saravita-anim2

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

Latest News - timelapse 10129 hours ago

LATEST

කැළණි ගඟේ හා අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට

calendar_today 2019 ඔක් 22 - 11:29 remove_red_eye - 605  

කැළණි ගඟේ ජල මට්ටම හා අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය නඩුව ඉවත දමමින් සඳහන් කර තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම්වරයා ලෙස රාජ්‍ය නිලධාරියෙක් ලෙස කටයුතු කරන කාලසීමාවට අදාළව මෙම නඩුව ගොනුකර ඇති හෙයින් ඔහු විදේශීය නිලධාරී මුක්තියට යටත් බවයි.

Read More

අයපහත් කාලගුණය හේතුවෙන් පවුල් 3048කට අයත් පුද්ගලයන් 10823ක් ආපදාවලට පත්ව තිබේ. පුද්ගලයන් 12ක් තුවාල ලබා ඇත.

Read More

අත්අඩංගුවට පත් සැකකරු අවුරුදු 24ක් වන මොහොමඩ් සපික් මොහොමට් සරාශ් යන පුද්ගලකෙි.

Read More

සහල් වෙළඳපොළේ පවතින ඒකාධිකාරයට එරෙහිව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ක්‍රියාත්මක කරන “ශක්ති“ සහල් වැඩසටහන තවත් සංධිස්ථානයකට පැමිණෙමින් අපනයන ප්‍රමිතියෙන් යුතු “රන්කෙත“ සහල් සන්නාමය ඊයේ (21දා) වැලිසර, සතොස තොග ගබඩා පරිශ්‍රයේදී හඳුන්වා දුන්නේය

Read More

අප්‍රේල් 21 වැනිදා ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයාබැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව හෙට (23දා) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

දිල්රුක්ෂි ඩයස් විනිශ්චකාර තනතුරකට පත්කරන ලෙස ඉල්ලමින් අගමැති රනිල් යොමුකළ ලිපියක් ජනපති කාර්යාලයේ නෑ

Read More

“පසුගිය වසර හතර තුළ, එජාපය ප්‍රමුඛ රජය ලබාගෙන ඇති ණය ප්‍රමාණය, 1948 පෙබරවාරියේදී අප නිදහස ලැබීමෙන් පසුව 2014 දෙසැම්බරය දක්වා ගත වූ දශක හය තුළ වන සමස්ත ජාතික ණය හිඟයෙන් 50%කට සමානයි.”

Read More

කොළඹ ආනන්ද විද්‍යාලය සතු මෙම සත්මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ඇරඹුණේ 2015දී වන අතර එහි ඉදිකිරීම් තවමත් අවසන් නොවී තිබියදීම මෙලෙස සිසු අයිතියට පත් කිරීමට සැලසුම් කිරීම දරුවන්ට අනාරක්ෂිත තත්ත්වයක් බවට චෝදනා කරමින් විද්‍යාලයේ සිසුන්ගේ දෙමාපියන් සහ ආදි සිසුහුද ඊයේ (21දා) මීට එරෙහිව විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

Read More

එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරණයෙන් දිනුවේ නැත්නම් අද තියෙන්නෙ දෙපලු වෙච්ච රටවල් කෑලි දෙකක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු විය හැකි නීතිවිරෝධී කටයුතු වැලැක්විම අරමුණු කර ගනිමින් නාවික හමුදාව විසින් සිදු කරනු ලබන මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ලෙස මන්නාරම් මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් සහ පුද්ගලයින් පස්දෙනෙකු ඊයේ (20) නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

පවතින වැසි තත්ත්වය නිසා මෑත ඉතිහාසයේ ඉහළම ජල විදුලි නිෂ්පාදනය මේ දිනවල වාර්තා කර තිබෙන අතර, විදුලි ඉල්ලුම ගිගාවොට් පැය දහයකින් අඩු වී තිබේ.

Read More

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තියවේදින්ගේ ආයතනය පිහිටුවීම සම්බන්ධයෙන් පත්කරන ලද කමිටුවේ වාර්තාව ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හා අමාත්‍යාංශ ලේකම් සුනිල් සමරවීර මහතා වෙත භාර දී තිබේ.

Read More

ක්‍රමිකව ණය අර්බුදයෙන් ගොඩ ඒමේ සැලැස්මක් සකසා, ක්‍රමානුකූලව ණය ගෙවී ගෙන යන ආකාරයේ සැලැස්මක් ඉදිරිපත් කරන බව ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති ධුර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Read More

වත්මන් නවීන ලෝකය දුවන්නේ ප‍්‍රායෝගික මිනිසුන් අතින් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

කොළඹ මහගමසේකර මාවතේ (පෙර පැජට් පාර ), පිහිටි ජනාධිපති නිල නිවස ජනපති මෛත්‍රිපාලි සිරිසේන මහතා විශ්‍රාම යෑමෙන් පසුවද ඔහුගේ භාවිතය වෙනුවෙන් වෙන් කිරීම හේතුවෙන් රුපියල් මිලියන 360ක වරප්‍රසාදයක් ඔහුට ලැබෙන බව ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.

Read More

යාපනය,කොන්ඩාවිල් ප්‍රදේශයේදී වයෝවෘද්ධ කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කොට තිබියදී අද (21) අලුයම මළ සිරුර හමු වූ බවට යාපනය පොලීසිය පවසයි.

Read More

පොදුජන එක්සත් සන්ධානය නමින් සන්ධානයක් හෙට අනිද්දා ලියාපදිංචි කරන බවත් ඒ සන්ධානයේ ඡන්ද ලකුණ ලෙස පුටුව තෝරාගෙන ඇති බවත් මේ මැතිවරණයෙන් පසු එළඹෙන සෑම මැතිවරණයකදීම නව සන්ධානය පුටුව ලකුණින් තරග කරන බවත් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

Read More

ජපානයේ අධිරාජ්‍යයා ලෙස අලූතින් පත්වූ නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යයට සහභාගීවීම ස`දහා ජපානය බලාපිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (21) පස්වරුවේ ටෝකියෝ නුවර නරිටා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළගා විය.

Read More

මෙම ජලාශය ඉදිකිරීමේදී ඒ සඳහා අත්පත් කර ගත් පුහුල්පොල කුඩා නගරයද මේ වනවිට ජලයෙන් යට වී තිබේ.

Read More

වසර 14 කට පසු එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු මෙවර ඉදිරිපත් කල බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි.

Read More

පොහොර හිඟයක් පවතින බවට ගෙනයන තොරතුරු අසත්‍ය බවත් මහ කන්නයට අවශ්‍ය පොහොර ගෙන්වා අවසන් බවත් කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පැවැසීය

Read More

මාතෘ නිවාඩු පුළුල් කරනවා. ක්ෂුද්‍ර මූල්‍ය ණය කපාහරිනවා. ජාතික කාන්තා බැංකුවක් ස්ථාපිත කරනවා.

Read More

එක්සත් ජාතික පාක්ෂිකයන් ඡන්දය දී පත්කර ගත් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වෙනත් පක්ෂයක් බදාගෙන එක්සත් ජාතික පක්ෂයට වින කරන නිසා එක්සත් ජාතික පක්ෂයේම පුද්ගලයෙක් ජනාධිපති තනතුරට පත් කරගෙන පක්ෂයේම අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් පත්කරගැනීමට එක්සත් ජාතික පාක්ෂිකයින් වගකීම ගත යුතුයැයි වරාය හා නාවික කටයුතු සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

Read More

වියළි මිරිස් බද්ද රුපියල් 20කින්, ආනයනික මාළු බද්ද රුපියල් 75කින් අඩු කෙරේ. කුකුළු මස් හා බිත්තර ආනයනයට අනුමැතිය. රජයේ වී ගබඩා වල ඇති වී තොග සහල් බවට පත්කර සම්බා කිලෝවක් රුපියල් 85කට හා නාඩු කිලෝවක් රුපියල් 80කට අලෙවියට.

Read More

එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන පන්දු 100 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ සුපිරි විස්සයි20 ක්‍රීඩක ලසිත් මාලිංග අලෙවි වී නොමැත.

Read More

දෙමළ ජාතික සන්ධානයේ කිසිදු කොන්දේසියකට යටත් වීමට තමන් සූදානම් නැතැයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.

Read More

ජනාධිපතිවරණයට නාමයෝජනා භාර දුන් දිනයේ සිට ඊයේ (20දා) දක්වා මැතිවරණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 1134ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලඥයින් වන විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසට ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව කියවීමට හෝ තේරුම් ගැනීමට නොහැකි බවත් ඒ හරහා ශ්‍රී ලංකාවේ භාෂා ප්‍රතිපත්තිය තීරණය කිරීමට කටයුතු කරන බවත් ඔහු පෙන්වා දෙයි.

Read More

ශ්‍රී ලංකාවේ ජනපතිවරණය ඉන්දියාවේ සමීප අවධානයට යොමුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.