ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(11දා) පස්වරුවේ බර්ලින් හි වොල්ඩොෆ් ඇස්ටෝරියා (Waldorf Astoria) හෝටලයේ දී ජර්මානු විදේශ අමාත්‍ය ජොහාන් වඩෆුල් (Dr. Johann Wadephul ) මහතා හමු වී සාකච්ඡා පවත්වා තිබේ.
රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු දෙරටේ සහයෝගීතාව පුළුල් කෙරෙන නව මාර්ග පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.