කිසිම කොන්දේසියකට යටත් නෑ - සජිත්
තමන් කොන්දේසි වලට යටත් වී සිටින බවට අසතය ප්‍රචාර ගෙන යන ඇතැම් මාධ්‍ය ආයතන සහ කණ්ඩායම් තමන්ට එරෙහිව මඩ ප්‍රචාර එල්ල කරන බවත්, ඡන්ද ලබා ගැනීම සඳහා කොන්දේසි පසුපස ගොස් රට, ජාතිය, ආගම තම ඡන්මය නොවිකුණන බවත් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ මහියංගනය නගරයේ පැවති ජන හමුවට ඊයේ (04) දින රාත්රියේදී එක්වෙමිනි. ජනාධිපතිවරණය වෙනුවෙන් සංවිධානය කළ 100 වැනි ජන හමුව මෙය මේ.
“දැන් බොරු කතා ගොතනවා සජිත් ප්‍රේමදාස කොන්දේසි වලට යටත් වෙලා කියලා. මොන කොන්දේසිද ? කාගේ කොන්දේසිද ? කියා මම එම පුද්ගලයින්ගෙන් අහනවා. අපේක්ෂකත්වය දෙන විටත් විවිධ අය කොන්දේසි දමන්නට ආවා. මම ඒ මොහොතේ කොන්දේසියි, අපේක්ෂකත්වයයි දෙකම තියා ගන්න කියලා කිව්වා. මම කිසිම කෙනෙකුට යටත් වෙන්නේ නැහැ. මට හොද කොන්දක් තියෙනවා. කොන්දේසි පස්සේ ගිහින් රට, ජාතිය, ආගම, විකුණන්නේ නැහැ. කිසිම දේකට සජිත් ප්‍රේමදාසගේ ඡන්මය විකුණන්නේ නැහැ.
පචවාහිනී මෙලෙස මඩ ගහන්නේ, තමන්ට අවශ්‍ය පුද්ගලයා බලයට ගෙනවිත් හිරේ ඉන්න ඇත්තන්ව එළියට ගැනීමේ අරමුණ ඉටු කර ගැනීම සඳහායි. මේවා කියන්න නොසිටියත් දැන් කියන්න සිදු වෙලා තියෙනවා. මොන තරම් මඩ ගැහුවත්, චරිත ඝාතන කළත් ඒ හැම දෙයක්ම දරා ගැනීමේ හොඳ හයියක් මට තියෙනවා.
මේ ඇත්තන්ට මාව විවේචනය කරන්න බැහැ. ඒකීය ශ්‍රී ලංකාවක්, ස්වෛරී ශ්‍රී ලංකාවක් තුළ ආගම, ජාතිය, මාතෘ භූමිය සුරැකීම යන ඒ ප්‍රතිපත්ති අකුරටම අනුගමනය කරන පුද්ගලයෙක්. හොරාකාපු, මංකොල්ල කාපු, දූෂණය වංචාව ක්‍රියාත්මක කරමින් රටට කොඩිවිනයක් වුණු, ආගම දහමට, රටට, සංස්කෘතියට ලැදියාවක් නැති කිසිම අයෙකුම පත්වීම් ලබා දීමට මා අත්සන් කරන්නේ නැහැ”

popular news
-
Champa Tuesday, 05 November 2019 01:00 PM
2015 පෙබරවාරි මුලින්ම comments ලියන කොට ලියපු දේම නැවත ලියනවා. දෙමල මුස්ලිම් ජාතිවාදීන් සහ බෙදුම්වාදීන් එක්ක එකතු වෙන කිසිම පක්ෂෙකට චන්දෙ දෙන්න එපා කියන එක. ඒ වගේම සම්බන්ධන්ටත් වඩා වැඩි ජාතිවාදී බෙදුම්වාදියෙක් වන විග්නේශ්වරන්වත් එක හෙලාම ප්‍රතික්ෂේප කල යුතුයි. ඊළඟට සිංහලයන් නොඉල්ලූ, දෙමල මුස්ලිම් බෙදුම්වාදීන් ඉල්ලූ විදිහට ව්‍යවස්ථාවේ මොනයම්ම හෝ ප්රතිසංස්කරණයක් කරන්න එකඟ වෙන අපේක්ෂකයාවත් ප්‍රතික්ෂේප කල යුතුයි. ඒ මොකොද කිව්වා නම් තියෙන ව්‍යවස්ථාව දැනට සිංහලයන්ට තියෙන එකම හව්හරණ නිසා. ඊළඟට මේ සියල්ලට වඩා, ඒ කියන්නේ කොටින්ම අනාගතේ අපේ රටට ත්‍රස්තවාදයටත් වඩා දරුණු තර්ජනයක් වෙන ඇමරිකන් MCC, SOFA, VFA ගිවිසුම් (අත්සන් කරපු ACSA ගිවිසුම ව්‍යවස්ථාවට විරුද්ධයි) අත්සන් කරන්නේ නැහැ කියල පැහැදිලිව සහ සෘජුව නොකියන අපේක්ෂකයන්ද එක හෙලාම ප්‍රතික්ෂේප කල යුතුයි. රටට හැබැවටම ආදරයක් තියෙනවා නම් ජනාධිපති අපේක්ෂකයන් ඇමරිකන් ගිවිසුම් ප්‍රතික්ෂේප කල යුතුයි. එසේ නොකරන කවුරු වුනත් ඔහුව ප්‍රතික්ෂේප කල යුතුයු. ජනතාව පුරා අවුරුදු 5ක් කට්ට කෑවේ යහපාලනය වෙනුවට ඇමරිකන් පාලනයක් ගේන්න නෙමෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

