකකරුවන් පස් දෙනා සන්තකයේ තිබූ බැංකු ගිණුම්වල රුපියල් බිලියනයකට අධික මුදලක් ඇති බව පොලීසිය විසින් අණාවරණය කරගෙන තිබේ.
Read Moreමුස්ලිම් කාන්තාවන්ගේ විවාහ වන වයස් සීමාව අවුරුදු 18ක් බවට පත්කිරිමට අදාළව මුස්ලිම් විවාහ හා දික්කසාඳ පනත පනත සංශෝධනය කිරිමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිිංහ මහතා පවසා තිබේ.
Read Moreත‍්‍රස්තවාදීන්ගේ දෙවැනි ප‍්‍රහාරය පොසොන් පොහොයට පෙර බවත් ඉලක්කය භයානක බවත් සඳහන් අත්පත‍්‍රිකා රත්නපුර නගරයේ බෙදාහැරිය බව කියන පනස්හතර හැවිරිදි වියේ පුද්ගලයෙක් 25දා සවස රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.
Read Moreමහවිලච්චිය, කුඩා තම්මැන්නාව වැවේ වතුර වැලක තිබී සැකකටයුතු අන්දමින් මිය යන තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවූ බව පොලීසිය පවසයි.
Read Moreජාතික තවුහීද් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට සැකකරන මුස්ලිම් ජාතික පුද්ගලයන් දෙදෙනෙකු යුද හමුදාව විසින් ඊයේ (25දා) අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅයථා ආකාරයට වත්කම් උපයාගත හැකි බවට සැකපිට අත්අඩංගුවට පත් කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරි වේද වෛද්‍ය සෙයිගු සියාබ්ඩීන් මොහොමඩ් සාෆි නැමති දොස්තර පිළිබඳව වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.
Read Moreසතොස ආයතනයෙ 2014-2015 කාලයේ සහල් ආනයනය කිරීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවක් පිළිබඳව ප්‍රකාශයක ලබාදීම සඳහා
Read Moreබඳුරලිය පාසලක අත් බෝම්බ පාර්සලයක් තබා යෑමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩගුවට පත් 32 හැවැරිදි පවත්‍ර මධුශංක නම් සැකකරු වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබේ.
Read Moreඉදිරියේදි මුං ඇට හා රට කජු ආනයනය සම්පූර්ණයෙන් නවත්වන බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට චීනය පනවා තිබූ සංචාරක තහනම ඉවත් කර තිබේ.
Read Moreජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකුට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථානමාරුවීම් ලබාදී තිබේ.
Read Moreඅවුරුදු 42ක් වන සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි යන අය මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreරුපියල් කෝටි දෙකකට අධික හෙරොයින් කිලෝ 2.024ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාව වෙත පනවා ඇති සංචාරක තහනම් නියෝග ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදේශීය තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන්ගෙන් ඉල්ලා සිටියේය.
Read Moreජූනි 05 වන දාට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව පරිසර සතියක් ප‍්‍රකාශයට පත් කරමින් පරිසරය වෙනුවෙන් මේ වන විට ක්‍රියාත්මක කර ඇති සියලු වැඩසටහන් වඩා ශක්තිමත් සහ කාර්යක්ෂම කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් දෙයි.
Read Moreලෝක කුසලාන තරගාවලිය ආරම්භ කිරීමට මත්තෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එක්වූ පළමු පුහුණු තරගයෙන් ලකුණු 87ක පහසු ජයක් ලැබීමට ප්‍රතිවාදී දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධව අත්අඩංගුවට පත් සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41ක තිබූ රුපියල් මිලියන 140කට අධික මුදලක් තහනම් කිරිමට පොලීසිය කටයුතු කර තිබේ.
Read Moreබස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreහදිසි නීතිය මාසයකින් දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 14 කින් පාර්ලිමේන්තුවේදී අද (24දා) සම්මත වූයේය.
Read Moreරිෂාඞ් බදියුදින් ඇමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විවාදයට නොගෙන කල්මැරීමේ උත්සාහයක් ආණ්ඩුව ගෙන යන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreදූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා ජාතිවාදි ගැටුමකට සැරසෙන බව රාජ්‍ය බුද්ධි අංශ විසින් අණාවරණය කරගෙන තිබූ බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.
Read Moreසෘජුවම ධීවරයාගෙන් සහ බෝට්ටු හිමියාගෙන්ම ලංකා ධීවර සංස්ථාවට මාළු මිලදී ගැනීමේ දීප ව්‍යාප්ත වැඩසටහන තංගල්ල ධීවර වරායෙන් හෙට [ 25දා ] උදෑසන ආරම්භ කිරීමට නියමිතය
Read Moreයාපනයේ විද්‍යා සිසුවිය පැහරගෙන ගොස් අතරවර කොට ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට පොලිස් අත්අඩංගුවෙන් මිදී පළා යෑමට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින්
Read Moreඅමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතා හැසිරෙන්නේ කුඩා දරුවෙක් ලෙස යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පැවැසීය.
Read Moreබය නැති අගමැති හා ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියමින් උඩබුරපු සභා නායක ඇතුළු එජාපයේ සියලු දෙනා රිෂාඞ් බදියුදින්ගේ විශ්වාසභංගයට බය වෙලා ඉන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසයි.
Read More