මෙහිදි ෂී සඳහන් කර ඇත්තේ කොවිඩ් 19 ගෝලීය වසංගතයට මුහුණදීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව විසින් වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවයි.
ඉන්දියාවේ නව කොරෝනා වෛරසයෙන් මියගිය පළමු මරණය මෙය වන අතර, මෙම පුද්ගලයා 76 හැවිරිදි කර්නාටක වැසියෙකි.
Read Moreභාණ්ඩ හිඟයක් ඇතිවන බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බවත්, එකවර වෙළඳසැල්වලට ගොස් විශාල භාණ්ඩ ප්‍රමාණයක් මිලදී ගැනීම හරහා භාණ්ඩ හිඟයක් ඇතිවිය හැකි බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.
Read Moreකෙසේ වෙතත් විවිධ පාර්ශ්වයන් වෙබ් අඩවි, සමාජ මාධ්‍ය, වයිබර් හා වට්ස් ඇප් හරහා මහජනයා කලබලයට පත්වන ආකාරයෙන් තහවුරු කර නොගත් තොරතුරු ප්‍රචාරය කරන බවද රජය නිවේදනය කරයි.
Read Moreනව ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති සමගි ජන බලවේගය සමග එක්විය.
Read Moreකොවිඩ් 19 වසංගතයට මුහුණදීම සඳහා රජය ගන්නා ක්‍රියාමර්ග කුමක්දැයි රටට වහා හෙළි කළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read More“ශ්‍රී ලංකාව කුඩා රටක්. කුඩා ආර්ථිකයක්. ජනගහණයත් විශාල නැහැ. එවැනි රටක් ඉහළ සංවර්ධන මට්ටමකට ඔසවා තබන්නේ කෙසේදැයි පර්යේෂණ කරන්න” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පර්යේෂණ ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටී. අද ලෝකයේ ඇත්තේ දැනුම පදනම් කොටගත් ආර්ථිකයක් බැවින් පහසුවෙන් පුහුණු කළ හැකි ශ්‍රම බලකායක් සිටින අප රටේ ආර්ථිකය දියුණු කළ යුත්තේ ඔවුන් කේන්ද්‍ර කොටගෙන බව ද එතුමා පෙන්වා දෙයි.
Read Moreඅල ගෙඩි ලෙස ව්‍යාජ ආකාරයට සකස් කර මෙම හෙරොයින් තොගය ගෙන්වා තිබෙන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.
Read Moreකෝවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසය ආසාධිත ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු පිළිබඳව තොරතුරු වාර්තා වීමත් සමඟම එම උවදුර පිළිබඳ වගකිවයුතු අංශයන්හි සහ රටවැසියන්ගේ දැඩි අවධානය යොමුව තිබීම වැදගත් බව හිටපු කතානායක කරු ජයසුරිය මහතා සදහන් කරයි.
Read Moreකොරෝනා රෝග ලක්ෂණ තිබෙන සැක රෝගීන් කිහිප දෙනෙකු හමුවීමත්, ඒ පිළිබඳව සැලකිල්ලට ගෙන රජය මගින් පාසල් නිවාඩු ලබාදීමත් හේතුවෙන් කලබලයට පත් ජනයා අද (12දා) වෙළෙඳ සැල් වලට පැමිණ එදිනෙදා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් මිලදී ගැනීමට පෙළඹී ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.
Read Moreපක්ෂ විනය කඩකිරීමේ චෝදනාව මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පක්ෂයෙන් නෙරපීමට අද (12දා) තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreකොරෝනා වෛරස ආසාදනයට මුහුණ දෙන්නට ආණ්ඩුවේ සූදානමක් නොමැති බවත් ආර්ථික අර්බුදයට විසඳුමක් ලබා නොදී කොරෝනා වෛරසයට මුවා වෙමින් ජනතාව මත බරපැටවීමේ උත්සාහය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි.
Read Moreතලවකැලේ, ග්‍රේස්වෙස්ටන් කඳුවැටියේ පැතිරී ගිය ගින්න ගුවන් හමුදාව විසින් හෙලිකොප්ටරයක් භාවිතා කරමින් පාලනය කිරීමට අද (12) හවස පියවර ගත් බව තලවකැලේ පොලීසිය පවසයි. කඳුවැටියේ ස්කල්පා කොටස ප්‍රදේශයේ මෙම ගින්න හට ගෙන තිබු බවත්, කඳුවැටියේ අක්කර 20 කට අධික භූමි ප්‍රදේශයක් අද (12) සවස වනවිට විනාශව ගොස් ඇති බව ආරක්ෂක අංශ නිලධාරීහු පවසති.
Read Moreදෙවැනි වතාවටත් දේශපානයට එක්වීමෙන් පසු නැවත දේශපාලනයෙන් ඉවත් කිරීම අපහසු බවත්, එක්සත් ජාතික පක්‍ෂය නොවිසිරි එක්ව සිටීම තම ජයග්‍රහණයට වාසිසහගත වන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
Read Moreකොරෝනා වෛරසය ගැන අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතනවල කාර්ය මණ්ඩල සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඇරඹේ.
Read Moreඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි (Road Safety World Series) විස්සයි විස්ස තරඟාවලිය කල් දමයි. මේ බව තිලිණ තුෂාර මිරැන්ඩෝ සිය ෆේස් බුක් පිටුවේ සඳහන් කර ඇත.
Read Moreමේ වනවිට පළමුවරට ශි‍්‍ර ලංකාව තුළින් කෙරෝනාවෛරසය වැලඳුණු රෝගියා හඳුනාගනු ලැබු බවත් මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය වසංගතයක් හැටියට හඳුන්වා තිබියදි එජාපයත්, එජාපයෙන් විතැන් වෙන්න සිටින කණ්ඩායමටත්, ජනතා විමුක්ති පෙරමුණටත් මෙය දේශපාලන අතකොලූවක් කර නොගන්නා ලෙසත්, මෙය ඉතා භයානක තත්ත්වයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ශොහාන් සේමසිංහ මහතා පවසයි.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් දිවයිනේ සියලුම බෞද්ධ දහම් පාසල් එළැඹෙන 26 දා තෙක් වසා තැබීමට තීරණය කර තිබේ.
Read Moreදැනට කොරෝනා වෛරසය හේතුවෙන් රටතුල අතිවී ඇති අවධානම් තත්වය සඳහා දේශපාලන පක්ෂ භේදයකින් තොරව රටේ සියලු පාර්ශව පෙළගැස්වීම වෙනුවෙන් වහාම සර්වපාක්ෂික නායකයන්ගේ රැස්වීමක් කැඳවන්නැයි කොළඹ වාණිජ මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී.
Read Moreචීනය තුළ කොවිඩ් 19 වෛරස් රෝගය පැතිරීමේ උච්චතම අවස්ථාව අවසන් වී ඇති බව චීන රජය නිල වශයෙන් ප්‍රකාශ කරයි.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වූ දෙවැනි රෝගියාත් වාර්තා වී ඇති බව රජය නිවේදනය කරයි.
Read Moreපසුගිය රජය නියමිත කාලයේදි කටුනායක ගුවන්තොටුපලේ සංවර්ධන කටයුතු ආරම්භ නොකිරීම හේතුවෙන් ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමට බරපතළ පාඩුවක් සිදුවු බව එම සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා පවසයි.
Read Moreවිවිධ කටකථාවලට සහ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය ප්‍රචාර වලට නොරැවෙටන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. යම් තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය නම් 0113090502 සහ 113 යන අංකයන් අමතා අවශ්‍ය තොරතුරු විමසන මෙන් එතුමා ඉල්ලා සිටිනවා.
Read Moreශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණයේ පිඨයේ සිසුවෙකු හදිසි අනතුරක් සිදු කොට තුවාල සිදු කිරිම සම්බන්ධව අත්අඩංගුවට ගත් සරසවි සිසුන් 6 දෙනා ලබන මස 23වන දින දක්වා රක්ෂිතගත කිරිමට අද (12) තිරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට චීන රජයේ පුර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති Hu Wei මහතා පවසයි.
Read Moreහෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ප්‍රදේශ රැසකින් අල්ලා ගන්නා ලද විශේෂ සත්ව කාණ්ඩ 23කට අයත් සතුන් 550ක් හා ශාක කොටස් රැසක් මෙරටින් හොර රහසේ රැගෙන යාමට තැත් කරන ලද විදේශිකයන් තිදෙනෙකු මෙම මස 26 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (12) නියෝග කළේය.
Read Moreපුද්ගලික පාසල් හා කතෝලික සභාවට අයත් සියලුම කතෝලික පාසල් හෙට (13) සිට අප්‍රේල් මස 20 වෙනිදා දක්වා වසා තැබෙන බව කතෝලික සභාවේ පාසල් නිල නිවේදනයක් මගින් සදහන් කරයි.
Read Moreඉතාලියේ ජුවෙන්ටස් කණ්ඩායමට ක්‍රීඩා කරන සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාලයේ මැඩෙයිරා හි පිහිටි ඔහුගේ නිවසේදී නිරෝධායනයට ලක්වීමට තීරණය කර තිබේ.
Read Moreඉතාලිය, දකුණු කොරියාව හා ඉරානයෙන් පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය දක්වන ලෙස ශ්‍රී ලාංකික පුරවැසියන් ඔවුන්ගෙන් ඉල්ලා සිටියි.
Read Moreවලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 848 -සී හලවල්කැලය මල්වතු කන්ද ග්‍රාම නිලධාරි වසමට අයත් කදු ප්‍රදේශයක ඉකුත් 11 දින සවස ඇති වූ ලැව් ගින්නකින් අක්කර දාසයක් පමණ විනාශයට පත්ව ව ඇතැයි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් එම් රන්ජන් පී පෙරේරා මහතා පැවසීය.
Read More