saravita-anim2

2026 පෙබරවාරි මස 26 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 26 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9810 hours ago

LATEST

හැදෙන රටට - වැඩෙන ගසක්” සමග ජනපතිත් එක්වෙයි

calendar_today 2020 ජන 01 - 19:20 remove_red_eye - 769  

“හැදෙන රටට - වැඩෙන ගසක්” තේමාව කර ගනිමින් ගස් දස ලක්ෂයක් සිටුවිමේ ජාතික රුක් රෝපණ වැඩසටහන සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද අද (01) පෙරවරුවේ එක් විය.

ලංකා හොස්පිටල්හි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාර්තන මහතා අද දිනයේදී සාමාන්‍ය වාට්ටුවකට මාරු කර ඇති බව වාර්තා වෙයි.

Read More

ඉදිරි මහ මැතිවරණය පුටුවෙන් හෝ බුලත් කොලයෙන් තරග කර කාගේවත් සිරකරුවන් වීමට තමන් සුදානම් නැති බව කාර්මික අපනයන , ආයෝජන ප්‍රවර්ධන , සංචාරක ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

සත්කාරක ඉන්දීය කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රි ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් කණ්ඩායමට කැඳවා තිබේ.

Read More

මහා පරිමාණයේ හෙරොයින් ඡාවාරම්කරුවන් හඳුනා ගෙන ඔවුන්ට මරණ දඬුවම දීම සාධාරණ බවත් ඒ පිළිබදව තිරණයක් ගතහොත් මේ හොරොයින් ජාවාරම්කරුවන් මර්දනය කළ හැකි බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

Read More

රියදුරු බලපත්‍ර අලුතින් ඉල්ලුම් කිරීමේදී සහ නැවත අලුත් කිරීමේදී ලබාගත යුතු වෛද්‍ය සහතිකය, ප්‍රාදේශිය රෝහල් ඇතුළු රජයේ රෝහල්වලින් ලබාගැනීමට අවශ්‍ය පහසුකම් එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක කරන බවට ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.

Read More

මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ලේ ඉහළින් දින කිහිපයක සිට පවතින ජල කාන්දුව ජලාශයට හෝ බැම්මට විශාල හානියක් නොවන බව මොරගහකන්ද කළු ගඟ ජලාශ ව්‍යාපෘති අධ්‍යක්ෂ පි .බී . විජේරත්න මහතා පවසයි.

Read More

පරමාණුක බලශක්ති අධිකාරියේ නව සභාපති ලෙස මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා මහතා පත් කිරීමට මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගෙන ඇත.

Read More

මෙරටට එතනෝල් ආනයනය කිරීම අද (01දා) සිට වහා අත්හිටුවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් මගින් සඳහන් කරයි.

Read More

සෞඛ්‍ය සේවාව වෙනුවෙන් පසුගිය වසරේදී රුපියල් බිලියන 190ක් වැයකර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

Read More

ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම පුරාවිද්‍යාඥයෙකු හා වාස්තු විද්‍යාඥයෙකු මෙන්ම හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූද මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රථම අධ්‍යක්ෂ ජනරාල් වරයා වූද ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතා අද (01දා) අභාවප්‍රාප්ත විය.

Read More

අවාසනාවට රටේ පොදු ප්‍රවාහන සේවය භාවිතා කිරීම අඩු වී පෞද්ගලික වාහන භාවිතය ඉහළ ගොස් තිබෙන බවත්, මේ නිසා මධ්‍යම පාන්තිකයින්ටත් දුම්රිය භාවිතා කළ හැකි බවත්, දුම්රිය සේවය දියුණු කරන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.

Read More

මම මේ ජනාධිපතිවරයාට ලියුමක් යැව්වා. පුළුවන්නම් ජනපති කොමිෂමක් දාලා මම හෝ මගේ සමාජය විල්පත්තුව විනාශ කරලා තිබෙනවානම් මේ රට තුළ උපරිම දඩය, නැත්නම් දඬුවම දෙන්න කියලා ලියුමක් යැව්වා. අපි එක ගසක් කැපුවනම් පව් කියලා අපේ ආගමෙන් කියලා තිබෙනවා. අපි ඒ වගේ ගස් කපන ජාතියක් නෙමෙයි.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වූ කොටසෙහි වැඩ කඩිනමින් අවසන් කොට මෙම වසරේ පළමු කාර්තුවේ දී විවෘත කරන බව වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා පැවසීය.

Read More

තම දියණියට වස පොවා ඝාතනය කොට පියා සියදිවි නසා ගත් සංවේදී පුවතක් අද ජනවාරි (01) පොළොන්නරුව ජයන්තිපුර හෙන්කොලවැව ප්‍රදේශයෙන් වාර්තා විණි.

Read More

අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල් 47ක් ජනවාරි 05 වැනි දින දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

Read More

සියලුම බස් රථවල ඝෝෂාකාරී සංගීත තැටි හා විඩියෝ පට ප්‍රදර්ශනය ජනවාරි 15න් පසු නතර කරන ලෙස සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

යාපනයේ පිහිටි මුහුදු වෙරළ අලංකාරවත් කිරිමේ වැඩසටහනක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ආරම්භ කොට ඇති අතර ප්ලාස්ටික් භාවිතය වැඩි වීම හේතුවෙන් මුහුදු වෙරළ අපිරිසිදු වීමේ දැඩි අවධානමක් පවතින බවට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.

Read More

රිදිමාලියද්ද ප්‍රදේශයේ අනාරක්ෂිත ආකාරයෙන් පුපුරණ ද්‍රව්‍ය ගබඩාකරගෙන තිබූ ස්ථානයක් බුත්තල විශේෂ කාර් යය බලකා (STF) නිලධාරින් පිරිසක් විසින් ඊයේ (31) වටලා පුපුරණ ද්‍රව්‍ය හා පුද්ගලයන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.

Read More

අම්බලන්ගොඩ කුලිගොඩ ප්‍රදෙශයේ දි ඊයේ (31) රාත්‍රි යුද හමුදා සෙබලෙකුට පිහියකින් ඇණ ඝාතනය කොට ඇති බැව් අම්බලන්ගොඩ පොලීසිය පවසයි.

Read More

යාපනය කොකුවිල් ප්‍රදේශයේ පදිංචි විවාහක රූමත් කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (31දා) සවස ඇයගේ නිවසේ තිබී හමු වී ඇති බවට යාපනය පොලීසිය පවසයි

Read More

නව ආණ්ඩුව ලබාදුන් සියලු බදු සහන අද සිට ක්‍රියාත්මක බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාගේ නමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකාගාරයක් (Stand) නම් කිරීමට කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් රණතුංග මහතා ’අද’ පුවත්පතට පවසා සිටියේ එය 1996 ලෝක ශූර කණ්ඩායමේ නමින් නම් කරන ලෙසයි.

Read More

තලංගම පොලිස් වසමේ දෙවැනි පටුමග ප්‍රදේශයේ වැඩ බිමක ඉදිකිරීම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයෙකු ගොඩනැගිල්ලේ දෙවැනි මහලෙන් බිමට වැටී බරපතල තුවාල ලබා කොස්වත්ත ප්‍රදේශීය රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් තිබේ.

Read More

රාජ්‍ය උත්සවයකදී ජාතික ගීතය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

Read More

සාමාන්‍ය සම්ප්‍රධාය අනුව ආණ්ඩුවක් මාරු වනවිට එම ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ධුරය දැරු මන්ත්‍රීවරයා ඊළඟ සැසිවාරයේදී විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට පත්වන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Read More

මහ මැතිවරණය, පළාත් සභා මැතිවරණයට අමතරව ජනමත විචාරණයකටත් අවස්ථාව

Read More

අද (01දා) සිට තම සංගමයට අයත් ත්‍රිරෝද රථවල ගාස්තුව අඩුකර රජය ලබාදුන් බදු සහනය ජනතාවට ලබාදෙන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රි‘රෝද රථ සංගමය සඳහන් කරයි.

Read More

පැවති සෑම රජයක් කෙරෙහිම ජනතා වෛරයක් ඇති කළ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව තම ධූර කාලයේ දී අවසන් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පත්කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.