නොකඩවා ඇඳ හැලෙන මහ වැසි හේතුවෙන් තබ්බෝව ජලාශයේ ජල මට්ටම ඉහළ යාමත් සමග වාන් දොරටු හතරක් විවෘත කිරිමට කටයුතු කල බව පුත්තලම ප්රාදේශීය වාරිමාර්ග ඉංජීනේරු දිලිප හෙට්ටිආරච්චි මහතා අද ( 1 ) දින පැවසිය.
තබ්බෝව ජලාශයේ ජල මට්ටම අද දින උදෑසන වන විට අඩි 17 යි අගල් 6 කට ආසන්න වි තිබුණි.
විවෘත කල දොරටු හතරින් දොරටු දෙකක් අඩි දෙක බැගින්ද අනෙක් දොරටු දෙක අඩිය බැගින් ද ලෙස තප්පරයට ඝන අඩි 6000කට ආසන්න ජල ප්රමාණයක් මි ඔය දිගේ පුත්තලම කලපුවට මුදා හැරිමට කටයුතු කර ඇති බව ප්රදේශීය වාරිමාර්ග ඉංජිනේරු වරයා පැවසිය.
දොරටු විවෘත කිරිමත් සමග පහළ මි ඔය දෙපස පදිංචිකරුවන් දැඩි අවදානමෙන් පසුවන ලෙසට දන්වා තිබේ .

