චීනයෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්
චීනයේ සිට වෛද්‍ය උපකරණ තොගයක් ඊයේ (3) දින රාත්‍රී විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබු බව චයිනා ඊස්ටන් ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු යූස්ටස් සිල්වා මහතා පැවසීය .
චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන මෙම විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය චීනයේ ෂැංහයි නුවර සිට ඊයේ දින රාත්‍රී 8.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම ගුවන් යානය තුළ කිලෝ ග්රැම් 18,000 ක් බර ආරක්ෂිත ශරීර ආවරණ 15,000 ක් , වෛද්‍ය ආරක්ෂිත මුහුණු ආවරණ 30,000 ක් , ශල්‍ය වෛද්‍ය මුහුණු ආවරණ 600,000 ක් සහ ශල්‍ය වෛද්‍ය අත් වැසුම් 15,500 ක් ද තිබූ බව චයිනා ඊස්ටන් ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු යූස්ටස් සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය .
මෙම වෛද්‍ය උපකරණ තොගය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත හෙට (4) දින භාර දීමට පියවර ගෙන තිබුණි .






popular news
-
rocky Sunday, 07 June 2020 11:42 AM
චීනමාමා හරි ශෝක් නේ. දිගට හරහට අපට දෙනවනේ දැන්!! දෙන දෙයියා දෙන්න හිටපුවාම වැටෙන්නම දෙනවාලු නේද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
