saravita-anim2

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

Latest News - timelapse 10065 hours ago

LATEST

රිය අනතුරකින් 30ක් තුවාල ලබයි

calendar_today 2019 නොවැ 05 - 17:15 remove_red_eye - 255  

තණමල්විල කුඩාඔය අලි වංගුව අසළදී ටිපර් රථයක් හා පුද්ගලික බස් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් බස් රථයේ රියදුරු ඇතුළු මගීන් 29ක් හා ටිපර් රථයේ රියදුරු තුවාල ලබා තණමල්විල රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

මහා විශාල ලෙස යුද්ධය කරපු මගේ ආණ්ඩුව යටතේ රාජ්‍ය සේවක පඩිය මම පස් ගුණයකින් වැඩි කළා. මම යුද්ධයෙන් තුන් කාලයක් ඉවර කළා. යුද්ධය කළේ මම ගෙන්වපු ආයුධ තුළින්.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ කීර්තිමත් විදුබිමක් වන හේනේගම මධ්‍ය විද්‍යාලය ජාතික පාසලක් බවට ප‍්‍රකාශයට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රධානත්වයෙන් අද (05දා) පෙරවරුවේ සිදු විය.

Read More

සැකකරු පිළිබඳව තොරතුරක් දන්නේ නම් 011-2326936/071-8591774 යන අංක හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අමතන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

මොරහැල සණස බැංකු ශාඛාවේ තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි පහළොවකට ආසන්න මුදලක් වංචා කළ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු කළමනාකාරිනිය නොවැම්බර් මස 19 වැනිදා දක්වා යළි හයවැනි වරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (05 ) නියෝග කළේය.

Read More

සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම, එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අර්ජුණ රණතුංග, රාජිත සේනාරත්න, මංගල සමරවීර, මනෝ ගනේෂන්, ජයම්පති වික්‍රමරත්න හිටපු අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්න, වික්‍රමබාහු කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිති.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇතුළු අපේ කණ්ඩායම ඉන්නේ මේ රට හැමදාමත් දුප්පත් කියකියා ඉන්න නොවන බවත් මේ රටේ ජනතාව දුප්පත් කරලා තියෙන්නේ මේ රටේ දේශපාලනයෙන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

Read More

ජනාධිපතිවරණය සදහා රජයේ මුද්‍රණාලය මගින් මුද්‍රණය කරන ලද ඡන්ද පත්‍රිකා සියල්ලම මැතිවරණ කොමිෂන් සභාවට අද (05දා) බාරදීමට රජයේ මුද්‍රණාලය කටයුතු කර තිබේ.

Read More

තමන්ගේ ප්‍රතිපත්ති මාලාවට අනුව පරිසරය සුරක්ෂිත කිරීම කොටස් හතරක් යටතේ සිදුකරන බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා සඳහන් කළේය.

Read More

මේ සතියේ සිට කිසිදු හිඟයකින් තොරව ගෑස් සැපයිය හැකි බවට ගෑස් සමාගම් සහතික වූ බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

Read More

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කිරීමත් සමගම එම පක්ෂයේ මන්ත්‍රීවරු උතුරේ ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන් මේ දිනවල ආරම්භ කොට තිබේ.

Read More

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට ගෙන තිබෙන තීරණය අහෝසි කරන ලෙස ඉල්ලා නිදහස් චතුරශ්‍රය තුළ උපවාසයක් ආරම්භ කළ පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියෝ දහවල් දානය ප්‍රතික්ෂේප කළ බව පරිසර සංවිධාන සඳහන් කරයි.

Read More

ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානය වෙත ජනාධිපතිවරණය සම්බන්ධව ඊයේ (04) පස්වරු 4.00 දක්වා ලැබු මැතිවරණ පැමිණිලි අතුරින් 24ක් අසත්‍ය පැමිණිලි බවට පරික්ෂණවලදි අනාවරණය වි ඇති බැව් එම මධ්‍යස්ථානය පවසයි.

Read More

වවුනියාව ආච්චිපුරම් ප්‍රදේශයේදී විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට හා විදුලි අධිකාරිවරයාට පහරදුන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අද (05) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අනුර අබේවික්‍රම මහතා පැවසීය.

Read More

රට දරුණු තැනකට මේ පාලකයන් ගෙනත් ඇති බවත් එය 16 වනදා වෙනස් වන බවත් මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසිය.

Read More

තමන් කොන්දේසි වලට යටත් වී සිටින බවට අසතය ප්‍රචාර ගෙන යන ඇතැම් මාධ්‍ය ආයතන සහ කණ්ඩායම් තමන්ට එරෙහිව මඩ ප්‍රචාර එල්ල කරන බවත්, ඡන්ද ලබා ගැනීම සඳහා කොන්දේසි පසුපස ගොස් රට, ජාතිය, ආගම තම ඡන්මය නොවිකුණන බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

Read More

ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය හා අත්සන් කිරීමට නියමිතව තිබූ ගිවිසුම අද දිනයේදී අත්සන් කිරීමේ සූදානමක් ඇති බවට තම සංගමය ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ලැබුණ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරයි.

Read More

ආණමඩුව නගරයේ ඊයේ (4) දින සවස පැවති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රැළියකට ගොස් ආපසු කරුවලගස්වැව බලා එමින් සිටි පිරිසක් රැගත් බස් රථයකට ලී කදන් දමා හරස් කර එහි සිටි පිරිසට පහර දී ඇති බව කරුවලගස්වැව පොලීසිය පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සංවිධානය කළ මාතර දිස්ත්‍රික් තරුණ සමුළුවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු සභාපති මහීල් බණ්ඩාර මහතා එක්ව තිබේ.

Read More

මැතිවරණ නීති උල්ලංගණය කිරීම් පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා පොලීසිය මෙවර සියුම් කැමරා භාවිත කිරීමට තීරණය කර තිබේ.

Read More

ඇමෙරිකාව හා අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් නොකරන ලෙස රජයට බල කරමින් උඩුදුම්බර කාශ්‍යප හිමියන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී උපවාසයක් ආරම්භ කළහ.

Read More

ටෙලෝ සහ ප්ලොට් සංවිධානවල සහාය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාට හිමිවීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ නිල ප්‍රකාශයක් සිදුකරන බව ටෙලෝ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දී තිබේ.

Read More

පොහොට්ටුව සමග අත්සන් කර හොර රහසේ තබාගෙන ඇති ගිවිසුමට අනුව ශ්‍රීලනිපයේ මළගම සහතික කළා

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරකීමේ සංවිධානය විසින් අද (05දා) පවත්වන සමුළුවට සහභාගි වන ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ට විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව අද රාත්‍රියේදී රැස්වීමට නියමිතව තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය හිටපු ජනාධිපති චන්ද්‍රිකා පාර්ශ්වයට හිමිකරගනියිද නොඑසේනම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයට හිමිකරගනිදැයි යන්න පිළිබඳ තීරණාත්මක දිනයක් බවට අද (05දා) දිනය පත්ව තිබේ.

Read More

මුල්ලේරියාවේදී හෙරොයින් ග්‍රෑම් 7.250ක් සමග මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අරුණ සමීර නැමැත්තෙකි.

Read More

ඉසෙඩ් ස්කොර් ක්‍රමය අහෝසි කරනවා කියන්නේ රතුපස්වල ඝාතනයට වඩා භයානක ක්‍රියාවක් බව කිව යුතුයි. රතුපස්වල ජීවිත ඝාතනයක් සිදු වුණා. මෙමගින් විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට සිටින තරුණ තරුණියන්ගේ අනාගතය ඝාතනය කරනවා.

Read More

ජාතිවාදී බලවේග වලට යටවුණ ඇමතිවරුන් ඉන්න වත්මන් රජයට ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැරි වුණ බවත් වත්මන් රජය ජාතික ආරක්ෂාව පිළිබඳව තැකීමක් නොකළ නිසා රටේ නැවතත් බෝම්බ පිපිරෙන්න පටන් ගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More
STOP USA
4 11 2019 21:05:00

ඇමෙරිකාව හා අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමේ වළකින ලෙස රජයට බල කිීරීමේ විරෝධතාවක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැතියේය.

Read More

බදුල්ලේ මේ දිනවල පැතිරයන වෛරස් උණක් නිසා ජනතාව දැඩි පීඩනයකට පත්ව සිටිති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.