මුදල් දෙන්න ගිය සමෘද්ධි නියාමකවරයෙකුට පහර දෙයි
නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි ප්රතිලාභ ලබාදීමට ගිය සමෘද්ධි නියාමක වරයෙකුට පහරදීමක් සිදුකර ඇතැයි නාඋල පොලීසිය පවසයි.
අද (03) පස්වරු පහට පමණ නාඋල - අඹන ප්‍රදේශයේ දී පහරදීම සිදුව තිබේ.
රජය විසින් ප්‍රකාශයට පත්කර ඇති කොරෝනා ව්‍යවසන තත්ත්වය හේතුවෙන් අසරණභාවයට පත්වු පිරිස් සදහා ලබාදෙන රුපියල් පන්දහසේ දීමනාව ලබාදීම සදහා ගිය අවස්ථාවක දී සමෘද්ධි නියාමකවරයාට පහරදීම සිදුව ඇතැයි පොලීසිය පවසයි.
සිද්ධියට සම්බන්ධ කාන්තාව සමෘද්ධි බැංකුවෙන් කලින් ලබාගත් ණය මුදලක් නිසි පරිදි ගෙවීම පැහැර හැර ඇති අයෙක් බවත්,ඇයට රුපියල් පන්දහස ලබාදීම සදහා ඉහළ නිලධාරින්ගේ උපදෙස් ලබාගත යුතු බවත් සිද්ධියට මුහුණදුන් සමෘද්ධි නිලධාරිවරයා සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් ඉන් සෑහීමට පත්නොවු අදාළ සිද්ධිය සිදුවු ස්ථානයේ රැඳි සිටි පිරිසක් තමන්ට පහරී දී තුවාල සිදුකළේ යැයි සමෘද්ධි නියාමකවරයා නාඋල පොලීසියට පැමිණිලි කර ඇත.
නාඋල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක යූ.පී.ජි.කේ.රත්නායක මහතා කියාසිටියේ අද (03) පස්වරුවේම අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා ක්‍රියාකරන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
නාඋල - ඉන්දික අරුණ කුමාර

popular news
-
maduranga Friday, 03 April 2020 08:45 PM
ඇත්තටම හොදයි දිගටම කරගගෙන යන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

