saravita-anim2

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 8821 hours ago

LATEST

තවත් 29 දෙනෙකුට පූර්ණ සුවය

calendar_today 2020 ඔක් 14 - 13:50 remove_red_eye - 310  

කෝවිඩ් ආසාදනය වූ තවත් පුද්ගලයින් 29 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

ජාතීන් අනුව ඉඩම් මායිම් වෙන් කිරීම වත්මන් රජයේ මෙන්ම තමාගේද ප්‍රතිපත්තිය නොවන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවේ අවධාරණය කළාය. සිංහල, දමිළ හෝ මුස්ලිම් යනුවෙන් ඉඩම් වෙන් කිරීමක් සිදුව නොමැති බව පෙන්වා දුන් ආණ්ඩුකාරවරිය මෙහිදි අවධාරණය කළේ දේශපාලන අරමුණු වෙනුවෙන් එවැනි වෙන් කිරීම් සිදු කිරිමට උත්සහ නොකරන ලෙසය.

Read More

ගලගෙදර පොලිස් බල ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයෙකු වාර්තා වීමත් සමඟ ගලගෙදර ප්‍රදේශයේ ගම්මාන දෙකක් සඳහා පනවා ඇති සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි.

Read More

වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොටිඨාසයට අයත් ප්‍රදේශ 4 ක පුද්ගලයින් 18 කට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණි ඒ.ඇසුන්ටා මහත්මිය පවසයි.

Read More

මිහින්තලේ පොලිස් වසමේ අඹතලාගම ප්‍රදේශයේදී පුද්ගලයකු ඊයේ (13දා) සවස සිය අනියම් බිරිඳ, ඝාතනය කර ගෙල වැලලා ගෙන මිය ගොස් ඇතැයි මිහින්තලේ පොලීසිය පවසයි.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති නිර්දේශයන්ට අනුකූලව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හොරණ අපනයන සැකසුම් කලාපය ට අයත් සියලුම කර්මාන්ත ශාලාවල අහඹු ලෙස තෝරාගත් සේවක සේවිකාවන් සඳහා පි සි ආර් පරීක්ෂණ සිදු කිරීම 14 දින සිදු කළ බව හොරණ ආයෝජන පවා ප්‍රවර්ධන කලාපයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුජිත් කුමාර මහතා පැවසීය .

Read More

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සංකල්පයකට අනුව දියත් කරනු ලබන ‘තුරු මිතුරු - නව රටක්’ හරිත ව්‍යාපෘතියට සමගාමීව පුරන් වූ කුඹුරු අස්වද්දා ලබාගත් සහල් තොග සහනදායි මිල ගණන් යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් අතර බෙදාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව යුද හමුදා මාධ්‍ය අංශය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ඛනිජ ආශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධනය පිණිස තාක්ෂණ දැනුම සහ සහයෝගය ලබා දීමට තම රජය සූදානම් බව මෙරට ඉරාන තානාපති හෂීම් අෂ්ජසාඬේ මහතා පවසයි

Read More

රත්මලාන බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා ආසාදිතයකු ප්‍රතිකාර ලබාගත් බව කියන කිරිවත්තුඩුව ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයකට මුද්‍රා තබා එහි වෛද්‍යවරයා ඇතුළු තිදෙනෙකු (13) දා ස්වයං නිරෝධායනය ට ලක් කළ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .

Read More

තම සේවකයන් දෙදෙනෙක් සම්බනධයෙන් පෞද්ගලික රෝහලකින් කළ පී.සී.ආර්. පරික්ෂණ දෙකක් ඔවුන් කොවිඩ් ධනාත්මක බවට මුලින් ලබාදුන් වාර්තාව අත්වැරදීමක් බව එම රෝහල පැවැසූ බවට සියැට් කැළණි හෝල්ඩිංග්ස් නිවේදනය කරයි.

Read More

ගලගෙදර පොලිස් වසමේ දෙහිඅංග ප්‍රදේශයෙන්හමුවූ කොවිඩ් 19 ආසාදිතයා ඉකුත්දා ශිෂ්‍යත්ව විභාගය පැවති දිනයේ කටුගස්තොට ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක් අසල ගැවසී ඇති බවට තොරතුරු හෙළි වීමත් සමඟ එම බාලිකා විදුහල සම්පූර්ණයෙන් විසබීජහරණය කිරීමට අද(14) ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තේ ය .

Read More

කොළඹ ජාතික රෝහලේ සේවය කරනු ලබන හෙද නිලධාරිනියකට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරු වී ඇති බවට වාර්තා වෙයි.

Read More

බලංගොඩ පින්නවල ප්‍රදේශයේ වතුයායක දලු නෙලමින් සිටි කාන්තාවන් දෙදෙනෙක් ගසකට යටවීමෙන් මියගොස් ඇති බව පින්නවල පොලීසිය කියයි.

Read More

ඇඳිරි නීතිය පවතින ප්‍ර දේශවලින් මෙන්ම ඇඳිරි නීතිය නොමැති ප්‍ර දේශවලින්ද කොවිඩ් ආසාදිතයන් වාර්තා වන බව ඔහු සඳහන් කළේය.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වි ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.

Read More

කහපොල සිළුමිණි පිරිවෙනේ හිමිවරුන් 69 දෙනෙකු ඇතුළු 84 දෙනකු එම පිරිවෙන තුළම ඊයේ (13දා) රාත්‍රියේ සිට නිරෝධායනය ලක් කළ බව පිළියන්දල පොලීසිය කියයි.

Read More

රට පුරා ව්‍යාප්ත පුද්ගලික සමාගමකට අයත් අවන්හල් ජාලයක බෙන්තොට ශාඛාවට ඉකුත්දා පැමිණ ඇති ගල්කිස්ස ප්‍රදේශයෙන් හමුවී තිබෙන කොවිඩ් ආසාදිතයකු එම බෙන්තොට ගාලු පාරේ අවන්හලට පැමිණ ආහාර පාන ලබා ගෙන ඇති බව සෞඛ්‍ය අංශ හා බෙන්තොට පොලිසිය වෙත ලැබුණු තොරතුරු මත එම අවන්හල ඊයේ සවස සිට වසා දැමීමට කටයුතු කර ඇතැයි බෙන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා බෙන්තොට පොලීසිය සඳහන් කරයි.

Read More

කළුතර දිස්ත්‍රික්කයේ පැලවත්ත ,මතුගම බදුගම,මතුගම යටදොල යන ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයින් 04 දෙනෙකු 13 දා නාගොඩ රෝහලේ දී සිදු කළ පීසීආර් පරීක්ෂණවලින් වාර්තා වී ඇතැයි වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය මල්කා ගුණසිංහ මහත්මිය පැවසුවාය.

Read More

අද (14) දිනය වන විට ත්‍රිවිද හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 84ක් තුළ පුද්ගලයින් 9,905 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව ත්‍රිවිද හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

මුහුණු ආවරණ පැළදීම. අත් පිරිසිදු කිරිම, සමාජ දුරස්ථභාවය තබා ගැනීම, රෝග ලක්ෂණ අණාවරනය කළ යුතු බවත් ඔහු සඳහන් සඳහන් කළේය.

Read More

සිසුන් 49ක් සහ වැඩිහිටියන් 32ක් ඇතුළුව 81 දෙනෙකුගෙන් යුතු ආගන්තුකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී ඇත්තේ, අත්‍යවශ්‍ය නොවන රැස්වීම් 50 දෙනෙකුට හෝ 50%කට වඩා අඩු ධාරිතාවකට සීමා කළ පසුබිමකය.

Read More

නුවරඑළිය, මහනුවර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මි.මී 75 පමණ තරමක් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පවුලේ කුඩා සාද හා හමුවීම් එක්සත් ජනපදය පුරා කොවිඩ්-19 වෛරසය පැතිරීමේ ප්‍රබල සාධකයක් බවට පත්වෙමින් ඇති බව එරට රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ (සීඩීසී) අධ්‍යක්ෂවරයා පවසයි.

Read More

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැලවත්ත පදිංචි හෙදියකට නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් එම් රන්ජන් ප්‍රියශාන්ත පෙරේරා මහතා පැවසීය.

Read More

පොලිස් ඇඳිරි නීතිය කඩ කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 135ක් බව පොලිසය පවසයි.

Read More

කියු හෙල්ත් හි ක්ෂණික පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලය මිනිත්තු 20ක පමණ කාලයක් තුළ ලබාදෙන අතර, එය දින කිහිපයක් විද්‍යාගාර පරීක්ෂණ මගින් ලබාදෙන ආකාරයේ නිරවද්‍යතාවයෙන් යුතු බව සඳහන් වෙයි.

Read More

පරීක්ෂණ ප්‍රතිඵල මේ වනවිටත් මිලියන දෙකකට වඩා ලබා දී ඇති අතර, නව ධනාත්මක සිද්ධීන් කිසිවක් වාර්තා වී නොමැති බව කිංඩාඕ නාගරික සෞඛ්‍ය කොමිසම පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,085,000ක සීමාවට පැමිණ ඇති අතර, වසංගතය හේතුවෙන් ලොව පුරා මිලියන ගණනක් දරිද්‍රතාවයට ඇද දමා ඇති බව එක්සත් ජාතීන් පවසයි.

Read More

රාමඤ්ඤ නිකායේ භික්ෂූන් වහන්සේ දේශපාලනය කිරීම අයෝග්‍ය බව එම නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියෝ පවසති. විශේෂයෙන්ම රජය සම්බන්ධ කටයුතුවලදී භික්ෂූන් වහන්සේ මනා අවබෝධයක් ඇතිව කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ පවසති.

Read More

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය තුළ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වූ පළමු කාන්තා නිලධාරිනිය ලෙස බිම්ෂානි ජාසිංආරච්චි මහත්මිය ඉතිහාසයට එක්වූවාය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.