saravita-anim2

2025 අගෝස්තු මස 17 වන ඉරිදා

2025 අගෝස්තු මස 17 වන ඉරිදා

Latest News - timelapse 9728 hours ago

LATEST

මහින්ද - සම්බන්ධන් සහාය දුන්නොත් හෙට හවස ආණ්ඩුව පරාදයි

calendar_today 2019 ජුලි 10 - 14:23 remove_red_eye - 1400  

කොළඹට ප්‍රහාරයක් එල්ල වෙන බව දැනගත්තාම අගමැතිට කොළඹින් පිටවෙන්න කියලා ආරක්ෂක අංශ කිව්වාම අගමැති කොළඹින් පිට ගියා.

මුලතිව් මුල්ලියාවලෙයි කොණ්ඩයිමඩු ප්‍රදේශයේ සඟවා තිබූ මෝටාර් උණ්ඩ 7ක් ඇතුළු යුද උපකරණ තොගයක් ඊයේ (09) සවස අධිකරණ නියෝගයකට අනුව විනාශ කර දැමීමට පියවර ගත් බවට මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර පවසයි.

Read More

වැඩ කරන අයගේ ගිණුම් බැලුවාම ඒ අයගේ ගිණුම් තුළ එක්සත් ජාතික පක්ෂයේ පෝස්ට් තිබෙනවා. 2017දී දාලා තිබෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්.

Read More

රුපියල් ලක්ෂ 30කට විකිණීමට සැලසුම් කළ ගජමුතු දෙකක් සමග සැකකරුවෙකු අද (10) අලුයම වවුනියාව නෙඩුන්කුලම් ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බවට වවුනියාව පොලිස් නොවිසුඳුණු අපරාධ විමර්ශන ඒකකය පවසයි.

Read More

ශ්‍රී ලංකා දේශපාලනයේ ඇත්තේ බලු කපුටු දාන බවත් මේ අනුව ඡන්ද දායකයා සුනඛයෙක් එසේත් නොමැතිනම් කපුටෙක් ලෙස ජීවත් වන බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

රුහුණු සරසවි සිසුන්ගේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් එම විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීමට එරෙහිව අග්‍රාමාත්‍යවරයාටත්, ආණ්ඩුවටත් එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ආරම්භවිය.

Read More

ඊයේ (9දා) රාත‍්‍රියේ රත්නපුර නගරයේ වාහන සෝදිසි කිරිමක දී අම්පාරේ සිට කොළඹ බලා යමින් තිබූ පුද්ගලික බස් රථයක් පරීක්‍ෂා කිරීමේ දී කිලෝග‍්‍රෑම් 150 ග‍්‍රෑම් 180ක් බරැති කැට ලෙස තිබූ ඇමෝනියා පාර්සලයක් හමුව තිබේ.

Read More

ජලය ලබාගැනීම වෙනුවෙන් රතුපස්වලදී විරෝධයේ යෙදුණ ජනතාවට වෙඩි තැබීමේ නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයක් පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කළ ප්‍රකාශයකට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය සිය විරෝධය ප්‍රකාශ කරයි.

Read More

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම අනුව අද (10දා) උදෑසන 6.00 වන විට අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් ගණන 1763ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read More

කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටස ලබන සැප්තැම්බර් මාසයේදී විවෘත කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකා මුහුදු තීරයේ කොරල්පරවලින් සියයට 90ක් මියගොස් ඇති අතර, ඉතිරි සියයට 10ක ජීවී කොරල්පර ප්‍රදේශ වහාම අභය භූමි බවට පත්කිරීමේ අවශ්‍යතාවක් උද්ගතව ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී, ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා අවධාරණය කරයි.

Read More

මාස හයකට අධික කාලයක් පොළොන්නරුවට පැවැති නියං තත්ත්වය සහ වියළි කාලගුණික තත්ත්වය හමාර කරමින් වැලිකන්ද ප්‍රදේශයේ සහ අවට ගම්මාන වලට අද (9) සවස අයිස් වැසි සමග අධික වැසි ඇඳහැලිණි.

Read More

ශ්‍රී ලංකාවේ සරම්ප රෝගියෙක් අවසන් වශයෙන් වාර්තා වී ඇතේතේ 2016 වසරේ මැයි මාසයේදීය.

Read More

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට නිසි කලට වැසි නොලැබිම සහ තවදුරටත් පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව අද (09) වන විට තවදුරටත් පහළ බැස ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.

Read More

රජයේ ඉඩමක දසවසරක් භුක්ති වින්ද හොත් සින්නක්කර ඔප්පුව ලබාදෙන රජයේ වැඩසටහනට යටතේ ඉඩම් ලබාගැනීමේ අරමුණ ඇතිව ව්‍යාජ ලෙස රජයේ රක්ෂිත අත්පත් කරගන්නා මහා පරිමාණ ජාවාරමක් ඓතිහාසික රිටිගල කඳු පාමුල ගනේවල්පොළ කඳුබොඩ ප්‍රදේශයේදි මේ දිනවල ක්‍රියාත්මක වන බව ප්‍රදේශවාසීහු පවසති .

Read More

මේ වර්ෂයේදී සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන නවීකරණයට පියවර ගන්නා බව අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

Read More

වැලිමඩ පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිමට ගත් බදුලිය මාවත, සිල්මියා පුර පදිංචි සාහුල් හමීඩ් හිස්බුල්ලා යන අය මෙහොමඩ් සහරාන් සමඟ පුහුණුවිම් හා අවිපුහුණුව ලබා ඇති බව අනාවරණය වි ඇත.

Read More

ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය 254 ක්වූ ජීවිතවලට කරන ගෞරවය තමයි රටේ එක නීතියක් හදන එක යනුවෙන් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

Read More

ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලද තොරතුරකට අනුව එම අධිකාරියේ නිලධාරීන් සහ ගම්පහ දිස්ත්රිණක් ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් විසින් කැලණිය දුම්රිය පොළ පාරේ පවත්වාගෙන ගිය මහා පරිමාණයේ ව්යාරජ ඖෂධ නිෂ්පාදනාගාරයක් අද (9) වටලනු ලැබීය.

Read More

ජාතික ආරක්ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලයක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.

Read More

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

Read More

ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව එකඟතාවයකට පැමිණි බවත් ඒ අනුව විදුලි සැපයුමට කිසිඳු බාධාවක් ඇති නොවන බවත් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.

Read More

මන්නාරම මඩු ප්‍රදේශයේ පිහිටි සංගිලි පාලම නොහොත් එල්ලෙන පාලම නඩත්තුවට හෝ ආරක්ෂාවට කිසිවෙකුත් නොමැති වීමෙන් එය විනාශ වී යාමේ අවදානමක් පවතින අතරම පාලමේ යකඩ තහඩු ගැලවීමේ අවදානමක්ද පවතින බවට ප්‍රදේශවාසීහු පවසති.

Read More

මම මේකට සැක සහිත පුද්ගලයන් තිදෙනෙකු නම් කළා. ඉන් දෙදෙනෙකුගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුමට ගියාම ජනපති ලේක්ම් කාර්යාලයේ සේවය කරනවා.

Read More

සබරගමුව, මධ්‍යම, බස්නාහිර හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි හා ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණ තිබූ භූ ගර්භ පරීක්ෂාවන් සිදු කළ හැකි දකුණු අප්‍රිකාවට අයත් ’’ ස්පෙක්ට්‍රම් ’’ ගුවන් යානය අද (9) දින උදෑසන මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ .

Read More

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ඇප ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකණය දුන් නියෝගයට එරෙහිව අභියාචනාධිකරණයේ ඇපෑලක් ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Read More

ඩෙංගු රෝගය හේතුවෙන් මාතර වැලිගම ප්‍රදේශයේ සරසවි සිසුවියක ජිවිතක්ෂයට පත්ව ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු පැවසිය .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.