මෙරට තුළ හදිසි ප්‍රතිකාර විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් 53 දෙනෙකු මේ වන විට රට හැර ගොස් ඇතැයි කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඉන්දික ලැනරෝල් මහතා ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදෙන දිනයේ ඔහුට සුභ පතන්නට ලංගම බස් රථයකින් බොරැල්ල මැතිවරණ කාර්යාලය අසලට ගිය ඩිපෝ කළමණාකරුවෙකු ඇතුළු හය දෙනෙකු ගේ වැඩ තහනම් කර ඇති බව කළුතර දිස්ත්‍රික් ලංගම ප්‍රාදේශීය කාර්යාලය සදහන් කරයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ - මෙතුමාට මම දැන් කිව්වා මම තනියෙන් කාමරයක විභාගය ලිව්වා කියලා ඔප්පු කළොත් මම අයින් වෙනවා. එහෙම නැතිනම් ඔබතුමා අයින් වෙන්න. අමාත්‍ය වසන්ත සමරසිංහ - එතුමා අද කියනවා තනියම නෙවෙයි හිටියේ කියලා. එතුමා විභාගය ලියපු තැන හිටිය අනිත් එක්කෙනා කවුද කියලා කියන්න ඕනි පරීක්ෂණ කරද්දි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ - මෙතුමන්ලා ආවේ අලුත් සංස්කෘතියක් හදනවා කියලා. ඒ
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
Read Moreනීතිවිරෝධී මත්පැන් භාවිතය සඳහා යොමුව ඇති පිරිස් ඉන් ගලවා ගැනීම වෙනුවෙන් ලබන වසරේ මුල් කාර්තුව වන විට ඔවුන්ට දැරිය හැකි මුදලකට ප්‍රමිතියෙන් යුතු මත්පැන් බෝතලයක් වෙළඳපොළට හදුන්වා දීමට කටයුතු කරන බව සුරා බදු කොමසාරිස් උදය කුමාර මහතා පැවැසීය.
Read Moreරජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කර තිබේ.
Read Moreයාපනය දිස්ත්‍රික්කය තුළ පැතිරුණු මී උණ රෝගය වව්නියාව දිස්ත්‍රික්කයටද පැතිර ඇති අතර මේ වන විට මී උණ රෝගීන් 99 ක් දක්වා ඉහල ගොස් ඇතැයි උතුරු පලාත් සෞඛ්‍ය ලේකම් කේ.ඒ. කේදීස්වරන් මහතා නිවේදනයක් මගින් පෙන්වා දෙයි.
Read Moreමාලිමා පොහොට්ටු අතර ඇවිලෙන්න ඇවිලලෙන්න ගිය ගුටිකෙලිය සමතයකට පත්වෙයි.... නඩු තීන්දුවක් ලැබෙන තුරු මහ සභාව පිහිටුවන්නෙ නෑ...
Read Moreහිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නමින් බැංකු දෙකක පවත්වාගෙන යන ස්ථාවර හා ජංගම ගිණුම් දෙකක ඇති රුපියල් ලක්ෂ 200කට අධික මුදලක් ලබා ගැනීම හා අන් අයට පැවරීම වළක්වාලමින් අල්ලස් කොමිෂසම දින හතක කාලයක් සඳහා අදාළ බැංකු දෙකට හනම් නියෝග නිකුත් කොට ඇත.
Read Moreමන්දක් අටවා කදුකර කොටියෙකු ඝාතනය කර කදුකර කොටියාගේ හිස සහ පාද හතර කපාගෙන ගොස් ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පැවසිය.
Read Moreඋපයන විට ගෙවන බද්දේ අවම සීමාව වූ රුපියල් 100000 සිට රුපියල් 150000ක් දක්වා ඉහළ දැමීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැති සාකච්ඡාවලදී එකඟ වූ බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
Read Moreතම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කරුණු කාරණා අසත්‍ය බව ඔප්පු කළ හොත් තමන් විපක්ෂනායක ධුරයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත් වන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට සඳහන් කළේය.
Read Moreතම පඩිය හා දීමනා දෙගුණයකින් වැඩි කරගෙන ඇති බවට ඇතැම් මාධ්‍ය පළකළ වාර්තා අසත්‍ය බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති එස්. රාජකරුණා මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreසමගි ජන බලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිතු මන්ත්‍රීවරයෙකු ලෙස මොහොමඩ් නිසාම් කාරියප්පර් මහතා දසවැනි පාර්ලිමේන්තුවේ නව මන්ත්‍රීවරයෙකු ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද (18දා) දිවුරුම් දුන්නේය.
Read Moreකිසිදු ආකාරයකට රට පාවාදෙන කිසිදු ගිවිසුමක් වත්මන් ආණ්ඩුව ඉන්දියාව සමග අත්සන් කර නොමැති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
Read Moreපෞද්ගලික පරිහරණය සඳහා මෝටර් රථ ආනයනය ලබන පෙබරවාරි පළවෙනිදා සිට ක්‍රියාත්මක කරන්නට යොජනා කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ( 18) පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreශ්‍රි ලංකාව හා ඉන්දියාව අතර ක්‍රියාත්මක කිරිමට යෝජිත අර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (ETCA) ඉදිරියට ගෙන යාමට ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දිය සංචාරයේදි තීරණය කිරිම සම්බන්ධයෙන් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජනපති අනුර කුමාර දිසානායක මහතාව අගයා තිබේ.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියේය.
Read Moreලංකා විදුලි බල මන්ඩලය විසින් 2025 වර්ෂය සඳහා යෝජනා කර ඇති වීදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසාන තීරණය මහජන අදහස් විමසීමකින් පසුව ලබන වසරේ ජනවාරි 17 දින ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කරයි.
Read Moreදුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන, කොතලාවලපුර දුම්රිය නිවාස 546 සඳහා එම නිවාසවල පදිංචි එක් නිලධාරියකුගෙන් ජලබිල්පත් වෙනුවෙන් මසකට රුපියල් 05ක මුදලක් අයකිරිම නිසා ඉකුත් වසර තුන තුළ (2021 පෙබරවාරි 06 සිට 2023 දෙසැම්බර් 31 දක්වා) ජලබිල්පත් ලෙස රුපියල් නවකෝටි විසිතුන්ලක්ෂ අනූඅටදහස් පන්සිය තිස්දෙකක (92,398,532 ) මුදලක් දෙපාර්තමේන්තුව විසින් දරා ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
Read More2024 වසරේ තෙවැනි කාර්තුවේදී (ජූලි 01 සිට සැප්තැම්බර් 30 දක්වා) මෙරට දළ දේශීය නිෂ්පාදිතය (GDP) රුපියල් මිලියන 3,151,941ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව මෙය 2023 වසරේ තෙවැනි කාර්තුවට සාපේක්ෂව සියයට 5.5ක ධනාත්මක වර්ධනයක් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය තුන් දින ඉන්දීය සංචාරය නිමා කර 12/17 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය.
Read Moreචීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ (CPPCC) ජාතික කමිටුවේ උප සභාපතිනි, Qin Boyong මහත්මිය දෙසැම්බර් 17 වැනිදා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
Read Moreපොලිස් කොස්තාපල් තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුර දක්වා සේවය කරන පිරිස්වලට උසස් වීම් ලබා දීමේ ප්‍රමාදය නිසා නිලධාරීන් 8197කට දැඩි අසාධාරණයක් සිදුව තිබේ.
Read Moreමහනුවර ශ්‍රී ලංගම ප්‍රාදේශිකයට අයත් ඩිපෝ 07ක බස් රථ 25ක් රියදුරු කොන්දොස්තර හිගය හේතුවෙන් ධාවනයෙන් ඉවත් කිරීමට සිදුව තිබෙන බව එහි මහනුවර ප්‍රාදේශීය කළමනාකාර ප්‍රසන්න දෙල්ලංග මහතා පවසයි.
Read Moreපිස්තෝලයක හැඩය ගත් පින්ක් සැෆයාර් වර්ගයේ මැණික් ගලක් රත්නපුර ඇලපාත ප්‍රදේශයේ මැණික් පතලකින් හමුවී ඇති අතර, එය රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුට අයත් පුද්ගලික කෞතුකාගාරයක ප්‍රදර්ශනයට තබා තිබේ.
Read Moreජනාධිපතිවරුන් 04 දෙනෙකු යටතේ ජනාධිපති අරමුදලෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ඖෂධ ලබා ගැනීමට ආධාර ලෙස ලබා දී ඇති බවත්, ඇතැම් මන්ත්‍රීවරුන් රුපියල් ලක්ෂ 300ක් වැනි විශාල මුදලක් මෙම අරමුදලින් ලබා ගෙන ඇති බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Read Moreවිදේශ රටවලින් සහල් ගෙන්වීමට ලබා දී තිබෙන කාලය මේ මස 20වන දින රාත්‍රී 12.00න් අවසන් වන බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කුමන වෘත්තියක් නියෝජනය කළද, පාර්ලිමේන්තුව තුළ හැඳින්වීමේදී ආචාර්ය, වෛද්‍ය වැනි එම වෘත්තීන් අනුව හැඳින්වීම ඉදිරියේදී නොකරන ලෙස යෝජනාවක් ඉදිරිපත් කරන බව සර්වජන බලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පැවසීය.
Read Moreඅමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළ පරිදිම තම අධ්‍යාපන සුදුසුකම් හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
Read More