හැටන් නොර්වුඩ් නගරයේ ප්‍රධාන විදියේ වෙළදසැල් පේළියක අද (25) අලුයම ගින්නක් හටගත් බව නොර්වුඩ් පොලීසිය පැවසිය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් 704 දෙනෙකුට අද (25) දින සිට නිසි අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කරමින් එම දෙපාර්තමේන්තුව විසින් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත නම් ලැයිස්තුවක් යොමු කර තිබේ .
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් දෙපළක් වන සනත් ජයසූරිය හා තිලකරත්න ඩිල්ෂාන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනකට එක්ව තිබේ.
Read Moreනව කැබිනට් ලේකම්වරයා ලෙස එස්. අමරසේකර මහතා පත්කර තිබේ. ඔහු අද (25දා) සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
Read Moreඕමානයේ සලාම් ගුවන් සේවය ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත සිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.
Read Moreයුද්ධ හමුදා ආයතනය තුළ වෙනත් ජායාරූප වෙනුවට රාජ්‍ය ලාංඡනය හා යුද හමුදා ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරන ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නියෝග කර තිබේ.
Read Moreරන් පාදම සහිත නව චූඩා මාණික්‍ය රුවන්වැලි මහ සෑ රදුන් මත පැලඳ වීම අද (25දා) සවස 5ත් 6ත් අතර කාලයේදී සිදුකිරීමට නියමිතය.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකර සමග පරීක්‍ෂණ මෙහෙය වූ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නිශාන්ත ද සිල්වා මහතා ඊයේ (24දා) සිය පවුල සමග ස්විට්සර්ලන්තය බලා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගියේය.
Read Moreකථානායක කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය භාර ගැනීම ප්‍රතික්‍ෂේප කර ඇතැයි ඔහුට සමීප ආරංචිමාර්ග සඳහන් කළේය.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව කටයුතු කිරීම, මහජනතාව දැනුවත් කිරීම සහ වැළැක්වීම පිළිබඳව සාකච්ඡාවක් පවත්වා තිබේ.
Read Moreඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
Read Moreසෑම සේවකයෙකුම පැය 08ක් රැකියාවේ නිරත වීම අවශ්‍ය නොවන බවත්, පැය 06ක් නිසි ලෙස වැඩ කළහොත් සෑම ආයතනයක්ම ඉහළට ඔසවා තැබිය හැකි බවත් ඇමතිවරයා සඳහන් කළේය.
Read Moreබලන්ගොඩ, ඉඹුල්පේ, ඕපනායක ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ හඳුනාගත් සියලු අවදානම් සහිත ප්‍රදේශයන්හි වෙසෙන ජනාතාවට අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ රත්නපුර දිස්ත්‍රික් නිලධාරී අභීත වනසුන්දර මහතා පවසයි.
Read Moreජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් තිස්පස් දෙනාගෙන් හත් දෙනෙකු මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් මිලියන හාරදහසකට අධික මුදලක් වියදම් කර තිබෙන බවට හෙළි වී ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreමැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට පක්‍ෂ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරවීම පැවරී තිබුණු බවත්, මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පක්‍ෂය තුළින් නිවැරදි නායකත්වයක් නොලැබුණු බවත් නිවේදනයක් නිකුත් කරමින් තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.
Read Moreඡන්ද විමසීමේ දිනට පසු දින සිට ගෙවී ගිය දින 07ක පශ්චාත් මැතිවරණ කාල සීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ඉහළ ගොස් තිබෙන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.
Read Moreකොළඹ නගරයේ පවිත්‍රතා කටයුතු කරන සමාගම්වලට පොලීසිය උපදෙස් දී ඇත්තේ එම ක්‍රියාවලිය පෙ.ව. 5.30 වන විට ආරම්භ කරන ලෙසත් ඉන් අනතුරුව පැය 24 පුරාම සේවයන් යොදවා එම තත්ත්වය පවත්වාගෙන යා යුතු බවත්ය.
Read Moreඊසාන දින මෝසම් කාලගුණ තත්ත්වය හේ වන විට දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින අතර එය නොවැම්බර් 27 දා සිට මුළුමනින්ම ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකොළඹ වාණිජ අගනුවර සහ දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගරවල පවත්නා රථවාහන තදබදය අවම කිරීමට කටයුතු කරන ලෙස ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.
Read Moreමහනුවර ප්‍රධාන බාලිකා විදුහලක උසස් පෙළ ගණිත අංශයෙන් ඉගෙනුම ලබන දැරියකගේ මොළයේ සැත්කමක් ඉතා ඉක්මනින් සිදු කිරීමට අවශ්‍යව ඇති ස්නායු රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා මහතා නිර්දේශ කර තිබේ.
Read Moreකවුරු කිව්වත් හමුදා පාලයක් ගේන්නේ නෑ මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ඉදිරියට ගෙනි යනවා. කිසිම කෙනෙකුට හානියක් නැතිව ජීවත් වෙන්න පුළුවන් රටක් අපි ඇති කරනවා.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය වෙනුවෙන් අට දෙනෙකුගෙන් යුත් සීමිත දූත මණ්ඩලයක් සහභාගි කර ගැනීමට අවධානය යොමුව තිබේ.
Read Moreඅරලගංවිල, මාදුරුඔය ඉසෙඩ් ඩී ඇලට ඊයේ (23දා) උදැසන යතුරුපැදියක් වැටී සිදු වූ අනතුරකින් එහි ගමන්ගත් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මළසිරුරක් ඊයේ දහවල් 11 ට පමණ අරලගංවිල මැදගම ප්‍රදේශයේදී සොයාගත් බව අරලගංවිල පොලිසිය කියයි.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශයට ශ්‍රී ලංකා චීන මිත්‍ර සංගමයේ ගෞරවය ප්‍රකාශ කර තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්‍ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභිකයන්ගේ ද සහාය ඇතිව නිවිතිගල ප්‍රදේශීය සභාවේ 2020 අයවැය වැඩි ඡන්ද 23 කින් සම්මත විය.
Read Moreශ්‍රී ලංකාවේත් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙත් ආරක්ෂාව පවත්වාගෙන යෑමේ වගකීම ත්‍රිවිධ හමුදාව යටතට පත්කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුර කාලය 2019/11/17 දා දිනයෙන් ආරම්භ වන බව සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreමැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පාක්ෂිකයන් මුහුණදීමට සිදුව ඇති ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් තමන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කළ බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreතමාගේ ජයග්‍රහණයට සමාජ මාධ්‍ය සෘජුව හා වක්‍රව සුවිශේෂී දායක්ත්වයක් දැක්වූ බවත් ඉදිරියේදී වැඩ කරන රටක් බිහිකිරිමේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සහාය අපේක්ෂා කරන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreකෝවිලේ ඇති හක්ගෙඩි වලට නඩු නොපවරවා සිටීම සඳහා සහ බාධාවකින් තොරව දේවාලයේ කටයුතු පවත්වාගෙන යෑමට ඉඩ ලබාදීම සඳහා රුපියල් ලක්‍ෂ දෙකක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 1,90,000/- ක අල්ලසක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හලාවත සහකාර පොලිස් අධිකාරිවරයා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (22දා) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව එම කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More