රිය අනතුරකින් 30ක් තුවාල ලබයි
තණමල්විල කුඩාඔය අලි වංගුව අසළදී ටිපර් රථයක් හා පුද්ගලික බස් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් බස් රථයේ රියදුරු ඇතුළු මගීන් 29ක් හා ටිපර් රථයේ රියදුරු තුවාල ලබා තණමල්විල රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.
මාතර සිට මොණරාගල දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇත. තණමල්විල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
popular news
-
Rufus Randeniya Wednesday, 06 November 2019 05:56 AM
බොහොමයක් රිය අනතුරු වංගු වල සිදුවන්නේ එම වන්ගුවල අනාරක්ෂිත කම නිසාය. මෙරට රේල් පාරවල් දිගේම දක්නට ලැබෙන ඉවත් කළ රේල්පීලි භාවිතා කර මග දෙපස ආරක්ෂිත වැටවල් දැමීම මගින් ජීවිත හා වාහන රැක ගත හැකිය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

