saravita-anim2

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා

Latest News - timelapse 126 hours ago

LATEST

සමහර අය ගියා කිව්වට තාම බඩු භාර දීලත් නෑ

calendar_today 2025 සැප් 16 - 17:29 remove_red_eye - 209  

නිල නිවාස අතහැර ගියා යැයි පැවැසූ ඇතැම් අය තාම නිල නිවාස හරියාකාරව රජයට භාර දී නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත‍්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.කැ බිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේද‍ි යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැස‍ීය.

පාසල් ළමුන් සඳහා ආහාර ලබා දීමේ රජයේ පෝෂණ වැඩසටහන දිවයිනේ සියලු පළාත්වල අධ්‍යාපන කලාප 100 ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන අතර 2025 වර්ෂය සඳහා මෙම වැඩසටහනට රුපියල් බිලියන 32ක් අය-වැය ප්‍රතිපාදන මගින් වෙන් වී ඇත. පාසල් 8,943ක අධ්‍යාපනය ලබන මිලියන 1.4ක ශිෂ්‍ය ප්‍රජාවකට මෙම පාසල් පෝෂණ වැඩසටහනේ ප්‍රතිලාභ මේ වන විට හිමි වේ.

Read More

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් පිරිසට අද (16දා) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අධිචෝදනා භාරදුන්නේය.

Read More

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේ ඇති දියවඩන නිලමේ නිල නිවාසය අසල අධි ආරක්ෂක කලාපයේ සිට ඩ්‍රෝන කැමරාවක් ගුවන් ගත කළ බව කියන චීන ජාතිකයෙකු දළදා මාළිගාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පේරාදෙණිය පොලිස් වසමේ ගැටඹේ පාලම අසල මහවැලි නදියේ සැක කටයුතු ආකාරයෙන් මිය ගිය කාන්තාවකගේ මළ සිරුරක් සොයාගත් බව පොලීසිය කියයි.

Read More

කොළඹ ලෝටස් වටරවුම ආශ්‍රිතව පවතින අධික රථවාහන තදබදය අවම කිරීම වෙනුවෙන් ශක්‍යතා අධ්‍යයක් සිදු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මේ හරහා උපදේශන සේවා ආයතනයක් සොයා ගැනීමට නියමිතය.

Read More

ආණමඩුව තෝනිගල පොලිස් මාර්ග බාධකයේ බිමතින් රාජකාරි කල පොලිස් සැරයන්වරයකු එම මාර්ග බාධකය හදිසි පරික්ෂාවකට ලක්කල ආණමඩුව පොලිස්ථානාධිපතිවරයාගේ අතටම අසුවිමේන් පසු පොලිස් භාරයට ගෙන වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කිරීමට 15 දින සවස කටයුතු කර තිබුුු.ණි

Read More

සෙවනගල උක් වගාවන් ගිනි තැබීම නිසා ගැටලුවට පත් උක් ගොවීන් වෙනුවෙන් මෙට්‍රික් ටොන් ඒකක් රුපියල් 7000ක මිලක් යටතේ මිල‍දී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

පිරානා (Piranha) විශේෂ නයිෆ් ෆිෂ් (Knife Fish) ඇලිගේටර් ගාර් (Alligator Gar) රෙඩ් ලයින් ස්නේක්හෙඩ් හෙවත් ජයන්ට් ස්නේක්හෙඩ් (Redline Snakehead/Giant Snakehead) යන ආක්‍රමණශීලි මසුන් මේ හරහා තහනම් කිරීමට නියමිතය.

Read More

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය නීති සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.

Read More

දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවේ වත්මන් වැඩපිළිවෙළ පිළිබඳ ලෝක ප්‍රජාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත්, එමඟින් ශ්‍රී ලංකාවට නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක බැංකු නියෝජිතයින් හමුවේ පැවසීය. මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සමූහයේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති ජොහැන්නස් සට් (Johannes Zutt)මහතා ඇතුළු ලෝක බැංකු නියෝජිත කණ්ඩායම ඊයේ (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අ

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල (15) දින රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාවද නොතකා හැටන් තලවකැලේ මාර්ගයේ උදෑසන ධාවනය වන මගී ප්‍රවාහන ලංගම සහ පෞද්ගලික බස් රථ තරගෙට ධාවනය කරන අයුරු එම බස් රථ පිටුපසින් ගමන් ගත් වාහනයක සවි කර තිබූ කැමරාවක සටහන් වී තිබුණි.

Read More

2025 වර්ශයේ ගෙවුනු මාස 8 තුල ‌ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 1,471ක ආදායමක් ලබූ බව එම දෙපාර්ථ මේන්තුව තහවුරුකරයි.

Read More

ජාත්‍යන්තර මුහුදේ ගමන් කරමින් සිටි වෙනිසියුලාවේ මත්ද්‍රව්‍ය රැගත් බව කියන බෝට්ටුවක් එක්සත් ජනපද හමුදාව විසින් විනාශ කර ඇති බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

Read More

ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සදහා ඊයේ (09/15) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

තම ජීවිතයේ වැඩිම කලක් ගෙවුණේ ජනතාව අතර බවත් ධුර කාලය අවසන් වුවද ජනතා ආදරය ධුර කාලය ඉක්මවා යන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසයි.

Read More

අද දිනයේදි උතුරු, උතුරු-මාැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සිගිරියෙහි අද්විතීය කැටපත් පවුරට පසුගිය ඉරිදා ( 14) හානි සිදුකළ 21 හැවිරිදි තරුණියක් පුරාවිද්‍යා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ කහතුඩුව අතර අද අලුයම සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා තිබේ. ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ ලොරි රථයක පිටුපසින් පැමිණි වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

Read More

ආසියානු කුසාලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා හොංකොං කණ්ඩායම අතර පැවැති තරගයේශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා කිහිපයක් අලුත් කිරීමට ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සමත්විය.

Read More

ආසියානු කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා හොංකොං කණ්ඩායම අතර පැවැති තරගයෙන් ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු හතරක ජයක් වාර්තා කිරීමට සමත්විය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් හොංකොං කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ට ලකුණු 149ක් රැස් කිරීමට සමත්විය.

Read More

බගවන්තලාව නගරයේ වෙළදසැළක් ඉදිරිපිට නිදා සිටි සුනඛයෙකු මතට (15) දින උණුවතුර වත් කර එම සුනඛයාව එම ස්ථානයෙන් පලවා හරින අයුරු එම වෙළදසැලේ ආරක්ෂිත කැමරාවේ සටහන් වී තිබුණි.

Read More

නිදි යහනේ මියගොස් සිටි රාජ්‍ය සේවිකාවගේ මරණය ඝාතනයක් බව සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවීමත් සමග ප්‍රකාශ ලබා දීමට මරණ පරීක්ෂණයට පැමිණ සිටි ඇයගේ සැමියා 15 දින සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ලේ පොලිසිය කියයි.

Read More

මාගම්පුර වරාය කළමනාකරණ සමාගම මගින් පෞද්ගලික බැංකුවකින් ලබාගත් ණය නොගෙවීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා‍වේදී (කෝප්) දීර්ඝවශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ වෙනුවෙන් ගත යුතු නිර්දේශ නිකුත් කිරීම සිදු විය.

Read More

මේ සංශෝධනයට නොගිහින් තිබුණා නම් අපි පනත සංශෝධනය කළේ නැත්තං රනිල් පාලනය කාලේ තිබ්බ විදිහට තිබ්බ නම් විදුලි බල මණ්ඩලයේ 12,000ක් සේවකයන් ගෙදර යවන්න තිබුණා. ආයතන 12කට කඩන්න තිබුණා. විශේෂයෙන්ම සමහර වෘත්තීය සමිතිවලින් මම අහන්න කැමතියි ඒ වෘත්තීය සමිති වැඩ කරන්නෙ සේවකයන් වෙනුවෙන්ද එහෙම නැත්තං සේවකයන් ගෙදර යවලා ඒක දඩමීමා කරගෙන දේශපාලන ප්‍රශ්නයක් මතු කරන්නද මේ උත්සාහ කරන්නෙ කියලා. යනුවෙන්ද ඇමතිවරයා ප්‍රශ්න කළේය.

Read More

අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය සඟවා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නමැත්තා අධිකරණයට භාරවීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා‍ අභියාචනාධිකරණයට අද (15) දැනුම් දුන්නේය.

Read More

දකුණු කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා 2025 වර්ෂයේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම 2025.09.15 දින සිට 2025.09.17 දින මධ්‍යම රාත්‍රිය දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) සිදුකිරීමට නියමිතය.

Read More

නව මුදල් නෝට්ටුව පහසුවෙන් මුදල් සංසරණයට අනුගත කිරීම සඳහා, බලපත්‍රලාභී වාණිජ බැංකු ඔවුන්ගේ මුදල් හැසිරවීමේ යන්ත්‍ර ක්‍රමාංකනය කිරීමේ (Calibration) ක්‍රියාවලියක යෙදී සිටී. මෙම ක්‍රියාවලියේ ප්‍රගතියට අනුකූලව, නව මුදල් නෝට්ටුව බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ක්‍රමයෙන් මුදල් සංසරණයට නිකුත් කරනු ලබන බව මහ බැංකුව නිවේදනය කරයි.

Read More

ඌව කුඩා ඔය පොලිස් වසමට අයත් යුද හමුදා කඳවුර මාර්ගයේ රක්ෂිත ප්‍රදේශයේ සැක කටයුතු ලෙස හැසිරිණු පිය පුතු දෙපළක් ලඟ තිබී රුපියල් ලක්ෂ තිස් පහක් පොලීසිය මඟින් (14) වෙනිදා සොයා ගෙන ඇත.

Read More

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ කොළඹ 08, සර්වෝදය සංවර්ධන මුල්‍ය ආයතන නගරෝදය ශ්‍රවණාගාරයේ පැවති 27 වන ජාතික සිරකරු දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවෙමිනි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.