පොලිස් ඇසට වැලිගසා කාලයක් තිස්සේ ඉතා සුක්ෂම ලෙස මත්කුඩු ජාවාරම කරගෙන ගිය ඡාවාරම්කරුවකු හෙරොයින් මත්කුඩු ග්රැම් 10ක් සමග රත්ගම රිල්ලඔ ප්රදේශයේදි ඊයේ (30) රාත්රි අත්අඩංගුවට ගත්බැව් රත්ගම විශේෂකාර්යබලකා කඳවුර පවසයි.
සැකකරු විසින් ඊෂිකැෂ් ක්රමයට මෙකි මත්කුඩු ඡාවාරම කරගෙන ගොස් ඇති බැව් පරික්ෂණවලදි අනාවරණය වි ඇත. ඊෂිකැෂ් ක්රමයට මත්කුඩු තැබිම සඳහා යමින් සිටියදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු රත්ගම රිල්ලඹ ප්රදේශයේ පදිංචි තිස්දෙහැවිරිදිවියේ පසුවන දෙදරුපියෙකි.
මත්කුඩු ඡාවාරම්කරු වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා රත්ගම පොලීසියට භාරදි ඇත.
