saravita-anim2

2025 නොවැම්බර් මස 10 වන සඳුදා

2025 නොවැම්බර් මස 10 වන සඳුදා

Latest News - timelapse 8718 hours ago

LATEST

මෙරට කෝවිඩ් - 19 වෛරසය ආසාධිතයන් ගණන 1059ක් දක්වා ඉහලට

calendar_today 2020 මැයි 22 - 19:31 remove_red_eye - 416  

අද(22) රාත්‍රී 7 වන විට තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වු බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.

ජල පාරිභෝගිකයන්ගේ බිල්පත් ගැටලු සම්බන්ධයෙන් විසදුම් ලබා දිම සඳහා විශේෂ දුරකථන අංකයක් හදුන්වාදිමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පියවර ගෙන තිබේ.

Read More

අද (22) පස්වරු 6.30 වන විට මෙරට කෝවිඩ් - 19 ආසාදිත රෝගීන් දෙදෙනෙක් වාර්තා වීමත් සමග කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් ගණන 1057 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.

Read More

ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය රැසකට අද (22) සිට මාස 6 ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි විශේෂ වෙළඳ භාණ්ඩ බදු ඉහළ දමා තිබෙනවා. අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා රු. 50ක්, රතු ළුණු සහ සුදු ළුණු කිලෝග්‍රෑමයක් සඳහා රු. 50ක්, යෝගට් කිලෝග්‍රෑමයක් රු 800ක්, පරිප්පු කිලෝග්‍රෑම්යක් සඳහා රු.05 සහ සැමන් රු.100 ඇතුළු භාණ්ඩ රැසක බදු මෙලෙස ඉහල දමා ඇත

Read More

පොසොන් පොහොයට සීමිත සහභාගීත්වයකින් සීල ව්‍යාපාර පැවැත්වීමට අවස්ථාව සෞඛ්‍ය උපදෙස් අනුව සීමිතපිරිසකගේ සහභාගීත්වයකින් රට පුරා පොසොන් උත්සව සැමරුම් පවත්වන ලෙස සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන්ට අවශ්‍ය සහය සහ ඉන්ධන ලබා දීම සඳහා 21 දින පිටත්ව ගිය නාවික හමුදාවට අයත් සමුදුර නෞකාව අදාල ධීවර යාත්‍රාවන් වෙතට ළගාවී මේ වන විට එම යත්‍රාවන් සමඟ සන්නිවේදන කටයුතු ගොඩනගා ගැනීමට සමත්ව සිටී.

Read More

පල්ලම නාගවිල ප්‍රදේශයේ පුද්ගලික ඉඩමකට නීතිවිරෝධි ලෙස සායනික අපද්‍රව්‍ය රැගෙන විත් පිලිස්සිමේ චෝදනාවට වතු හිමිකරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පල්ලම පොලීසිය පවසයි.

Read More

බලපිටිය මෝදරවත්ත වෙරළ තීරය අද (22 )පස්වරුවේ උඝ්‍ර මුහුදු කැමට ලක්ව එම වෙරළ තීරය ආසන්නයේ තිබු නිවාස රැසක් මුහුදු බත්වීමේ දැඩි අවදානමක් පැවතියේය.

Read More

රත්නපුර දිස්ත්‍රික්කයට (19) දින සිදු වූ ආපදා තත්ත්වය ගංවතුර, නාය යෑම්, සුළං වැනි දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17ටම බලපා ඇති බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය සඳහන් කළාය.

Read More

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලේ දී පැවැත් වීමට නියමතව තිබේ.

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතු අන්තර්ජාලය හරහා සිදුකෙරෙමින් පවතී.

Read More

ඒ අනුව පෙත්සම් විභාගය යළිත් අඟහරුවාදා දින පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතය.

Read More

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුව වූ පුද්ගලයන් 620ක් මේ වන විට රෝහල්වලින් මුදා හැර තිබේ.

Read More

නැවත පාසල් ආරම්භ කිරීමට තීරණය කරනු ලබන්නේ සෞඛ්‍ය බලධාරීන් විසින් ඒ සඳහා සුදුසු පසුබිමක් රට තුළ ගොඩනැගී ඇති බවට ලබාදෙන පූර්ණ තහවුරුවකින් පසුව පමණක් බව ද වැඩිදුරටත් සඳහන් කළ අමාත්‍යවරයා, සෑම පාසලකට ම ශරීර උෂ්ණත්ව මැන බැලීමේ උපකරණ, අත් සේදීමේ සින්ක්, ගිලන් කාමරයක් බැගින් ලබාදීමට රජය පියවර ගන්නා බවත්, ඒ සඳහා දෙමව්පියන්ගෙන් කිසිදු මුදලක් ලබා නොගන්නා බවත් පැවසීය.

Read More

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව නිකුත් කොට ඇති මගපෙන්වීම් අනුගමනය නොකොට ඊයේ දිනයේ ඇති වූ සිදුවීම සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව තරයේ හෙළා දකින බව එම සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 13 දෙනෙකු වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල PCR පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව රෝහල් වෙතින් මුදා හැර ඇත.

Read More

ධරණීය සංවර්ධනය සඳහා වූ හත්වැනි ආසියා පැසිෆික් සංසදය (APFSD) වත්මන් කොවිඩි-19 වසංගත තත්ත්වය හේතුවෙන් ’නව යථාර්ථයන්ට’ අනුගතව ප්‍රථම වතාවට අන්තර්ජාලය ඔස්සේ ‘වර්චුවල්’ රැස්වීමක් ලෙස මැයි 20 වැනිදා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්විණ.

Read More

මැතිවරණ ක්‍රියාදාමය ආරම්භ කළ හැකි බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී තිබෙන බව ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අද (22දා) ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පැවැසීය.

Read More

අපි විශ්වාස කරනවා මහින්ද දේශප්‍රිය මහතා හූල් මහතාව ඉදිරියට දාලා කටයුතු නොකරයි කියලා. ඒ අතරේ හූල් මහතා නිරෝධායන නීති කඩලා තම දියණිය කොමිසමට ගෙනල්ලා මැතිවරණ කඩාකප්පල්කාරී තත්වයක් නිර්මාණය කලා.PCR පරීක්ෂණයට භාජනය වීමෙන් ආසාදිතයෙක් කියලා අනාවණය වුණොත් එය කොමිසමට මහත් ගැටලුවක් වෙයි.

Read More

නාවික හමුදාව වෙනුවෙන් ආධාර රැස්කිරීමට තෙවැනි පාර්ශ්වයක් වෙනුවෙන් අනුමැතියක් ලබාදී නොමැති බව නාවික හමුදාව විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

ඊයේ (21) දිනයේදි ඉතාලියේ නව ආසාදිතයන් 642 ක් කෝවිඩ් 19 මරණ 156 ක් වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ අද (23) දිනය වන විට හඳුනාගෙන සිටින කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සමස්ත සංඛ්‍යාව 118 ක් වන බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් මහතා ප්‍රකාශ කළේය.

Read More

පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනෙයි.

Read More

ඉතාලියේ සිටින අනවසර සංක්‍රමණිකයින් නීතිගත කිරිමේ සුදානමත් සමග විසා බලපත් නොමැතිව සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකටද මෙම නව නීතිය යටතේ විසා ලබා ගැනිමට අවස්ථාවක් හිමිව තිබෙන නමුත් නව ගුවන් බලපතක් ලබා ගැනිම සඳහා විසා බලතට ගෙවිමට තිබෙන මුදලටත් වඩා වැඩි මුදලක් ගෙවිමට සිදුවිමෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි ශ්‍රී ලාංකිකයන් පවසති.

Read More

මැයි 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී.

Read More

කොවිඩ් -19 පැතිරීම අවම කිරීම සඳහා වූ පියවර අනුව, සිංගප්පූරුව අපරාධ කාරණා පිළිබඳ නඩු ඇතුළුව නඩු විභාග දුරස්ථව පැවැත්වීම ආරම්භ කර තිබේ.

Read More

මැයි මස මුලදී සමහර සමාජ දුරස්ථ මාර්ගෝපදේශ ලිහිල් කිරීමෙන් පසුව මෑතකදී මෙක්සිකෝවේ ආසාදිතයන් වැඩිවීමක් අත්විඳින බව කියයි.

Read More

අප්‍රියෙල් මාසයේ අතිකාල කප්පාදු කිරීම හා රෝහල් වෛද්‍ය අධිකාරිතුමිය ඉවත් කිරීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කොටගෙන අද (22) බලපිටිය මූලික රෝහලේ කණිෂ්ඨ කාර්‍ය මණ්ඩලය සිය සේවාවන් දෙපැයක් ඉවත්වී රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ .

Read More

වෙළඳපළට සහල් හිඟයක් ඇති විම වැළැක්විම සඳහා තමන් සතු වි සහ සහල් තොග හිඟයකින් තොරව වෙළඳපලට නිකුත් කිරිමට කටයුතු කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය වෙළදුන්ගෙන් සහ තොග රැස්කරගෙන සිටින පිරිස් වෙත දන්වා සිටියි.

Read More

බෙංගාල බොක්කේ ඇති වූ සුපිරි සුළි කුණාටුව බටහිර බෙංගාලයේ පමණක් දැනට ජීවිත 72ක් බිලිගෙන ඇති බව කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.