කොරෝනා පැතිරීම වැළැක්වීමට බුද්ධි සේවාවෙන් සෘජු දායකත්වයක්
නව කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවේ පැතිරීම වැළැක්වීම සඳහා රාජ්‍ය බුද්ධි සේවාව සෘජු දායකත්වයක් ලබාදෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ නව කොරෝනා රෝගය තවමත් ලංකාවේ ප්‍රජාව අතර සම්ප්‍රේෂණය වීමක් සිදුව නොමැති බවයි.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ඉතාමත් සෘජු දායකත්වයක් රාජ්‍ය බුද්ධි සේවාව විසින් ලබාදෙනවා. ජනපතිතුමාගේ සෘජු උපදෙස් අනුව පළමු කොවිඩ් රෝගියා හමුවූ දවසේ සිට රාජ්‍ය බුද්ධි සේවාව කළ විශේෂ මෙහෙය නිසා මෙම රෝගය රට තුළ ව්‍යාප්ත විම වැළැක්වීමට සෘජු දායකත්වයක් ලැබී තිබෙනවා.
මත්තෙගොඩ, මාරවිල, නුගේගොඩ,බේරුවල, දෙහිවල, කොළඹ 08, කුලියාපිටිය, වෙන්නප්පුව, ජා ඇල, රත්මලාන, අකුරණ, නාත්තන්ඩිය, කොළඹ 04, අටලුගම, බණ්ඩාරගම, පුත්තලම, වැල්ලම්පිටිය හා යාපනය ප්‍රදේශවලින් කොවිඩ් රෝගීන් හමුවුණා.
පුත්තලමින් හමුවු විශාල පිරිස ඉන්දුනීසියාවේ සංචාරයට එක්වූ පුද්ගලයා සමග සම්බන්ධවූ පිරිස්.
මෙම රෝගය තවමත් ලංකාවේ ප්‍රජාව අතර සම්ප්‍රේෂණය වීමක් නැති බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

