saravita-anim2

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

Latest News - timelapse 10123 hours ago

LATEST

අගමැතිවරයා රටට කිසිවක් නොකල බවට පිළිගත්තා - SLFP

calendar_today 2019 ඔක් 23 - 21:00 remove_red_eye - 962  

සජිත් ප්‍රේමදාස මහතාට රට හැදීමට හැකි බවට අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන බවත් මේ අනුව අගමැතිවරයා රටට කිසිවක් සිදු නොකළ බවට පිළිගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

ඉදිරි උත්සව සමය වෙනුවෙන් හිඟයකින් තොරව කුකුල් මස් කිලෝවක් රුපියල් 450ට අලෙවි කිරීමට කුකුල් මස් නිෂ්පාදකයන්ගේ සංගමය සිය එකඟතාවය පළ කර ඇත.

Read More

ලබන වසරේ (2020) මුල් මාස 4 සඳහා වන අතුරු සම්මත ගිණුම සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදි සම්මත වී ඇත.

Read More

රෝයල් පාක් මිනී මැරුම් නඩුවේ වරදකරු වූ පුද්ගලයාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් තමන් සළකා බලමින් සිටින බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් විරෝධය දක්වන බව රෝයල් පාක්හිදී ඝාතනය ලක්වූ ඉවෝන් ජොන්සන්ගේ සොහොයුරිය වන කැරෙලින්සි ජොන්සන් පවසයි.

Read More

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීම සඳහා රාජ්‍ය බුද්ධි සේවයට (SIS) ප්‍රධාන වගකීම පැවරී තිබුණු බව එම ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා අද (23දා) දින පැවසීය.

Read More

මෙතරම් පිරිසිදු තැනක් තිබිය දී ඔය කුණු ගොඩකට කවුද යන්නේ එය හොඳයි නූගතුන්ට යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

පාසල් තුළ ආරක්ෂාව මුල් කරගනිමින් මේ වන විට අවස්ථාවාදී දේශපාලන ක්‍රියාවලියක් සිදුවන බවත් එයට නොරැවටෙන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

නොවැම්බර් 16 දා ශ්‍රී ලංකාවේ පැවැත්වන ජනපතිවරණයෙන් කුමන අපේක්ෂකයෙකු ජය ගත්තද එම අපේක්ෂකයා සමග ඇමෙරිකාවේ මානව හිමිකම් න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය පවසයි.

Read More

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර, ජනාධිපති අපේක්ෂක එම්. ඒ. එල්. එම්. හිස්බුල්ලා මහතාට නඩු පැවැරීමට කටයුතු කරන ලෙස අධ්‍යාපනය හා මානව සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර තිබේ.

Read More

අලියෝ කියන්නේ එසේ මෙසේ අය නොවන බවත් නැගිටින්න ටිකක් වෙලා ගියත් නැගිට්ටට පස්සේ කාටවත් හොල්ලන්න බැරි බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More

ජනාධිපති මැතිවරණ ව්‍යාපාරය තුළ ආගමික අන්තවාදී තත්ත්වයන් මතුකර දැක්විමේ උත්සාහයක් පවතින බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.

Read More

ජනපතිවරණය සම්බන්ධයෙන් කළ සමීක්ෂණ වාර්තාවලදී සජිත් ප්‍රේමදාස මහතා වේගයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සමීපවෙමින් තිබීමත් ඉන්දීය මාධ්‍යයද ඔහුගේ පිබිදීමක් ගැන වාර්තා කිරීමත් හේතුවෙන් මෙසේ ඔහුගේ මැතිවරණ ප්‍රචාරණය නව මගකට යොමුකිරීමට නියමිතව තිබේ.

Read More

ඉදිරි ජනපතිවරණයේදී තම සහාය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීම වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සජිත් ප්‍රේමදාස මහතාගෙන් යම් කරුණු කිහිපයක් පිළිබඳව ඔහුගේ ස්ථාවරත්වය පිළිබඳව විමසීමක් කර තිබේ.

Read More

සල්ලි නාස්ති කරනවානම් නැති පදමට බොනවා නම් දරුවෝ ගැන බලන්නේ නැති නාස්තිකාර ජීවිතයක් ගත කරන ගෙදරක් හැදෙන්නේ නැහැ වගේ නාස්තිකාර පාලකයෙක් ඉන්න රටක් හැදෙන්නේ නැතැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Read More

පසුගිය රජය සමයේදී ජනතාවට සහන ඉල්ලන විට ප්‍රතිවාදී අපේක්ෂකයාගේ රජය වෙඩි පිට වෙඩි වරුෂා එල්ල කර රටේ ජනතාව, මාධ්‍යවේදීන් ඝාතනය කළ බවත්, එම කුරිරු පාලනයක් ගෙන ගිය පුද්ගලයෝ අද නැවත රට තුළ මිනිමරු යුගයක් ඇති කිරීම සඳහා ව්‍යාජ අහිංසකත්වයක් රටට පෙන්වමින් බැටලු හම පොරවාගෙන ජනතවට සහන ලබා දෙනබවට ප්‍රකාශ කිරිමට උත්සාහ කරන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

දකුණු පළාතේ පාසල්වල ආරක්ෂාව තර කරන ලෙස දකුණු පළාතේ සියලු පාසල් වෙත යවන ලද නිවේදනය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා අද (23දා) බලධාරීන්ට නියෝග කළේය.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු කණ්ඩායම් කිහිපයක් බියට පත්වුවත් අනෙකුත් සියලුම ජනතාවට සතුටින් ජීවත්විය හැකි බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

Read More

රගර් ක‍්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය කීරීමේ සිද්ධියේ තොරතුරු වසන් කළ බවට චෝදනා ලැබ සිටින කොළඹ පළාත භාරව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා රෝගී තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් එම නඩු විභාගය ලබන නොවැම්බර් මස 07 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (23) නියම කළේය.

Read More

ලබන වසරේදී ශ්‍රී ලංකාවට ණය වාරික හා පොලිය ලෙස රුපියල් ට්‍රිලියනකට අධික මුදලක් ගෙවීමට සිදුව ඇති බවත් ඒ අනුව ලංකාවේ ණය ගෙවීම ට්‍රිලියන ගණන දක්වා ඉතිහාසයේ පළමු වතාවට වැඩිවී ඇති බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

Read More

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිවු ගිවිසුමත් සමග ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය පිළිබද මහජනතාව තුළ යම් සැකයක් පැවතුණානම් එම සැකය දුරුවි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත්වීම ස්ථිරවු බව මාතලේ දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පැවසීය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පිස්තෝලයක් පෙන්වා බිය ගැන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වසර පහක සිර දඬුවම් නියම වූ හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු වෙත හම්බන්තොට මහාධිකරණය ඇප නියම කර තිබේ. ඒ ඔහු ගොනු කළ අපෑලක් සලකා බලමිනි.

Read More

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 තුළම මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා 2019 ඔක්තෝබර් 22 දා සිට ත්‍රිවිධ හමුදාව වෙත පවරා තිබේ.

Read More

කාබන් බද්ද අහෝසි කිරීමට අදාළ පනත් කෙටුම්පත මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Read More

වත්මන් රජයේ දූෂණ වංචා සෙවීම පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ ජනපති පරීක්ෂණ කොමිෂන් සභාවේ දෙවැනි දිනටත් ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව එම කොමිෂමෙන් පිටව ගියේය.

Read More

තමා හා සහරාන් සිටින වීඩියෝවේ සිටින එක් පුද්ගලයෙක් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තන්කුඩි සංවිධායක බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

Read More

මඩු මාතාවන්ගේ දේවස්ථාන භූමිය නාගරික සංවර්ධන ප්‍ර දේශයක් බවට ප්‍රකාශයට පත්කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් නිකුත් තර තිබේ.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Read More

2020 වසරේ පළමු මාස හතරේ රජයේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් වූ අතුරු සම්මත ගිණුම මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Read More

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හා අනිවාර්ය නිවාඩු යවා තිබෙන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා යළිත් එළැඹෙන 06 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

හෙරොයින් කිලෝ ග්‍රෑම් 1 ග්‍රෑම් 04ක් ආනයනය කිරීම, සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරිම යන චෝදනා යටතේ ඉන්දීය ජාතිකයෙකුට මීගමුව මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.