පොහොට්ටුවෙන් තරග කරන්න බැරි අය වෙනම තරග කරන්න - PR
ඉදිරි මහ මැතිවරණය පුටුවෙන් හෝ බුලත් කොලයෙන් තරග කර කාගේවත් සිරකරුවන් වීමට තමන් සුදානම් නැති බව කාර්මික අපනයන , ආයෝජන ප්‍රවර්ධන , සංචාරක ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ පොහොට්ටුවෙන් ඉල්ලීමට අකමැති අයට වෙනම තරග කරන්නැයි පවසා ඉදිරි මහ මැතිවරණය පොහොට්ටුවෙන්ම තරග කලයුතු බවයි.
ඉදිරි මහ මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ ඒ ආසන ලබා ගත යුතු ජන්ද ඉලක්ක ලබා දීම සඳහා මහර හා වත්තල ආසන වල පළාත් පාලන නියෝජිතයන් සමග අද (01දා) පැවති සකච්ජාවක දී රණතුංග මහතා මේ බව සදහන් කළේය.
"අපිට මේ වගේම බලපෑමක් ආවා. බුලත් කොලයෙන් එකතු වෙලා තරග කරමු කියලා.හැබැයි මම එදත් විරුද්ධ වුණා.මම එදා කිව්වා එහෙම වුණොත් මම තනිවම හරි පොහොට්ටුවෙන් තරග කරනවා කියලා.
එදා අපි බුලත් කොලයෙන් ඉල්ලුවා නම් මේ තරම් මන්ත්‍රී සංඛ්‍යාවක් ලැබෙන්නේ නෑ.ඒ වගේම එහෙම වුණානම් අපිට ඉන්න වෙන්නේ බුලත් කොලේ හිර කාරයෙක් වෙලා බුලත් කොලේ ප්‍රධානියා වුන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ රූකඩ වෙලා තමයි එහෙම වුණානම් අපිට වැඩ කරන්න වෙන්නේ .
අපි පොහොට්ටුව හැදුවේ අමාරුවෙන් . හැබැයි ඒ පොහොට්ටුවට තමයි අද ජනතාව කැමති. ඒ හින්දා ඉදිරි මහ මැතිවරණය අපි පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වෙන්න ඕන කියලා අපි අපේ පක්ෂ නායකයන්ගෙන් ඉල්ලීම් කරලා තියෙන්නේ . අපේ පක්ෂයේ ඉන්නේ ජනතාවගේ හද ගැස්ම දැනෙන නායකයෝ . ඒ නිසා අපේ ඉල්ලීම ඉටුවන බව අපිට විශ්වාසයි.”

-
Don Thursday, 02 January 2020 09:35 AM
මෙයා පොහොට්ටුවේ Test Captain වගේ කතාකරන්නේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

