මැතිවරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමේ අවශ්‍යතාවක් නෑ
මැතිවරණය පැවත්වීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්,පාර්ලිමේන්තු පනතට අනුව මැතිවරණය පැවැත්වීම සඳහා වෙනත් දිනයක් නියම කිරීමේ බලය ජනාධිපතිවරයා සතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා 'අද'ට පැවසීය.
එමෙන්ම නැවත මැතිවරණය පවත්වන දිනය දක්වා පමණක් නොව, මැතිවරණය පවත්වා මාස 3ක කාලයක් තුළත් රජයේ මුදල් වියදම් පිළිබඳ බලය ද ජනාධිපතිවරයා සතු බව ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
මැතිවරණය පැවැත්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය යුතු බවට මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරයාට ලිපියක් මඟින් දන්වා තිබීම පිළිබඳ ආණ්ඩුව පාර්ශවයේ අදහස පිළිබඳ 'අද' කළ විමසීමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා,
"ජනාධිපතිතුමා මාර්තු 2වනදා ප්‍රකාශයක් කරමින් මැතිවරණ කොමිසමට නියම කළා මාර්තු 12 සිට 19 දක්වා නාමයෝජනා භාරගෙන, අප්‍රේල් 25 වෙනිදා මැතිවරණය පැවැත්විය යුතු බව. නමුත් කෝවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම නිසා රට තුළ ඇති වූ තත්ත්වය මත මැතිවරණ කොමිසම බොහොම තාර්කික තීරණයක් ගත්තා.
එය කාලෝචිත තීන්දුවක්. ඒ වගේම මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට අවශ්‍ය කරන නීතිමය ගැටලුවක් අපි දකින්නෙ නෑ.
මේ ගැන නීතිය ඉතාම පැහැදිලියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන වගන්තියට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ දී නැවත අලුත් පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම පාර්ලිමේන්තුව විසුරුවා හැරපු දින සිට මාස තුනක් ඇතුළත පැවැත්විය යුතු බව.
මැතිවරණය කොමිසම කියනවා නම් මැතිවරණය පවත්වන්න බෑ කියලා කියනවා නම්, මෙතන ව්‍යවස්ථාමය ගැටලුවක් මතුවෙනවා. නීතියේ න්‍යායක් තියෙනවා කළ නොහැක්කක් කරන ලෙස නීතියට නියම කළ නොහැකියි කියලා. ප්‍රායෝගිකව කළ නොහැකි නම් මෙතනදි නීතිය කඩ කිරීමක් වෙන්නෙ නෑ.
පාර්ලිමේන්තු මැතිවරණ පනතෙ 113 වන වගන්තියේ සඳහන් වෙනවා, ජනාධිපතිවරයා නියම කළ දිනයට මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම අපොහොසත් වුණොත් නැවත ජනාධිපතිවරයාට මැතිවරණය පැවැත්වීමට දිනයක් නියම කළ හැකි බව.
ඒ සඳහා ජනාධිපතිවරයාට බලය තිබෙනවා. ඒ සඳහා නියමිත කාලසීමාවක් සඳහන් වෙන්නෙත් නෑ. මේ ප්‍රශ්න ඉවර වුණාම ඒ ගැන අවධානය යොමු කරන්න පුලුවන්. ආණ්ඩුවේ ස්ථාවරය වෙන්නෙත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි. රටේ වසංගත තත්ත්වය පහව ගියාම ඒ ගැන අවධානය යොමු කරන්න පුලුවන්.
ප්රශ්නය - අප්‍රේල් 30 වනදායින් අතුරු සම්මත ගිණුමේ කාලයත් අවසන් වෙනවා. දිනෙන් දින මැතිවරණය කල් යාමත් සමඟ රජයේ මුදල් වියදම් කිරීම පිළිබඳ ගැටලුවක් මතු වෙනවා නේද?
පිළිතුර - " අප්‍රේල් 30වනදායින් අතුරු සම්මත ගිණුමේ කාලය අවසන් වුණත්, නැවත මැතිවරණය පවත්වන තුරුත්, මැතිවරණය පවත්වා මාස 3ක් ගත වන තුරුත් රටේ ජනාධිපතිවරයාට මුදල් වෙන් කරන්න බලය තියෙනවා. පළමු පාර්ලිමේන්තු රැස්වීමෙන් මාස 3ක් යනතුරුත් ගැටලුවක් මතුවෙන්නෙ නෑ. මොකද පාර්ලිමේන්තුවක් පත් වූ සැනින් අපිට අය වැයක් ගේන්න බෑනේ. "

popular news
-
චමින්ද Friday, 03 April 2020 04:36 PM
2018 නොවැම්බර් මාසයේ සිදුකල ව්‍යවස්ථා විරෝධී සිද්ධිය අවස්ථාවේත් මෙතුමාගේ අදහස පැරදුනානේද කෙසේවුවත් මෙවැනි අවස්ථා නැවතත් ඇතිවිය හැකි නිසා මැතිවරණ කොමිසමේ අදහස පරිදි ශ්‍රෙෂ්ඨාධිකරණයේ මතය විමසීම සුදුසුයි
Reply : 0 0
Don Friday, 03 April 2020 09:18 PM
පඩි පෙලේ කතාකරන නීතිඥ 2018 ඔක්තොබෙර් my - 3 විප්ලවයේදී මෙයා උපදෙස් දුන්නෙත් මෙහෙම තමා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වමාරලා දුන්නා මතකයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

