saravita-anim2

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

Latest News - timelapse 8870 hours ago

LATEST

වවුනියාවේ බස්රථ අනතුරකින් 10 කට තුවාල

calendar_today 2020 මාර් 12 - 15:11 remove_red_eye - 276  

මැදවච්චිය මන්නාරම ප්‍රධාන මාර්ගයේ වවුනියාව නේරියකුලම ප්‍රදේශයේදී අද (12) දින පෞද්ගලික බස්රථයක් හා ලංගම බස්රථයක් ගැටීමෙන් පුද්ගලයින් දස දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව සෙට්ටිකුලම පොලීසිය පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර, කුරුණෑගල සහ මොණරාගල දිස්ත්‍රික්ක වලට උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලදී.

Read More

වෛරස් රෝගය ගැන දරුණු තත්ත්වයක් නොමැති වුවත් දරුවන් තුළ හා දෙමාපියන් තුළ අනපේක්ෂිත බියක් ඇති වීම වැළැක්වීම සඳහා නිවාඩු කාලය කලින් ආරම්භ කිරීමට තීරණය කළා.

Read More

අප්‍රේල් 25 මැතිවරණයේදී වාමාංශික කඳවුරක් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තවත් පක්ෂ ගණනාවක් පොහොට්ටුව ලකුණ යටතේ තරග කිරීමට පක්ෂ නායකයන් විසින් තීරණය කර තිබෙන බවත් එහෙත් පුද්ගලයන් කිහිප දෙනෙකු තමන්ගේ මනාප ගොඩ වැඩි කර ගැනීම සඳහා විවිධ කතා කියමින් සිටින නිසා ඒ තුළින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉදිරි දැක්ම සහ දර්ශනය ආපස්සට හැරවීමට උත්සාහ නොකරන ලෙසත් මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා පවසයි.

Read More

දිවයිනේ බෝහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

අපි අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දුන්නා පාසල් වසා දැමීමේ අවශ්‍යතාවක් නැති බව. නමුත් තීරණය ගන්නේ එම අමාත්‍යාංශයෙන්. යම් පාසලකින් රෝගියකු හෝ වාර්තා වුවහොත් අපි එම පාසල වසා දැමීමට තීරණය කරනවා.

Read More

කොරෝනා පරීක්ෂකයින් මඩකලපුව ශික්ෂණ රෝහලට ගෙනඒම නතර කරන්නයි හා මඩකලපුව පුද්ගලික විශ්වවිද්‍යාලය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස ගැනිමට ක්‍රියා කිරිමට විරුද්ධව මඩකලපුව නගරය පුරා හර්තාල් ක්‍රියාත්මක වෙයි.

Read More

ඉතාලිය තුළ තවදුරටත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ඉතාලියේ සියළුම සිල්ලර වෙළඳසැල්, කෝපි බාර්, පබ්, අවන්හල්, කොණ්ඩා මෝස්තර සහ රූපලාවණ්‍යාගාර වසා දමන ලෙසට ඉතාලි අග්‍රාමාත්‍යයරයා නිවේදනය කළේය.

Read More

ස්වාධීන කණ්ඩායම් වැඩිම ප්‍රමාණයක් ඇප මුදල් තැන්පත් කර ඇත්තේ යාපනය දිස්ත්‍රික්කය සඳහා වන අතර එම අගය 14කි.

Read More

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා එළැඹෙන 26 දා තෙක් සියලුම පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාශ‌ෙයේ අවධානය යොමුව තිබේ.

Read More

ඉතාලිය ඉරානය සහ දකුණු කොරියාවෙන් පැමිණෙන අය දින 14ක නිරෝධායනයකට, අත්‍යවශ්‍ය ඖෂධ තොග රැස්කිරීම සාකච්ඡා වෙයි.

Read More

නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයෙන් කොරෝනා වෛරසය නිසා රැකියා ක්ෂේත්‍ර වලට වන බලපෑමෙන් ආරක්ෂා වීම සඳහා ගනු ලබන පියවර පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා කම්කරු අමාත්‍යාංශයේදී පැවැත්විය.

Read More

කොරෝනා වෛරසය (කොවිඩ්-19) ආසාදිතයෙකු වූ රෝගියෙකු මෙරටින් හඳුනාගැනීමත් සමඟ ඉදිරියේදී ඇතිවිය හැකි කවර හෝ අවදානමෙන් ශ්‍රී ලාංකීය දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇත.

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වු බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙක් අද (12) උදෑසන පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කල බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

Read More

කොටස් වෙළඳපොළේ S&P SL 20 දර්ශකය සියයට 5කින් හා සමස්ත කොටස් මිල දර්ශක සියයට 3.77කින් කඩා වැටීමත් සමග මෙසේ කොටස් වෙළඳපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.

Read More

මේ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ සංචරණය වන අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙසත් අසත්‍ය ප්‍රචාරය කරන පුද්ගලයන්ට නීතිමය වශයෙන් කටයුතු කරන බවත් පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.

Read More

පසුගිය ආණ්ඩුව විසින් සිදු කරන මහබැංකු මුල්‍ය වංචාවට චුදිතයෙකු වි සිටින පසුගිය රජයේ මුදල් ඇමති සැගවී ඇති බවත් 2015 පෙර පැවති ආර්ථීක වර්ධන වේගය අනුව රට ඉදිරියට ගියා නම් හරි ආකාරයෙන් ආර්ථිකය කළමනාකරණය කළා නම් අපේ රටට මෙවැනි ආර්ථික අහේනියක් නොඑන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

Read More

ශ්‍රි ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ පළමු රෝගියා මේ වන විට IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහුගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනයට ලක්කර ඇති බවත් රජය නිවේදනය කරයි.

Read More

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම සඳහා තෝරාගත් කාණ්ඩ කිහිපයක් හැරුණු විට සියලුම වීසා බලපත්‍ර මාසයක් සඳහා අත්හිටුවීමට ඉන්දියාව තීරණය කර තිබේ.

Read More

ඇමෙරිකාවේ ජාතික පැසිපන්දු තරගාවලියේ මෙවර තරගවාරය අත්හිටුවීමට ඇමෙරිකානු ජාතික පැසිපන්දු සංගමය තීරණය කර තිබේ.

Read More

චීනය තුළ කොවිඩ් 19 මරණ 11ක් හා නව රෝගීන් 15ක් බදාදා දිනයේදී වාර්තා වී තිබේ. ඒ අනුව චීනය තුළ කොවිඩ් මරණ හා වාර්තා වන රෝගීන්ගේ අඛණ්ඩ අඩුවක් පෙන්නුම් කරයි.

Read More

ඉතාලිය සහ දකුණු කොරියාව යන රට වලින් පැමිණි ගුවන් මගීන් 203 දෙනෙකු බස් රථ 15 න් පොළොන්නරුව කන්දකාඩු නීරෝධායන මධ්‍යස්ථානය සහ මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත යවා ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

Read More

ඇමෙරිකානු ජානාධිපතිවරයා ජාතිය අමතමින්, යුරෝපයේ සිට පැමිණෙන සියලුම සංචාර ඉදිරි දින 30කට අතිහිටුවන බව කීය.

Read More

අප්‍රේල් 25 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා කැඳවීම අද (12දා) සිට ආරම්භවීමට නියමිතය.

Read More

අවන්හල්, හෝටල්, විශාල වෙළෙඳ සැල් හෝ ප්‍රසිද්ධ රැස්වීම් වෙත ජනතාව ඒකරාශී වීමද තහනම් කර ඇතැයි කුවේට් රජය පවසයි.

Read More

කොවිඩ් 19 රෝගය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීම පාලනය කිරීම වෙනුවෙන් සිදුකරණ නිරෝධායන ක්‍රියාවලිය කිසිවෙකුට ප්‍රතික්ෂේප කිරීමට නොහැකි බව රජය සඳහන් කරයි.

Read More

ජාතික වගකීමක් සේ සලකා කොරෝනා ව්‍යාප්තිය පාලනයට සහය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

කොවිඩ් 19 ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ අනුව මෙම තීරණය ගෙන තිබේ.

Read More

අත්හැර දමාගොස් තිබූ පාර්සලයක් පරීක්ෂාවට ලක් කිරීමේදී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයට අනුයුක්ත නිලධාරීන් විසින් මෙම මත්පෙති තොග​ය ​මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී සිදු කරනු ලැබූ පරීක්ෂණය අතරතුර ග්‍රෑම් 1485 ක් බරැති මෙතම්ෆෙටමින් (එක්ස්ටසි) ටැබ්ලට් 3885 ක් සොයා ගන්නා ලදී.

Read More

කොවිඩ්-19 ගෝලීය වසංගත තත්ත්වයක් බවට ප්‍රකාශයට පත්කළ ප්‍රථම කො‍රෝනා වෛරසය බව WHO ප්‍රධානියා කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.