නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ ඒ සම්බන්ධයෙන් කඩිනම් සහන සේවා ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් හා පළාත් පාලන ආයතන ප්‍රධානීන් දැනුවත් කිරිමේ සාකච්ඡාවක් ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි අද (01) පැවැත්විණි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය මගින් හඳුනාගත් නායයන ප්රදේශයන්ගේ පදිංචි පිරිස් කඩිනමින් එම අවදානම් ස්ථානවලින් ආරක්ෂිත ස්ථානවලට රැගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට මෙහෙදී අමාත්‍යවරයා වගකිව යුතු අංශවලට උපදෙස් ලබා දෙන ලදි.
අපොස සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුන්ට අපහසුතාවයකින් තොරව විභාග මධ්‍යස්ථානයන්ට ගමන් කිරිමට අවශ්‍ය පහසුකම් සැලැසීමට කඩිනම් පියවර ගන්නා ලෙසට මාර්ග සංවර්ධන අධිකාරියට හා පළාත් පාලන ආයතනවල නිලධාරීන්ට හා සභාපතිවරුන්ට මෙහෙදි අමාත්‍යවරයා දැනුම් දෙන ලදි.
නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් පී. ඒ. සරත්චන්ද්‍ර මහතා හා ප්‍රාදේශිය ලේකම්වරු, පොලීසිය, යුධ හමුදාව, පළාත් පාලන ආයතන සභාපතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

