saravita-anim2

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 8825 hours ago

LATEST

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සේවාදායකයින්ට පැමිණිම තාවකාලිකව අත්හිටුවයි

calendar_today 2020 ඔක් 13 - 15:08 remove_red_eye - 266  

පවතින කොවිඩ් -19 තත්ත්වය හේතුවෙන් කිසිදු විශ්‍රාමිකයෙක් නැවත දැනුම් දෙනතුරු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් වළකින ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

දේශීයව නිෂ්පාදනය කරන තෙක් හඳුන්කූරු නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍යයක් වශයෙන් යොදා ගන්නා විශේෂිත උණ බට කූරු නියමිත ප්‍රමිතියෙන් යුතුව අවශ්‍ය ප්‍රමාණය විදේශ රටවලින් ආනයනය කිරීමට සහ එලෙස ආනයනය කරනු ලබන උණ බට කූරු සඳහා බදු සහනයක් ලබා දීමට එමඟින් යෝජනා කර ඇත.

Read More

මෙහි තරග 23 මහනුවර පල්ලෙකැලේ පිටියේ හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගණයේදි පැවැත්විමට නියමිතව තිබේ.

Read More

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක සහන ණයක් ලබාගැනීමට චීන මූල්‍ය ආයතනයකින් ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශය කළ ඉල්ලීම සම්බන්ධයෙන් තවමත් අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බව චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.

Read More

රඹුක්කන ,පින්නවල එළිමහන් සත්වෝද්‍යාන සහ පින්නවල අලි අනාථාගාරය තාවකාලිකව සංචාරකයින්ට වසා දැමිමට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තිරණය කර තිබේ.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 11 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

කොවිඩ් නිසා සිය රැකියාව අහිමිවීම ඇතුළු විවිධ ගැටලු හේතුවෙන් උන්හිටි තැන් අහිමිවූ ලාංකිකයන් පිරිසක ඩුබායි හි සැට්වා උද්‍යානයේ රැඳී සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධව තවත් 49කට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

(UPDATE) වරෙන්තුවක් නොමැතිව පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බද්යුදීන් මහතා අත්අඩංගුවට ගත හැකි බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සඳහන් කර ඇති බැවින් නීතිය අනුව ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා පොලීසියට උපදෙස් දුන් බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරීනි, රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවැසුවාය.

Read More

සියලු විශ්ව විද්‍යාල සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කළ හැකි නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමියෝ පවසති.

Read More

මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේසිවුමහල් ගොඩනැගිල්ලක් කඩා වැටීතරුණ අඹු සැමි යුවලක් සහ මාස එක හමාරක් වයසැති කුඩා බිළිඳෙකු මියයාමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවු රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි අනුර ලෙව්කේ නමැති හිටපු බස්නායක නිලමේ වරයා (13) මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නැවතත් මේ මස 27 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා නියෝග කළේය .

Read More

රත්මලානේ පිහිටි ලංකා බැංකු ශාඛාව මේ වන විට තාවකාලිකව වසා දමා ඇති බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

Read More

පාකිස්තාන - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ තීරු බදු සහන සහිතව බාස්මතී සහල් මෙට්‍රික් ටොන් 6000ක් පාකිස්තානයේ ආනයනය කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි මධ්‍යම ප්‍රාන්තික පවුල් වෙනුවෙන් ඉදිකිරීමට යෝජිත මහල් නිවාස 5,000 ඉදිකිරීමේ මුලික කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරනු ලබයි.

Read More

රු.25,000 ක අල්ලස් මුදලක් ඉල්ලා එය ලබැගැනිමේදි සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නියෝජ්‍ය සමාන්‍ය අධිකාරිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

බ්‍රැන්ඩික්ස් කොල්ලුපිටිය පිහිටි ප්‍රධාන කාර්යාලයේ 07 දෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බවට තහවුරු වෙයි.

Read More

පින්නවලදී නිරෝධානයට ලක්වෙමින් සිටි මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොවිඩ් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් අතරින් 19කට කොවිඩ් ආසාදනය වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ පවතින අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස බහු මහල් රථ ගාල් ඉදිකිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ලාංකීය විදුලිබල ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බව, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මතෙරි මහතා පවසයි.

Read More

2021 වසරේ පෙබරවාරි 04 දාට යෙදෙන ශ්‍රී ලංකාවේ 71වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකිරිම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුතු අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර තිබේ.

Read More

ඉතාලියේ රෝම් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩලයට සිදුකල PCR පරික්ෂණ සෘණාත්මක බව රෝම් තනාපති කාර්යාලය පවසයි

Read More

චීනයේ ඉහළ පෙලේ දූත පිරිස නිරෝධායනය ක්‍රියාවලියට යොමුවීමකින් තොවර ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍ය ප්‍රශ්න කරනු ලැබීය.

Read More

අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා සියයට 100ක් රජය සතු සමාගමක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

රජය මගින් උඩරට වතුකරයේ ඉඳි කිරීමට යෝජිත නව විශ්ව විද්‍යාලය ස්ථාපිත කිරීමට සැලැසුම් කොට ඇති හැටන්, කොටගල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා ඊයේ (12) නියලිණි.

Read More

කොරෝනා ආසාදිත වු පුද්ගලයින් කිහිප දෙනෙකු සංචාරය කිරිම හේතුවෙන් බොරැල්ල නගරයේ වෙළෙඳසැල් 6ක් තාවකාලිකව වසා දමා ඇති බව මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

Read More

හදිසියේ අසනීපවීමෙන් පසුව මෙම 21 හැවැරිදි තරුණයා පෙරේරදා රාත්‍රී රාගම රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව මියගොස් තිබේ.

Read More

කඳාන විදුලි පුද්ලික සමාගමේ සේවය කරමින් සිටිය දී කොරෝනා ආසාදනය වූ බවට තහවුරු කරගත් ගාල්ලේ පදිංචි පුද්ගලයා සති අන්තයේ තම නිවසට පැමිණෙද්දී පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කර ඇති බැවින් එම බස් රථවල ගමන්ගත් පුද්ගලයන් ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ තම කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවට හෝ පැමිණෙන ලෙස ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉල්ලා සිටියි.

Read More

පවතින තත්ත්වයක් සමඟ විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්විමට තිබු ආයතනික විභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

Read More

අද සිට දින තුනක් ඇතුළත සියලුම පුද්ගලික හා රාජ්‍ය ආයතන සිය සේවක සේවිකාන්වට අදාළ සියලුම තොරතුරු යාවත්කාලීන කර ගන්නා ලෙසට ඉල්ලීමක් කරන බව නියෝජ්‍ය පොලිසපති අජිත් රෝහණ මහතා පැවැසීය

Read More

පොලිස් නිලධාරීන් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් හදිසි අවශ්‍යතාවයකට යැයි පවසා ඊෂි කෑස් ක්‍රමයට එම නිලධාරීන් රාජකාරී කරනු ලබන ප්‍ර දේශවල ව්‍යාපාරිකයන්ගෙන් ඊෂි කෑෂ් ක්‍රමයට මුදල් බැර කර ගැනීමේ සිද්ධීන් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.