ශ්‍රීලනිප සුරැකීමේ සමුළුවට යන පාක්ෂිකයන්ට විනය ක්‍රියාමාර්ග
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානය විසින් අද (05දා) පවත්වන සමුළුවට සහභාගි වන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රාත්රියේදී රැස්වීමට නියමිතව තිබේ.
පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර, අද පැවැත්වෙන සමුළුවට යන පිරිස් පිළිබඳ සොයාබැලීමට විශේෂ කණ්ඩයමක්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යොදවා තිබෙන බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානය තුළ පක්ෂයෙන් ඉවත්කළ පිරිස් ඇතුළත් වුවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් පාලන ආයතන නියෝජිතයන් පිරිසක් හා සංවිධායකවරුන් පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හෝ දෙදෙනෙකු සහභාගි වීමට නියමිතව තිබේ.
මීට අමතරව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අනුශාසකවරු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අපේක්ෂකයා සමග ගිවිසුම්ගත වීම හා සුරකීමේ සංවිධානයකට නායකත්වය ලබාදීමේ චෝදනාව මත විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙන බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

