නිවාස අහිමි ජනතාවගේ කුසගිනි නිවන කුමරිය
කෝවිඩ් -19 වසංගතය සමස්ත ලෝකයම වසාගෙන තිබියදී සෑම රටක්ම තමන්ගේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ගවලට යුහුසුළුව අවතීර්ණ වනු දකින්නට ලැබෙනවා. බොහෝ රටවල් වෛරසය පැතිරෙන ප්‍රදේශ හුදෙකලා කිරීමේ ක්‍රියාදාමය අනුගමනය කරන්නේ ජනතාව රැස්වීමෙන් තත්ත්වය තවත් දරුණු අඩියකට පත්වීම වළක්වාලීමටයි. කෙසේවෙතත් මේ ක්‍රියාවලිය නිසා දුගී ජනතාව හා නිවෙස් අහිමි ජනතාව මුහුණ දී ඇත්තේ අසීරු තත්ත්වයකටයි. එලෙස අසීරු තත්ත්වයට මුහුණ පා ඇති නිවාස අහිමි හා විශේෂ සැලකිල්ලක් අවශ්‍ය ජනතාවගේ කුසගින්න නිවන්නට ස්වීඩනයේ ඔටුනු පලන් වික්ටෝරියා කුමරිය ඉදිරිපත් වී තිබෙනවා.
42 හැවිරිදි ඇය නිවාස නොමැති සහ අවදානමට ලක්විය හැකි අය සඳහා ආහාර ඇසුරුම් කර ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා . බත් පාර්සලයක් හා වතුර බෝතලයක් සහිත බෑගයක් ඇය විසින් මෙලෙස ලබාදීමට කටයුතු කරනවා. ඇය විසින් ඉතා කැපවීමෙන් හා ඕනෑකමින් සිදුකරන එම පුණ්‍ය ක්‍රියාව ජාත්‍යන්තර මාධ්‍ය තුළ මෙලෙස පළ වී තිබුණා.





popular news
-
Kumar Friday, 03 April 2020 09:23 PM
මෙම පුවතේ සඳහන් ආකාරයට තුන් වේලම නිවාස නැති අයට අහර දෙන ස්ථාන කිහිපයක් අපි ඉන්න නගරයට යාබදව ඇති ලොකු නගරයේ තිබෙනවා. මෙතන ඕනෑම කෙනෙකුට නොමිලේ අහාර ලබාගත හැක. එම ස්ථාන ඉතාම පිරිසින්දුව තබාගන්න අතර ඉතාමත් ප්‍රනීත අහාර වැඩිහිටියන්ට පමණක් නොවේ ළමයින්ටත් සපයනවා. මේ සියල්ලම කරන්නේ සාමාන්‍ය අය දෙන සම්මාදන් මුදලිනුයි. අහාර බැංකුව කියල තැනක් තිබෙනවා එතනින් කරන්නේ අතමිට හිඟ අයට වියලි අහාර නොමිලෙ සැපයීමයි . එයත් සිදුවෙන්නේ සම්මාදම් කල මුදලිනුයි. මේදිනවල බොහෝ දෙනකුට මෙය පිහිටවෙලා තිබෙනවා.
Reply : 0 1
Champa Sunday, 05 April 2020 05:58 PM
ලංකාවෙත් ඉන්නවා. පාලිත තෙවරප්පෙරුම. මම මේ කාලේ ලංකාවේ දැකපු එකම සහ අව්‍යාජම සමාජ සේවකයා. පහුගිය දවස්වල පාලිත දිගටම ඇඳිරි නීතිය නිසා කන්න නැති මිනිස්සුන්ට පිසූ ආහාර, පොලොස්, පාන් ඇතුළු ආහාර බෙදුව. පාලිතගේ ලොරිය කෑම අරන් යනකොට වැඩිහිටියෝ පොඩි ළමයි පාරට දුවන් එනවා ගෙදර තියෙන ප්ලාස්ටික් බේසම්, කෝප්ප, බාල්දි අරගෙන කෑම ගෙනියන්න. සමහර මිනිස්සු සිලි සිලි බෑග් වලටත් හොදි අරගෙන යනවා. පාලිත අහනව මොනවාද ඕනේ කියල. සමහර මිනිස්සු බත් නැතුව පාන්ම ඉල්ලනවා. බේසමක් ගෙනාවහම කී දෙනෙක් ගෙදර ඉන්නවද අහල ඒ ගානට පිඟානකින් බත් බෙදල දෙනවා. පව් අපේ මිනිස්සු. හරියට දුක හිතෙනවා බලා ඉන්නකොට. මිනිස්සු පින් දෙනවා පාලිතට. මේ අපි දකින්නේ ලංකාවේ කන්න නැති මිනිස්සුන්ගෙන් ඉතා සුළු ප්‍රමාණයක්. තව ඈත පළාත්වල මොන තරම් මිනිස්සු බඩගින්නේ ඉන්නවද කියල හුඟක් කණගාටු හිතෙනවා.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

